මොණරාගල දනකිරියේ විදුලි යෝජනා ක්‍රමයටද මහ ඇමැති තමාට කළීන් මුල්ගත් තැබු බවත් විවෘත කිරීමේ උත්සවය සදුදාට යොදා තිබියදී එයද තමාට කළින් විවෘත කැර ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය එසැණ සමඟ පැවසුවාය.
මෙම විදුලි යෝජනා ක්‍රමයට මුදල් වෙන් කළේ මගේ විමධ්‍යගත යෝජනා යටතේ මා එය සදුදා විවෘත කරනවා.
ඇමැතිවරිය මෙසේද පැවසුවාය
විවෘත කිරීම වෙද්දි විදුලි යෝජනා ක්‍රමයේ වැඩ ඉවර වෙලා තිබුණෙත් නැහැ. තව දෙයක් ඔය යෝජනා ක්‍රමය මුල්ගල තියන්න දින නියම කර තියෙද්දී ප්‍රධාන ඇමැතිවරයා ගිහිල්ලා මටත් නොකියා මුල්ගල තිබ්බා. මොනරාගල ආසන සංවිධායකවරිය මමයි.
දේශපාලන සම්ප්‍රදාය තමයි සංවර්ධන යෝජනාවක් කළ පුද්ගලයා අනෙකුත් මැති ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ටත් එය විවෘත කිරීම ගැන දැනුම් දීම. ඉතිං මම ඒ විදියට දැනුම් දී තිබියදියි මේ විවෘත කිරීම මටත් නොකියා ගොස් කරලා තියෙන්නේ. කොහොම වුණත් අපි කලින් යොදාගත් පරිදි මේ විදුලි යෝජනා ක්‍රමය විවෘත කරනවා. ඒ සදහා ප්‍රධාන ඇමැතිතුමාටත් මම ආරාධනා යවා තිබෙනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු විවෘත කලත් මෙකද සේවය වෙන්නේ මිනිසුන්ටනේ (නදී)
අපි දන්න විදියට මහා ඇමති මිලියන 700 විදුලියට සල්ලි දි තියෙනවා. මේ වගේ ආරවුල් ඇති කරගන්න හොද නැහැ මහා ඇමති ජනාධිපති ගේ පෞද්ගලික ලේකම් හොදේ (නදී)
වැඩේ කැතයි හොදේ (නදී)
විදුලිය සවිකළා නම් සෝබන මොකටද මිනිසුන්ට දෙන්න? සංවර්ධිත රටවල මෙවන් උදවිය නැත. (නි)
අනේ ඉතින් ඔය වෙන්කළේ ඉඩකඩම් විකුණලා ගත්ත මුදලක් නෙමෙයිනේ. ජනතාවගෙන්ම ගත් සල්ලි නේද? තව සැරයක් ඕක විවෘත කරන්ඩ මහජන මුදල් නාස්ති කරන්නේ මොකටද? (නි)
ඇයි අපි මේ අයට ඡන්දෙ දුන්නෙ...? (නි)
මාරයි...නේ ..අනුන් විවෘත කොරපුවා කව්ද බාර ගන්නේ ..ඉබ්බෝ තමයි..(නදී)
මේ ඇත්තන් බහුතරයකගේ බලාපොරොත්තුව වෙන දෙයක් කියලයි අපිට හිතෙන්නේ (නි)
මණ්ඩලේ කචල් (නදී)
ඕවා කියන්න ගිහිල්ලා උදහසට ලක්වෙලා අර කවුද කළා වගේ වැඳ වැටිලා සමාව ගන්න වෙයි. ඒ හින්දා කට පරිස්සම් කරගන්න (නි)
නෝනලා ඔය විදිහම තමයි. (නි)
දුක හිතිලා වගේ වැඩේට,මේ වැඩේට මට නම් පවූ කියල හිතෙනවා.(නදී)
තමන්ගේ වැඩක් බලාගන්න එක තමයි හොදම වැඩේ (නි)
ලජ්ජා නැති මහ ඇමති කෙනෙක් .(දිල්)
"මගේ විමධ්‍යගත යෝජනා " අනේ මන්දා....? (නි)
අර හැදී මිටේ දිගයි කියන කතාව ගැන ටිකක් හිතලා බලන්න වෙනවා (නි)
කොහොමත් මැති ඇමති වරු බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ ලජ්ජා නැති අය මෙනි . මෙය පමණක් නොව බොහෝ දෙනෙක් . සේම දෙනාගේම නම ලියන්න ලංකාදීපයේ පිටුවක් මදි වනවා (නදී)
ඇමති තුමියට ලකුණු දාගන්න බැරි වෙලා ....මොනවා කරන්නද ..අන්තිමට කරුමය ජනතාවට (නදී)
මොණරාගල අද ඔය ලෙසට ඇත්තේ මහා ඇමති නිසා යැයි මම කියමි. මැඩම් හොදයි. නමුත් වටේ ඉන්නා සමහර අය හොද නැත (නි)
ඊළඟට තියෙන්නේ පළාත් සභා මතිවරණේනේ ඇමැතිතුමී. (ත)
සුමේදා, මේ අවනඩුව එයාට කියලත් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඕක අත්හැරලා දාන එක තමා හොදම දේ (නි)
අපේ ගෙදරත් ඔය දේමයි වෙන්නේ; මම බත් උයන කල් ඉදලා අපේ මහත්තයා ඉස්සෙල්ලම කන්නේ. (නදී)
එහෙම හරි ඔය ඇමතිතුමී ගමේ එන එක ලොකු දෙයක්. ඡන්දෙ අරන් ගිය ගියාමයි කොළඹටම උනා එන්නෙත් නෑ . ජල ප්‍රශ්නෙකුත් තියනවා මේ දිනවල මෙහේ .ජල යෝජනා ක්‍රමයකට මුල් ගලක් වත් තියල යන්න .විවෘත කරපුවා ආයේ විවෘත කරන්නේ නැතුව. (නදී)
මහ ඇමතිකම හෝ ඇමතිකම නෙමෙයි මහජනතාවට අවශ්‍ය සේවයයි. (නදී)
ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සංවර්ධන යෝජනා ක්‍රම ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව තමයි එකම පක්ෂයේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල. මහජනතාවට මහා ඇමතිද අසන සංවිධායකද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ යටිතල පහසුකම්. මේ වගේ දේශපාලකයන් ලැජ්ජා වියයුතුයි ජනතාව ඉස්සරහ මේවා කියන එකට. (නදී)
අනේ නෝනේ , කවුරු කොලාම මොකද යහපත ජහමනයටනේ , අනික ඉතින් ඕවට ගිය වියදම නෝනගේ අතින් ගියාද මහා ඇමතිගේ අතින් ගියාද ? නැහැනේ ඕව මහජන මුදල් ගණන් ගන්න එපෝ (නදී)
මහා ඇමතිලාට, සභාපතිලාට, මැති ඇමති වරුන්ට ,වැරදි කරන්නන ලයිසන් තියෙනවා. ඇමති තුමිය ඒ බව දන්නේ නැහැ වගෙයි? (නදී)