සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්ගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ චමින්ද රසික අතුකෝරල නැමත්තෙකි.
සබරගමුව මහඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ මෙම ජීප්රථයේ ගංජා කිලෝ 3ක් සඟවා තිබියදී වලාන දුෂණ මර්දන ඒකකය මගින් පොල්ගහවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මෙම ජීප් රථය කලක් පොලිසියට අයත්ව තිබූ පසුව පළාත් සභාවට පවරාගෙන ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් මහින්ද සමග නැගිටින්න හදන්නේ අැයි කියලා. යහපාලනය යටතේ කුඩු, එතනෝල්, අරක්කු, කසිප්පු, ගංජා, ගණිකා මඩම් වලට ඉඩ නැති නිසා ඒවා හිමි පරණ ආණ්ඩුවේ අය නැගිටවන්න හදන්නේ (නදී)
මේ සැරේ ඡන්දෙට මහින්දගේ සල්ලිත් නැති නිසා පොඩි බිස්නස් එකක් කරලා කීයක් හරි හොයාගන්න බලන්න ඇති (නදී)
මොකද දන්නෙ නැහැ මුහුණ වහගෙන යන්නේ? (නි)
සහතික ඇත්ත මේවා නතර කරන්නේ නැත්තේ පුරුද්ද නිසා. ඉස්සර පොලිසිය බයේ හිටියේ දැන් යහපාලන නිසා බේරෙන්ඩ බැහැ රටට ජය (නදී)
මයිකල් මැචාඩෝ - මැල්කම් මචාඩෝ ජීප්රථයේ ගංජා කිලෝ 3ක් - ජිප් එකේ 2 නිවසේ 1 වලාන දුෂණ මර්දන ඒකකය - කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුව පොල්ගහවෙල - මොළගොඩ අත්තනගොඩ දී (බ)
අනේ මන්දා මේ මොනවද සිද්ධවෙන්නේ? මේ අපි ගරුකළ පුද්ගලයින් නේද? (නි)
ජය වේවා!