‘‘මම මෙහෙ ඉන්න මහ ඇමතිවරයා වුනත් මට මෙතන තීන්දුවක් ගන්න බැහැ. ඒ බව මෙතන ඉන්න හැමෝම තේරුම් ගන්න ඕනෑ. මට මෙතනට ඇවිත් මේක වහනවා කියලා යන්නත් බැහැ අරිනවා කියලා යන්නත් බැහැ. ඒක ජනාධිපති ගන්න තීන්දුවක් ‘‘ යැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අද සවස රතුපස්වලදී ගැමියන් හමුවේ පැවසුවේය.
රතුපස්වල ජල ගැටළුව පවතින ගම්මානවල ගැමියෝ ඔවුන්ගේ ජල ගැටළුව පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයාට මීට පෙර අවස්ථා කිහිපයකදී දුන් දැනුම් දීම් වලට ඔහු අද රතුපස්වල පැමිණියේය.
ගැමියෝ තුන්දහසකට අධික පිරිසක් එහි රැස්ව සිටි අතර සාකච්ඡාව මදක් උනුසුම් ස්වරූපයක් ගත්තේය.
යම් යම් කණ්ඩායම් එක්ව කම්හල යළි විවෘත කිරීමට සැරසෙතියිද, විවද පුද්ගලයන් ගම දෙකඩ කිරීමට ක‍්‍රියා කරමින් රාත‍්‍රියේ ගෙවල් වලට පැමිණ විවිධ යෝජනා කරන බවටද චෝදනා කරමින් ගැමියෝ ප‍්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේ තදින් විරෝධය පෑහ.
එම අවස්ථාවේ ප‍්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ගැමියන් රැසක් සිටින බැවින් මේ විදිහට සාකච්ඡාවත් තැබීම ප‍්‍රායෝගිකව අමාරු කටයුත්තක් බැවින් ගම නියෝජනය කිරිමට කිහිප දෙනෙක් නම් කරන ලෙසයි.
ගැමියෝ ඊට විරෝධය පල කළ අතර ඔවුන් පැවසුවේ ගැටළුව ඇත්තේ තමන් ලග බැවින් නියෝජිතයින් පත්කිරීම අනවශ්‍ය බවයි.
එම අවස්ථාවේ තරමක් ඝෝෂාකාරී තත්වයක් ඇති විය.
ඉන්පසු ගැමියෝ පැවසුවේ මාස තුනකට ආසන්න කාලයක් නිසි විසදුමක් නැතුව මේ ප‍්‍රශ්නය ඇදි ඇදී යන බැවින් මේ වන ව්ට ප‍්‍රදේශයේ ජන ජීවිතය කඩා කප්පල් වී ඇති බවයි.
එමෙන්ම සති දෙකකින් පරීක්ෂන වාර්ථා දෙන බවට ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්‍යාලයේදී පොරොන්දු උවද, මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් එම වාර්තා ලබා දීමට රජයේ වගකිවයුතු ආයතන අපොහොසත්ව ඇති බැවින් තමන්ට එම වාර්ථා ගැන කිසිදු විශ්වාසයක් නැති බවත් ඔවුහු කීහ.
කර්මාන්ත ශාලාව නිසා තම ළිං වල ජලය දූෂනය වී තම දරුවන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වී ඇති බවත් පැවසු ගැමියෝ මෙවන් ජනාකීර්ණ ප‍්‍රදේශයක රසායන ද්‍රව්‍ය භාවිතා කරන කම්හලක් තිබිම නිසා ඉදිරියේදි මීටත් වඩා ව්‍යසනයකට ගොදුරු විය හැකි බැවින් මෙය වහා මෙම ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙසද එම ඉවත් කරන දිනය තමන් ලබා දෙක ලෙසද ගැමියේ ප‍්‍රධාන අමාත්‍ය වරයාගෙන් ඉල්ලූහ.
එමෙන්ම සමහර කණ්ඩායම් එක්ව රාත‍්‍රියේදී පවා ගම්මුන්ගේ නිවෙස් වලට ගොස් කම්හල යලි විවෘත කිරීමට පක්ෂව කටයුතු කරන ලෙස බලපෑම් කිරීම නිසා ගම තුළ කණ්ඩායම් දෙකක් ඇති වි භේද භින්න වී යන තත්වයකට පත් කර ඇතැයිද කීහ.
ඊට පිළිතුරු වශයෙක් ප‍්‍රසන්න රණතුංග මහතා පැවසුවේ
‘‘මේකට ජනාධිපති තුමා අතගහලා තියෙන්නේ මම මෙතනට ආවේ එතුමාගේ නියෝජිතයෙක් හැටියට විතරයි. එසේ නැතිනම් මට මෙතනට එන්න කිසිම උවනාවක් නැහැ. ජනාදිපතිතුමා මට කිව්වේ ගමත් එක්ක කතා කරලා අදහස කියන්න කියලා පමණයි.
මම අද සාකච්ඡාවට එන්න කලින් එතුමාගෙන් ඇහුවා මොකක්ද මම ගමේ මිනිස්සුන්ට කියන ස්ථාවරය කියා. එතකොට ජනාධිපති තුමා කිව්වේ මම එදා ස්ථාවරයේම අදත් ඉන්නවා ගිහින් බය නැතුව ඒක කියන්න කියා. ඒ ස්ථාවරයේ ඉඳගෙන තමයි මම අද මේ සාකච්ඡාවට ආවේ.
මෙතනදී මට සිද්ධවෙනවා හැමෝගෙම අදහස් අරගෙන ඒ ගැන ජනාධිපතිට දන්වන්න. මට මෙතනට ඇවිත් මේක වහනවා කියලා යන්නත් බැහැ අරිනවා කියලා යන්නත් බැහැ. ඒක ජනාධිපති ගන්න තීන්දුවක්. අපි රජයක් හැටියට මේ සම්බන්දව ගන්න තීන්දුව ප‍්‍රකාශ කරනවා.
හැමදාම පත්තරේ බැළුවොත් රතුපස්වල ගැන මොකක් හරි තියෙනවා. ජනාධිපති තුමා එදා මේ ගැන යම් තීන්දුවක් දී තිබෙනවා. මේ ප‍්‍රදේශයේ ජලය දූෂනය වීමට කර්මාන්ත ශාලාව සෘජුව බලපා ඇත්නම් වහාම වසා දමන්නත්, එසේ නැතත් ගමේ මිනිස්සු මේක මෙතන තියනවට අකමැති නම් මෙය වෙන තැනකට ගිනියනවා කියලත් විසඳුම් දී තිබෙනවා.
මේ වන විට මේ කර්මාන්ත ශාලාව වෙනත් තැනක ස්ථාපනය කරන්න ඉඩම් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
මේ සිද්ධිය මුල් කරගෙන සමහර පුද්ගලයෝ තමන්ගේ අරමුණු ඉටු කරගන්න හදනවා. ඒ සඳහා ඔයාලව පාවිච්චි කරනවා. ඒ නිසා ප‍්‍රශ්ණයක් ඇතිවෙන විදිහට කතා කරන්න එපා. දැන් මෙතන කණ්ඩායම් කිහිපයක් තියෙනවා. එක කණ්ඩායමක් කර්මාන්ත ශාලාව වහන්ඩ කියනවා. තවත් කණ්ඩායමක් කියනවා කර්මාන්ත ශාලාව අරින්න කියා.
මේ කාරණා ටික අද මම එකතුකරගෙන යනවා. අන්තිමට කර්මාන්ත ශාලාව කියන දෙයත් අහලා මගේ පණිවිඩය මම ජනාධිපතිතුමාට දෙනවා.
ගම්පහ දිසාපති තුමා එන සතියේ පරීක්ෂන වාර්ථාව ජනාධිපතිතුමාට බාර දෙනවා කිව්වා. අපි එක පාරක් රතුපස්වල සිද්ධිය නිසා බැට කාලා ඉන්නේ. අපි තවත් මෙහෙම කෑ ගැහැව්වොත් තවත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා සංසුන්වී කලබල ඇති කර ගන්නේ නැතුව ඉන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මම මෙහෙ ඉන්න මහ ඇමතිවරයා වුනත් මට මෙතන තීන්දුවක් ගන්න බැහැ" එහෙනම් ඉල්ලා අස්වෙන්න. තමාගේ පළාතේ අයට වැඩ කරන්නේ නැතුව කාටද වැඩ කරන්නේ . මේවගේ අයට ඡන්දෙ දෙන අය ටිකක් හිතලා බලන්න (දිල්)
ඔය අපු මහත්තයට ඔය ළිදෙන් බොන්න වතුර ජෝග්ගුවක් දුන්නේ නැත්තේ මොකද එතකොට එයට තේරේවි වෙනස සහ රසය !(දිල්)
සමන් ඔයාගේ කතාව හරියටම හරි ....අපි සිංහලයෝ නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ...... මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි...බස්නාහිර ඡන්දෙ ළගයි ...ගමේ කට්ටිය එකතුවෙලා ඡන්දෙදි තීරණයක් ගන්න . අයෙත් රැවටෙන්න එපා මෙයාලගේ සිනි බෝල කතාවලට.(දිල්)
ලබන පාර ඡන්දෙදි තීරණයක් ගන්න (නි)
මහජන ඡන්දයෙන් බලයට ඇවිත් මහා ජනයාවම පිඩාවට පත්කරන මේ වගේ අය ඊළඟ ආත්මයේදී ඉපදෙන්නේ .වැසිකිලි වලවල්වල ඉන්න පෙරේතයෝ විදිහට.(අ)
මහා ඇමතිකෙනෙක් විදියට කෙලින් තීරණයක් ගන්න පුළුවන් (නි)
ගමේ අය ඉල්ලන්නේ "පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය" කියලා හඳුන්වන දේ. ඒ කියන්නේ මුළු රටේම ජනගහනය, නියෝජිතයන් නොමැතිව, සම්පුර්ණයෙන් පාලනයට හවුල්වීම. එහෙම පාලන ක්‍රමයක් මේ ලෝකයේ කොහෙවත් නම් නැහැ. තුන්දාහක් එක්ක සාකච්ඡා කරන්න පුලුවන්ද? එකම ඝෝෂාවක් විතරක් තියෙයි. මහ ඇමතිතුමා මේ ප්‍රශ්නය විසඳීමේ ප්‍රායෝගික තත්වය පැහැදිලි කරලා තිබෙනවා. ඒකත් පිළිගන්නේ නැහැ වගේ. (නි)
වර්තමාන සංකීර්ණ සමාජ රටාවට සුදුසු පරිපාලන හා ක්‍රමවත් රටාවක් ගොඩ නගන්නට නොහැකි අය බලයට පත් වූ විට මුළු රටේම ක්‍රියා කලාපය අවුල් වී ඇති බව මගේ අවංක අදහසයි. මට නම් පෙනෙන්නේ මුළු සමාජයම නිරයට ඇදගෙන යන මාවතකට අවතිරණ වීගෙන එන බවයි. (නි)
බුද්ධියක් නැති අයට මේ ප්‍රශ්නය වටහා ගන්න බැහැ. ඊට පිළිතුරකුත් නැහැ. මෙතනට අවශ්‍ය යමක් තේරෙන විද්වතුන්. (නි)
ඇයි මෙතුමා එන්නේ? (නි)
තවත් සීගිරියක් දැක්කා රතුපස්වල...කුරුටු ගීයක් ලියන්න හිතුනා.... (නි)
ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරි දේශපාලන අධිකරියන් තවදුරටත් මහජන මුදලින් නඩත්තු කරන එකේ තේරුමක් තිබේද? (නි)
අපි සිංහලයෝ නිසා යි මේ ප්‍රශ්නය මෙච්චර දුර යන්නේ. නැත්නම් සුළු ජාතියක් ජිවත් වන ප්‍රදෙශයකට මෙහෙය දෙයක් වුණා නම් මෙළහකට මෙම කර්මාන්ත ශාලාව ගෙනිහිල්ලා. අනික මේ කර්මාන්ත ශාලාවේ හිමිකර් වෙන්ත ජාතිකය කෙනෙක් වුණා නම් එයා තමන්ගේ ජාතියක ගැන හිතල කර්මාන්ත ශාලාව වහල මෙළහකට ළඟ එන මැතිවරණයේ දී අපි නිවැරදි තීන්දුවක් ගන්න ඔනේ (අ)
ළඟ දී මැතිවරණයක් තියෙන නිසා වෙන්න ඇති යන්න ඇත්තේ නැත්නම් මළගමකටවත් ගියා යෑ (අ)
මෙච්චරකල් කොහෙද හිටියේ? (නි)
එන්නකෝ අපේ පැත්තේ ඡන්දය ඉල්ලන්න... (නි)
පළාත් සභාවේ ජනතාව වෙනුවෙන් යම් තීරණයක් ගන්න නේද එම පළාතේ ජනතාව ඔබතුමාව පත්කර ගත්තේ? (නි)
මම හිතුවේ මහා ඇමති අදම තීන්දුවක් දෙයි කියලා (නි)
අම්මෝ! මහා ඇමතිතුමාත් දැන් මම වගේ වෙලා. (නි)
අර හාමුදුරුවන්ට මොකද වුණේ? (නි)
අපි ලබන පාරත් ඔබතුමන්ලාටමයි. (නි)
මේ ගැන හරිම දුකයි (නි)
5000 ක් පමණ මන්ත්‍රීලා ඉන්න රටේ උත්තරයක් හොයන්න කෙනෙක් නැත (නි)
සල්ලි වලට කෑදර නැති ජනතාවගේ දුක දන්නා කෙනෙකුට තමන්ගේ ඕනෑම දුකක් කියන්න (නි)
දැන් රටේ වැඩ සිද්ධවෙන විදියට ජනාධිපති විතරක් හිටියම ඇති. (නි)
තවමත් තීරණයක් ගන්න බැරිද? (නි)
පෙර සූදානමටත් එක්ක හොදයි (නි)
සමන් කියන දේ හරියට හරි (නි)
කිසිම ප්‍රශ්නයකට සියළු දෙනාම සතුටු කරන විසදුම් ගන්න ලැබෙන්නේ නැහැ. (නි)
මහා ඇමති කියන්නේ ජනාධිපතිතුමා තීරණය කරනවා කියල එතකොට මේ රටට උසාවි සහ නිතිය කුමකටද කියන ගැටලුව මට එනවා (දිල්)
සර්ව බලදාරී විධායක බලය ගැන තමයි මෙතුමා කතා කරන්නේ නිතිය සාධාරණ නම් මෙතුමාට මෙතනට මෙහෙම එන්න වෙන්නේ නැහැ (දිල්)