IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මස්සිනා කොටන තුවක්කුවෙන් නෑනාට වෙඩි තියලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ඉන්දිකා රාමනායක)

අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදු කළ බව කියන ඇගේ මස්සිනා සැකපිට අත් අඩංගුවට ගත් බව බංගම පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

සැකකරුගේ හා බිරිදගේ ප්‍රශ්නවලට නෑනා මැදිහත් වන බවට ඇති කර ගත් පවුල් ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීමෙන් පසු සැකකරු පලා ගොස් ලේනව කැලෑවක සැගවී සිට තිබු අතර අකුරැස්ස පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු ඔහු  අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (4)

මස්සිනා කොටන තුවක්කුවෙන් නෑනාට වෙඩි තියලා

ප්‍රියනන්දන Tuesday, 29 August 2023 11:33 AM

"කොටන එකෙන් නෑනට හානි" කියලා සිරස්තලය තියමු.

:       1       8

මුතුනමගේ Tuesday, 29 August 2023 01:40 PM

"අක්කාට " කියලා මුලට දැම්මනම් හරි.

:       1       2

ගලහින්න Tuesday, 29 August 2023 01:43 PM

සොයුරිය ඔබ‍ට ඉක්මන් සුවය පතමු.... ඔය කොටන තුවක්කු තහනම් කරන්න ඕනේ. ඕවගෙන් කොටලා මිනිස්සුත් මරයි.

:       2       2

ලියනාරච්චි Tuesday, 29 August 2023 01:45 PM

කොහොමද තුවක්කුවෙන් කොටන්නේ. බටයක් නැද්ද ඕකට. කැත්තක් වාගේ තලයක්ද තියෙන්නේ.???

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site