68 වෙනි ජාතික නිදහස දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මහ ඇමති සී වී විග්නේෂ්වරන් දැඩි සතුට පල කරමින් (05) පළමු වතාවට යාපනයේ පිහිටි නාග විහාරයට ගොස් බුදුන් වැඳ පුද මහා සංඝරත්නය හමු වී සුහද පිළිසඳරක යෙදුනේය.
තමා මීට පෙර සිට නාගවිහාරයට ඒමට සැලසුම් කර සිටියත් ඒමට නොහැකි වූ බවත් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමේ සතුට සංඝරත්නයට පළ කිරීමට කඩිනමින් පැමිණි බවත් විග්නේෂවරන් මහතා ප්‍රකාශ කළේය.
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ගායනා කිරීම සිංහල දෙමළ ජනතාව අතර සැබෑ සමගියක් හා එකමුතුවක් ඇතැයි හැඟී ගියේ යැයි ද පැවසීය.
‘‘සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා කියල කියන්න සතුටුයි’’ උතුරේ මහ ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ ගාලු මුවදොර නිදහස් උළෙල අවසානයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන විට එයට සහභාගී වී සිටි දෙමළ ජාතික සංධානයේ ආර්. සම්බන්ධන් මහතාගේ දෙනෙත සතුටු කඳුලින් පිරී ගිය බව එය දුටුවෝ කියති








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හරිම සතුටුයි (නි)
ලංකාවේ මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා කියන එක මේ අදහස් දාන කාට කාටත් අමතක වෙලා.(කෞ)
හොඳ ආරම්භයක්..! (බ)
ශ්‍රී ලාංකිකයන් අවංකවම සහෝදරත්වය පිළිගැනීම රටේත් ජනතාවගේත් වාසනාවකි. (නි)
සමහර දේවල් අත්දැකීම් වලින් මිනිස්සුන්ගේ හිත්වලට කිඳා බැහැලා තියෙන්නේ.(හේ)
කිසිම දෙයක් අරන් නොඑන අපි කිසිම දෙයක් අරන් යන්නෙත් නැහැ. ගෙනියන්නේ ගුණධර්මත් පින් පව්ත් පමණි. ඉතින් ඉන්න ටිකකාලේ හැමෝම එකට එකමුතුව ඉන්නවා නම් කොච්චර හොඳද (නි)
මෙය ඉතා හොඳ ආදර්ශයක් (නි)
ශ්‍රී ලංකා ජාතික ගීය වෙනුවෙන් විග්නේෂ්වරන් මහතා නාග විහාරයේ මල් පහන් පූජා කිරීමෙන් ලබාගත් පින් වලින් කොටසක් රජයට අත්පත් වේවා !!! (නි)
හොඳ දෙයක් අගය කිරීම යහපත් ගතියක්. නමුත් එක පාර්ශවයකින් හොඳ වැඩක් කළාම විතරක් අනික් පාර්ශවයත් හොඳ දෙයක් කිරීම එකිනෙකා කෙරේ විශ්වාසයක් ඇතිවන දෙයක් හැටියට සළකන්න අමාරුයි. එක පාර්ශවයකින් වරදක් වුණත් ඒක අමතක කර ප්‍රතිපාර්ශවයට යහපතක් කරන තත්වයට සියලුම ජාතීන් පත්වේවා කියා පතමි (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න දක්ෂයා (බ)
ඒ කියන්නේ අපි දෙනවද බලලා තමා මෙයා ආපසු දෙන්නේ. (නි)
බලයට ගත් දිනේ සිට සුළු ජාතින් සහ කොටි හිතවාදීන් සතුටු කල එක තමා කලේ එතින් පන්සල් ගියාට මොකෝ (අ)
ඔබ වැනි අය සමහර සිංහල මැති ඇමතිවරුන්ට ආදර්ශයක්. (නි)
අවශ්‍ය දේ ලැබෙනකොට එහෙම තමයි (නි)
මේ සහෝදරත්වය මීටකලින් තිබුනා නම්... (නි)
ශ්‍රී ලාංකිකයෙක් හැටියට මොහුගේ මේ ප්‍රකාශය ගැන සතුටු වෙන මුත් මොහුද දිය යටින් ගිනි ගෙනියන කොටි ත්‍රස්තයන්ගේ බළල් අතක් බව අප හොදින් මතක තබා ගත යුතුය මන්ද දැනට දින කීපයකට පෙර උතුරට ස්වයං පාලනයක් අවශ්‍ය බව පවසා මාධ්‍ය නිවේදනයක් කළ මොහු සුදු කොඩිය ඉහලට ඔසවාගන අනෙක් අතින් ගිනිඅවි සඟවාගන ජනතාව එදිරියට එන පුත්ගලයෙකි කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඒකීය රජයක් බවත් මේ පාලන ක්‍රමයට එහා ගිය කිසිම පාලන බලයක් උතුරට හෝ අනෙක් පළාත් 8 සදහාත් ලබා නොදෙන බව උතුර හා නැගෙනහිර අළුයට ගිනි සඟවාගන ඉන්න සියලු දෙසපලකයන් හා ත්‍රස්තවාදී සංවිධාන හා සබදකම් පවතින් යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හොර රහසේ වෙරදරන සියලු දෙනාටම අවධාරණය කර සිටිමි ප්‍රබාකරන් වසර 30 කාලයන් නින්දිත ලෙස ශ්‍රී ලාංකීය සිංහලයන් හා අනෙක් සුළු ජාතීන් ඝාතනය කරමින් ගෙන ගිය යුද ක්‍රියා කලාපයෙනුත් ඔහු මුදලට ගත ශ්‍රී ලංකා දෙසපලකයන්ගේ නොමසුරු උපකාරද ඇතිවත් කරගත නොහැකි වූ ඊලාම් රාජ්‍ය සිහිනය ශ්‍රී ලංකාවේ අවසන් සිංහල ජීවත් වනතුරු විනගේශ්වරන් වැනි දෙපැත් නයි දස දහස් ගානක් පැමිණියද ලබා ගත නොහැකිබව හොදින් වටහා ගන දමිල අහිංසක ජනතාව නැවත වරක් අන්ත අසරණ අගාදයකට අද නොදා ඔවුන්ගේ ජීවන තත්ත්වය හොද මගකට ගෙනයාමට කටයුතු කරන්නේ නම් ඔබට දීර්ගයුෂ ලැබෙනු ඇත. එක අතක නවගුණ වලග අනෙක් අතේ ගිනි ඇවිද තබා ගැන ඔබ කටයුතු කරන්නේනම් ඊලග නන්දි කඩාල් කලපුව සිප ගන්නේ ඔබ වන බව හොදින් මතක තබා ගැනීම හොද වන්නේය (අ)
මෙන්න මේ සංහිඳියාව, සහෝදරත්වය සැමදා රැකගන්න හැකි වේවා! (නි)
ඊළඟට මොන වගේ ඉල්ලීමක් ඉල්ලයිද කියා අපි දන්නවා (නි)
ජය වේවා ජනපතිඳුට! (නි)
බලන්න ඉතින් කොච්චර හොඳද? (නි)
ජාතික ගීය දෙමළෙන් ගයන බව මුලින්ම ඇසුණවිට සිංහලයකු වශයෙන් මට දැනුනේ වේදනාවකි. එහෙත් මදක් විවෘතව මම සිතුවෙමි. අප කුඩා කාලයේ පටන් ගාථා කියා ඇතත් එහි නියම අරුත දැනගත් විට පෙරට වඩා හැඟීමක් සිතට නැඟුනාසේම, දමිළ අයත් තම භාෂාවෙන් එකම ජාතික ගීය ගැයීමෙන් ඔවුනුත් ශ්‍රීලාංකික හැඟීමෙන් කටයුතු කරනු ඇති. මෙය මට දැනුනු හැටිය. එය කොතරම් නිවැරදිදැයි යන්න අනාගතය අපට හෙළිකරනු ඇත. (නි)
මහා ඇමතිතුමාගේ ප්‍රකාශය ඉතා වටිනා එකක්. හැමදාම මහා ජාතිය කියලා අපි එයාලව යටත් කරගෙන හිටියොත් වෙන්නේ තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන එක විතරයි. මේක ඉතා හොඳ ප්‍රවණතාවයක්. (නි)
ජාතිවාදය අවුස්සලා තමන්ගේ දේශපාලනය ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරන දේශපාලඥයින් මේවා බලලාවත් හැදෙයි (නි)
මොනවා කළත් සමහරු හදන්න අමාරුයි. පෙනෙන්නේ නැද්ද සමහරුන්ගේ කතා. (නි)
හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)
සතුටුදායක පුවතක් (නි)
ජාතින් අතර සමගිය ඇතිවීම ගොඩක් හොඳයි (නි)
බමුණු ආරච්චිලාගෙ අනාවැකි ඇත්ත වුණ කාලය ඉවරයි. ජාතිවාදය පැත්තක දාලා දැන්වත් මනුස්සයෝ වගේ හැදෙන්න බලන්න. (නි)
හරිම සන්තෝසයි (බ)
ලංකාවේ ඉපදුන සෑම මනුස්සයෙකුටම තමන්ගේ අයිතිය ලැබෙනවා නම් කවුරුවත් අයිතිවාසිකම් ඉල්ලලා ආයුධ අතට ගන්න එකක් නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ යුද්ධයකට (නි)
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා අපි නම් දන්නවා. මොකද ඔය නාගදීපය කොයි කාලේ පටන්ද තියෙන්නේ? මොකද විග්නේශ්වරන් මහත්තයට අදම යන්න හිතුනේ? (නි)
මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා... (නි)
මේ රජය බලයට පත්වූදා සිට ජාතීන් අතර සමගිය වර්ධන වෙලා තියනවා. රටක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕනෑ (නි)
දළදා වහන්සේ වඳින්නේ කවදාද? (නි)
අනේ වාසනාවන්! (නි)
මට නම් පෙන්නනේ මේ ප්‍රතිචාර දැක්කහම මෙයාලා සිංහල කැක්කුමක් තියන අය නම් නෙමෙයි කියලා (නි)
ජනපති ,අගමැති වගේම අපි කාගේත් බලාපොරොත්තු ඉටුවෙයි කියල හිතෙනවා.(කෞ)
එදා සෝම හිමියන් ජාතික ගීය, ජාතික කොඩිය වෙනස් කිරීම පිලිබදව අන්තවාදීන්ට දුන් පිළිතුර දන්නවාද ?... දකුණේ දේශපාලන කුහකයින් ජාතික ගීය දෙමලෙන් ගයද්දී උතුරේ පුනුරුථතාපනයවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ජාතික ගීය සිංහලෙන් නිවැරදිව ගයයි?මොකද උතුරේ අයට ජාතික ගීය සිංහලෙන් ගයන්ට බැරි ...(කෞ)
එතකොට අපේ හමුදාව යාපනය ආක්‍රමණය කරනවා කියන්නේ මොකද.(කෞ)
හොද ප්‍රතිචාරයක් ඔන්න් ඔහොමයි ජනවාර්ගික ගැටලුවේ සංහිදියාව ඇති වෙන්නේ (කෞ)
ඉතා හොඳයි (නි)
දෙමළෙන්ද ගාථා කිව්වේ.(කෞ)
එදා සෝම හිමියන් ජාතික ගීය, ජාතික කොඩිය වෙනස් කිරීම පිලිබදව අන්තවාදීන්ට දුන් පිළිතුර දන්නවාද ?... දකුණේ දේශපාලන කුහකයින් ජාතික ගීය දෙමලෙන් ගයද්දී උතුරේ පුනුරුථතාපනයවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ජාතික ගීය සිංහලෙන් නිවැරදිව ගයයි?මොකද උතුරේ අයට ජාතික ගීය සිංහලෙන් ගයන්ට බැරි ...සමහර සිංහල ගොන් හරක්ට මේක තෙරන්නේ නැ ....(කෞ)
මුගේ පුතා කසාද බන්දලා දීලා තියෙන්නෙත් වාසුගේ දුවටනේ (කෞ)
ඇත්තටම හොඳ දෙයක්. (නි)
මට නම් මෙය හැඟෙන්නේ කපටි ක්‍රියාවක් ලෙසයි (නි)
දෙන් මේවට ඔය බලු සේනාව මොනවා කියය්ද දන්නේ නැහැ(කෞ)
රටට වාසනාවන්ත කාලයක් උදාවේවා! (නි)
තමිල් ඊලම වෙනුවෙන් කරපු පව් කමා කරන්ඩ ,සංසාරේ මදි වෙයි....(කෞ)
මට නම් හරිම සතුටුයි(කෞ)
ජාතිවාදය පැත්තක දාලා දැන්වත් මනුස්සයෝ වගේ හැදෙන්න බලන්න. ඔය ටික බමුණු අරච්ච්ට නොවෙයි විග්නේස්වරන්ට කියන්න. අපට වෙන්න යන්නේ මොකක් ද කියල තේරුම් ගන්න ඔය මොළ පුංචි වැඩී. (බ)
ඔව් හෆීල් දී කිරට බළලුත් සාක්කි කියල සිංහලෙන් කියනවා. (බ)
ජාතික ගීය දෙමලෙන් කියනකම් හිටියද එයා බුදුන් වදින්න. (බ)
කවුරුත් එකට ඉන්න ඕන (බ)
හරි අපි මෙහෙම අහමු මුල්ම නිදහස් උත්සවේ ජාතික ගීය දෙමෙලෙන් කිව්වා නම් ඒ කාලේ උස්සපු ජාතික කොඩිය පෙන්වීමේ වැරැද්ද මොකද්ද (බ)
මහා ජාතියේ මළගමින් පස්සේ පින් දෙන්න මෙයා නාග දීපේ වන්දනා කිරීම ගැන සතුටු වන, උදම් අනන අනුවණ මිනිස්සු කීදෙනෙක් ඉන්නවද.(කෞ)
මේ සම්බන්දය කඩන්න තමය් පරදේශීන් එල් ටී ටී ඊ එකක් හැදුවේ.(කෞ)
එන්නේ මොකාටද කියල හිතාගන්න පුළුවන් ...(බ)
අහන්නත් සතුටුයි (නි)
කමල්, ඉස්සරත් ඔය පිස්සු බමුණෝ හිටිය, රට විනාශ කලේ උන් තමයි . (කෞ)
කමල්, ජාතිවාදය පැත්තකට දාලා දැන්වත් මනුස්සයෙක් වගේ හැදෙන්න (නි)
නරියෙකුගේ කටට අහුවුණ ඉබ්බෙක් කියුවලු " නරිහාමි උබට මාව කන්න ඕනෙනම් හොදට වතුරේ පොගවපන්" කියල. නරිය ඉබ්බව ලග තිබුන පොකුණට දාල කකුලෙන් පාගාගෙන හිටියලු පෙගෙනකම්.පැයකට පස්සේ ඉබ්බා කියුවලු " නරිරාලේ දැන්නම් හොදට පෙගිල තියෙන්නේ.ඔය පාගාගෙන ඉන්න තැන පෙගෙන්න කකුල ටිකක් බුරුල්කරන්න එතකොට උබට මාව පහසුවෙන් කන්න පුළුවන්" කියල. නරිය කකුල උස්සපු ගමන් ඉබ්බා වතුරට පීනලා ගැලවුනාලු.මෙයත් මේ බයිලා කියමින් බලන්නේ පෙඩරල් තැනට අපිව ගෙනයන්න. එතනිනුත් නොනවතින බව දැනගන්න. (බ)
මෙය හොඳ ආදර්ශයක්.(හේ)
මින් ඉදිරියට උතුරේ සහ නැගෙනහිර හැම අවස්ථාවකම එයාල ජාතික ගීය දෙමල බසින් ගායනා කරාවි. ඒ දේ අපට කවදාවත් වෙනස් කරන්නම බැරුව යනවා. (බ)
ඔබතුමා ඇතුළු සියලු දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික ජනතාවට සිංහල අපි බුදුසරණයි දෙවිපිහිටයි කියලා හිතේ පතුලෙන්ම ආදරෙන් පතනවා.අපි ඔක්කොම එකට එකතුවෙලා එකගමනක් යනකොට ලංකාමාතාව කොච්චර සතුටුවෙයිද.....ජයවේවා! (හේ)
සම්බන්ධන්ගේ ඇස් වල කඳුළු වලින් අපි තේරුම් ගත යුත්තේ සිංහලයාට වගේම දෙමළ අයටත් එයාලගේ වර්ගය පිලිබඳ හැගීමක්, ආඩම්බරයක් තියන බව නේද? 4 වෙනිදා ජාතික කොඩිය අහසේ ලෙලදෙනකොට මගේ ඇස් වලටත් කඳුළු ආව. (බ)
අඩියක් දෙකක් කොහොමත් ඉස්සරහට යයි. සිංහල ජාතිය තම පස්සට යන්නේ. අපේ සමහරක් සිංහලයින්ට ඕව තේරෙනකොට පරක්කු වැඩියි. මහින්දට බැන්නාම ඔක්කොම හරි. පන්සල් ගිය එක ඉතින් හරි ලොකු දෙයක් වගේ කියවනවා. (අ)
ලංකාවේ බෞද්ධයෝ හින්දු දේවාල වලට යන එකේ මෙයත් පන්සලකට ගියා කියන එක මට නම් පුදුම වියයුතු දෙයක් නොවෙයි. (නි)
අහන්නත් ආසයි මේ වගේ පුවත් නම් (නි)
ඉතා හොද ප්‍රතිචාරයක්. අපි එක්ව ලංකාව ගොඩනගමු. (අ)