කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ සිඝ්‍රගාමි දුම්රියේ මැදිරියක් අද (31) මිරිගමදි ගැලවී යාමෙන් දුම්රිය ප්‍රමාදවු අතර පස්යාල ගිරිඋල්ල පාරේ විල්වත්ත දුම්රිය ගේට්ටුව වැසි තිබීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණියේය.
මෙම දුම්රිය මිරිගම දුම්රිය ස්ථානය පසු කර විල්වත්ත දෙසට යද්දි මැදිරියක් ගැලවි වෙන්වි ගොස් තිබිණි. දුම්රිය සේවක පිරිස් වහා ක්‍රියාත්මක වී එය සවි කරනු ලැබිමෙන් අනතුරුව පැය බාගයක පමණ ප්‍රමාදයකින් පසු දුම්රිය ගමන් ආරම්භ කරනු ලැබිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තය දුම්රිය සේවාව දියුණු කළ නිසයි මේ අනතුර වැළකුනේ (ම)
හොඳ වෙලාවට ඕක ඔහොම වුණේ. අර කන්දක් අදිද්දී ඕක ගැලවුනා නම් ෂෝර්ට් කට් එකකින් අපහු කොළඹටම එන්න තිබුණා... (ම)
ලංකාවේ තරම් දුම්‍රිය පීලිපැනීම් පෙට්ටි ගැලවීම්, රිය අනතුරු හැමදාම අනිත් රටවලට වඩා විශේෂ තැනක් ගෙන ඇති බව නම් පැහදිලියි. මේවා මහජන මුදල් වගේම මිල කළ නොහැකි ජීවිත.අත්‍යවශ්‍ය සේවා. මේවා අපරික්‍ෂාකාරීව කටයුතු කරණ අයගේ වැඩ. රාජකාරිය අකුරට නොකිරීම. (ම)
1960 ගණන් වල දරුණුම දුම්රිය අනතුර සිදු වුණේ මෙම ස්ථානයේ (ම)
මේක මුලින් වුනේ පල්ලෙවෙල දී මීරිගම හදන්නේ නැතිව දිගටම එව්වා (බ)
අනේ අපේ දුම්රිය සේවය කවදා ගොඩ ඒවිද? (බ)
මා දන්නා තරමින් නම් මැදිරියක් ගැලවුන විට ස්වයංක්‍රීයව තිරිංග ක්‍රියාත්මක වී එය නවතිනවා. (බ)