බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පහර දුන්නේයැයි රාජගිරිය මැල්වත්තේ පුද්ගලයකු පොලිසියට දුන් ප්‍රකාශක අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පහර කෑ බව කියන පුද්ගලයාගේ බිරියගේ හා මහ ඇමැතිගේ ප්‍රකාශවලින් ඒ බව තහවුරු වූ බවත්, සාවාද්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පියසේන නම් පැමිණිලිකරුට තුවාල වූ ආකාරය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා. කවද හරි ඇමතිලා මිනිස්සුන්ට ගහල තියනවද ? ඕනෙම නම් ගහක විහිළුවට බැඳලා දාන එක විතරියි කරන්නේ. අනේ ශාන්තුවරු වගේ කොටසක් අපේ ඇමතිවරු (නදී)
මෙහෙම නොකලොත් පොලිස්කාරයන්ටත් ගෙදර යන්න වෙයි අධිවේගෙ සිද්දිය මතකයිනේ (නදී)
'බොක්ක' හොඳ නමුත් හැම කෙනාටම තමන් කැමති විදියට සහයෝගය පල කරන්න ඉඩ හැරියාම මේ දේවල් වෙනවා. (අ)
හරිම ගුණයහපත්, නීති ගරුක, හොදට හොද ගරු අැමතිතුමාල නොවේ ද ඉන්නේ. ඒ අයට වෙන වැඩ නැද්ද ඔය කිරිකට් පොල්ලෙන් මිනිසුනට ගහන්ඩ (අ)
හැබැව නෙවෙන්නම්, ඔය මනුස්සය බැට් එකක් අරන් තමන්ගේම ඔලුවට ගහගන්නවා කීප දෙනෙක් දැකල තියනවා.(අ)
අපි නම් දන්නවා සිද්ධිය අවසාන වෙන්නේ කොහොමද කියලා. අනේ පව් අහිංසකයා අන්තිමේ ගුටිත් කාලා හිරෙත් යයි (නදී)
පහරකෑ පුද්ගලයා , මහ ඇමතිතුමාගේ නිවසේ සී.සී.ටී.වී කැමරා අක්‍රිය කරන්න ඇති ගුටිකන්නට පෙර.ඒක වෙන්න ඇති කැමරා ගැන සඳහනක් නැත්තේ ! (නි)
නඩු අහලා තීන්දු දීලත් ඉවරයිනේ. එතකොට කවුද ගැහුවේ? (නි)
රජකාලේ පුදුම සහගත විදියට ජලය ගලා බස්නා වාරි මාර්ග හැදුව එක ආදර්ශයට අරගෙනදෝ මන්දා, නුතන කාලෙත් මිටි තැනින්ම ජලය ගලා බසින්න සලස්වා ඇත්තේ? (නි)
එයා කවදාකවත් මෙහෙමයි කියලා බොරුවක් කියන්නේ නැහැ. (නි)
මට අර අධිවේගේ පීසීට වෙච්ච දේ මතක් වුණා (නි)
කැලණියේ එක්කෙනෙක් එයාම ගස් බැඳ ගත්තා. හාමුදුරු කෙනෙක් එයාම කපාගත්තා. මේ වගේ තව කොච්චර නම් දේවල් වුණාද? අපොයි අපේ රටට ගිය කල! (නි)
පහරදී ඇත්තේ හදා ගන්න බලන්න වෙන්න ඇති. (නදී)
මම හිතුවා ඕක වෙයි කියා. (නදී)
අයියෝ පියසේන ? (නදී)
අපේ රටේ දේශපාලුවන් හෝ ඔවුන්ගේ සගයින් කාටවත් ගහන්නේ නැත. හැමවිටම සිදුවන්නේ තමන් විසින් තමාටම ගසා ගැනීමකි. එසේත් නැත්නම් තමාම ගස් බැඳ ගැනීමකි. සිරුරේ තුවාල තිබේ නම් ඒ වැටුණු නිසා මිසක් ගහපු නිසා නොවේය. බැරි වෙලාවත් මිය ගියොත් එය සිය දිවි නසා ගැනීමකි. නැතුව, දේශපාලනඥයන්ගේ කිසිම සම්බන්ධයක් නැත. (නදී)