රාජගිරියේ මැල්වත්තේ පුද්ගලයකුට බැට් පිත්තකින් පහර දුන්නැයි වැලිකඩ පොලිසියට ලද පැමිණිල්ලෙන් තමාට එල්ල කර ඇති චෝදනා අසත්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත.
රණතුංග මහතා එම ලිපියෙන් කියා ඇත්තේ තමාට පෞද්ගලික හෝ නිල නිවසක් රාජගිරිය මැල්වත්තේ නැති බවයි. පැමිණිල්ලේ සඳහන් වේලාවේ තමා ශ්‍රාවස්තියේ පැවැති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ සිටි බවත් රණතුංග මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ. සමෘධි නියාමක තමන්ම ගස් බැඳ ගත්ත වගේ පැමිණිලි කාරයාම තමන්ටම බැට් එකෙන් නෙලා ගත්තද දන්නේ නැහැ. මට බය ඇමති වරුන්ගේ බෝල දැමිල්ල ගැන. (නදී)
අපිට නම් මේක විශ්වාස කරන්නත් බැහැ (නි)
හතර හිනා ..... මගේ ගැනත් පරීක්ෂණයක් කර ගන්න බැරි ද ? (නදී)
මට මතකයි ඒ කාලයේත් අයියලා මල්ලිලා එකතුවෙලා කළ දස්කම් ගැන කතා තිබුණා (නි)
ඔන්න බලන්නකෝ, පරීක්ෂණයෙන් පසු හෙළිවෙයි මේ මනුස්සයා තමන්ටම ගහගත් බව. (නි)
ආණ්ඩුවේ ඇමති කෙනෙක් කිව්වා නම් කොහොමටවත් බොරුවක් වෙන්න බැහැ. (නි)
මහ ඇමතිතුමා මේ පුද්ගලයාට පහර දී තිබෙන්නෙ බැට් එකකින්ද, පිත්තකින්ද, නැත්නම් බැට් පිත්ත කියන වෙනත් ආයුධයකින්ද කියලා හරියටම කිව්වොත් මේ පරීක්‍ෂණය ඉදිරියට ගෙනයන්න පුළුවන් වෙයි නේද? (නි)
පරීක්ෂණ වලට පස්සේ කියාවි "තමා විසින් තමාටම පහරදීගත්තා" කියාලා. (නදී)
අමුතුවෙන් පරීක්ෂණයක් ඉල්ලන්න දෙයක් නැහැ නේද? පොලිසිය මේ ගැන කොහොමත් පරීක්ෂණයක් කරනවානේ. කෙනෙක් පැමිණිල්ලක් කරලා තිබෙනවානේ. (නි)