කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
එම අපේක්ෂකයාගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට මොකක්ද ඉතින් ගන්න පියවර? (නි)
බලය ලබා ගැනීමට පොරකද්දී මෙහෙම නම් බලය ලැබුන පසුව කෙසේ වේවිද? කෙරුවාව දැන්මම රෙද්ද පල්ලෙන් බේරේ. (නි)
කවුද කියලා හිතාගන්න පුලුවන් (නි)
ඡන්ද ගන්න කළ කැත වැඩක්. අපේ පන්සලේදී බෙදන්න හදනකොට අපි පොලිසියට කිවුවා. (නි)
ඔන්න ඉතින් පේනවනේ වැඩ? (නි)
මොකක්ද මොහුට විරුද්ධව ගන්නා පියවර? (නි)
පුරුද්ද අතහරින්න බැහැ.බලයට ආවොත් නැවත සෙල්ලම් බලාගත හැකිවේවි (නි)
පන්සල් ගානේ ගිය ගමන් වල බෙදාගන්න බැරිවුණ සිල් රෙදි ටික වෙන්න ඇති. (නි)
ඉතින් එයාව අත්අඩංගුවට ගන්නකෝ (නි)
මේක නම් ලැජ්ජා නැති වැඩක් (නි)
රෙදි බෙදුවට දහහත් වෙනිදට රෙදි ගැළවෙනවා (නි)
සිල් රෙදි වලින් ලක්ෂ ගානක බහුතරයක් ගන්න බැහැ 18 වෙනිදාට මුළු රටම දිනුවේ සිල්රෙදි බෙදලා කියලා කියයි අන්තිමට. (නි)
මේ ගොල්ලෝ බලයට ආවොත් නීතියට දෙවියන්ගේම පිහිටයි (නි)
කෝකටත් කියලා ඉතින් එජාපයට තමයි දෙන්න තියෙන්නේ. (නි)
කවුද මේ? (නි)
මේ වැඩේ කළේ කවුද කියලා අපි දන්නවා. (නි)
සමහර ඇමතිවරු ඊයෙත් ප්‍රචාරණ වැඩ කළා (නි)
වෙන කවුද ඉතින් ඔය වගේ වැඩ කරන්නේ? (නි)
පරිස්සම් වන්න මහා අපේක්ෂකතුමනි, ඔබ කළ ක්‍රියාව 19වන ව්‍යවස්ථා සංශෝධනය අනුව, ප්‍රජා අයිතිය අහෝසි කරන්න වුණත් හේතුවෙන්න පුළුවන්. (නි)
සියලුම ඡන්දදායකයන්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමක්........! මෙවර ඡන්දයේදී පාරිභෝගික භාණ්ඩ බෙදාදෙන හෝ මුදල් මත්පැන් හා වෙනත් අල්ලස් දී ඡන්දය ලබාගැනීමට සැරසෙන්නන් දූෂිතයන් හා ජනතවගේ ඉතා වටිනා ඡන්දය අවතක්සේරු කරන්නන් සේ සළකා ඔවුන්ට ඡන්දය දීමෙන් වළකින්න. එවන් අයට ඡන්දය දීමෙන් ඔබ නැවතත් දූෂිතයෙක්ව ඔබගේ රටේ අනාගතය තීරණය කිරීම සදහා ඔබ පත්කළා වේ. එයින් ඔබට මෙන්ම ඔබගේ දරුවන්ටද යහපත් රටක් අත්පත් කරදීමට ඇති මහඟු අවස්ථාව ඔබෙන් ගිලිහී යනු ඇත. (නි)
මේවගේ නීතියට ගරු නොකරන අයටද රට බාරදෙන්න හදන්නේ. මොලේ තියෙන කෙනෙක් නම් මෙයට ජන්දෙ දෙන්නේ නෑ.දැන් මෙහෙමනම් රට භාර දුන්නොත් කොහොමට වේද. හිතා ගන්න බෑ. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.කොච්චර දැගලුවත් ගොඩ එනවනම් බොරු.(ම)
රටේ නීතියට ගරු නොකරන මේ උතුමාණෝ නැවත බලයට එන්නේ දගලන්නේ මොකද කියල මෙයට කඩේ යන අය දැන්වත් තේරුම් ගන්නවානම්?(ම)
නීති කඩනන්න්ට දැඩි දඬුවම් දිය යුතුයි. තවම ලජ්ජා නෑ.(ම)
මේ තුට්ටු දෙකේ වැඩ කවදාවත් නතර වෙන්නේ නැහැ.මේක ලේ වල වරදක් (නි)
අනෙක් දුල්මිට හොඳටම තරහා ගිහින්. පුදුමයක් කියන්නේ මගේ අදහස්මනේ මෙතන ලියලා තියෙන්නේ. බොහොම හොඳයි. (නි)
රාජ ඌෂ්ණය වැඩිකමට බෙදපු සිල් රෙදි අතුරුදහන් වේවි කියලා බයද? (නි)
නම දැම්මා නම් හරි. (නි)
ජනතා සේවයට යන්නනේ මේ හැමදේම කරන්නේ (නි)
ලැජ්ජාවක් නැති හැටි! (නි)
හොඳ ප්‍රතිචාර ටික. ලංකාවේ ඡන්දදායකයෝ බුද්ධිමත් (නි)
කවුද ඉතින් මේ අපේ අහවලා මිසක්... (නි)
රට තුළ පවතින නීතියට ගරු නොකරන මෙවන් පුද්ගලයන් නීතිගරුක ජනතාව විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කළයුතුය. (නි)
ඉස්සර ඔහොම රජ කෙනෙකුත් හිටියා මතකයි (නි)
කූඩැල්ලාට මෙට්ටේ ඉන්න බැහැ. මහින්දට නීතිය නොකඩා ඉන්න බැහැ (නි)
ආ! මේ අර අහවලානේ.... (නි)
සිල් රෙදි බෙදපු සීලවන්තයා කවුද කියා මුළු ලෝකයම දනී.කෝ මේ ඡන්ද නිරීක්ෂකයෝ?ඡන්ද නීති කැඩුවාට දැන් ගන්න පියවර කුමක්ද?බුද්ධිමත් ඡන්දදායකයිනි,ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කර හොරුන්ව පලවා හරිනු මැනවි. (නි)
කෝ ඔහුට දඬුවම්? (නි)
නීතියට ගරුත්වයක් නැති මේ අයට ආයෙත් ඉඩක් දෙන්න එපා. අපි හොඳ රටක් හදාගනිමු.ඒක අපි කාගේත් වගකීමක් (නි)
වෙන කවුද ඉතින්? අපේ අහවල් උතුමා නොවැ (නි)
අපි දන්නවා කවුද කියලා (නි)
මේ අය රට බාරගත්තොත් කරන දේවල් දැන්ම හිතාගන්න පුළුවන්. බුද්ධිමත් ඡන්දදායකයිනි, හොරුන්ව පාර්ලිමේන්තුවට යවන්න එපා. (නි)
කවුද මේ? (නි)
විලිලැජ්ජා නැතිකමේ මහත! මෙලෙස සිල් රෙදි බෙදුවේ රෙදි ඇඳගෙනද? (නි)
ලැජ්ජා නැතිකම අනෙක් හැමදේටත් වඩා ලොකුයිලු. (නි)
මේ අපේක්ෂකයා කවුද? (නි)
රෙදි ඇඳගෙනද දන්නෙ නැහැ බෙදලා තියෙන්නේ? (නි)
ගියපාර ගෙනවිත් ඉතුරු ටිකක් වෙන්න ඇති. (නි)
දැන් ඉතින් අපේ සල්ලි පාවිච්චි කරන්න බැහැනේ. ඒ වුණාට ගතිය අරින්න බැහැ වගෙයි (නි)
එය ගැන ජනතාව දන්නවා ඒ නිසා ඔය දෙන දෙයක් දීපුදෙන්. මොකද මුදල් වලට කරන්න දේවලුත් එපායැ. ඔය අන්තිම බෙදිල්ලනේ (නි)
පහුගිය ජනපතිවරණයේදීත් සිල් රෙදි කතාවක් කියවුණා. ඒවමද ඔය? (නි)
කවුද කියලා හිතාගන්න පුලුවන්. හැබැයි මෙවර තමයි රෙදි බෙදුවට රෙදි ගැළවෙන්නේත්... (නි)
කවුද මේ අපේක්ෂකයා? (නි)
ඉස්සර නම් බෙල්ල කැපුවේ දිය රෙද්දෙන්. දැන් ඒක සිල් රෙද්දෙන් කරන්න පටන් අරගෙනද? (නි)
වෙන කවුද ඉතින්? එදා ඉඳලම සමහරු නම් කළේම ඉතින් හොර වැඩනේ... (නි)
උපාසක පියවරු උපාසක මවුවරු මේ සිල් රෙදි ප්‍රතික්ෂේප නොකර අරගෙන හෙට උදේම ගිහින් දීපු අයට නැතුව හදිසියට ලෙඩට දුකට මරණෙට මඟුලට දුවලා එන්න ඉන්න පළාතේ මනුස්සයාට යුතුකම කරන්න. ඒකතමයි මේ වගේ අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම (නි)
මොහුට විරුද්ධව ඇයි ක්‍රියාමාර්ගයක් නොගන්නේ? (නි)
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි (නි)