ලෝකයේ මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ජීවත්වත රටවල් ආශ්‍රිතව ජාත්‍යන්තර පර්යේෂණ ආයනයක් විසින් කරන ලද සමීක්ෂනයකට අනුව ෂරීයා නීතිය තම රටේ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ .
ජාත්‍යන්තර පිව් පර්යේෂණ ආයතනය විසින් 2008 හා 2012 යන වසර වල රටවල් 39 ක 38000 ක් දෙනා සහභාගි කරවාගෙන මෙම සමීක්ෂණය පවත්වා තිබේ. ඒ අනුව ටියුනීසියාවේ සියයට 56 ක්ද නයිජීරියාවේ සියයට 71 ක්ද ඉන්දුනීසියාවේ සියයට 72 ක්ද ඊජිප්තුවේ සියයට 74ක්ද ඇෆ්ගනිස්තානයේ සියයට 99 ක්ද පකිස්ථානයේ සියයට 84 ක්ද ෂරීයා නීතියට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් එම සමීක්ෂණයට අනුව තුර්කියේ සියයට 12ක් පමණක් තම රටේ ජාතික නීතිය ෂරීයා වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද කියන්නේ මැදපෙරදිගට ගැලපෙනවා කියලා. මේක දැන් මුලු ලෝකයටම ගැලපෙනවා. අනික තවත් රටවල් තියෙනවා ඕකට කැමති. (නි)
ගිම්හානි ..?ලංකාවේ දැනට පවතින බෙලි කැපිලි ,මිනි මැරුම් වලට ඔයා මොනවගේ පිළිතුරක්ද දෙන්නේ ...?තම දරු පව්ල පිටින්ම මරල ගිනි තියන , අසමජ්ජාතියක් දැනට ලංකාවේ වාසයකරන්නේ ? ඒ හැමට එකහා සමාන මරණ දඩුවමක් ක්‍රියාත්මක කලයුථුඉ ?. අපේ මතු පරපුරට යහපත් සමාජ වටපිටාවක් ඇතිකරන්න නම් ...?(ස)
පන්සිල් පද රකින්න බැරි අයට අනිවාර්යයි. (ස)
තව අවරුදු දහයකින් හෝ පහළවකින් තෙල් ඉවර උනහම, ඔක්කොටම ෂරියා නීතිය මොනවද වෙන්නේ කියල හිතන්දවත් බැහැ. (ස)
ෂරියා නීතිය කියන්නේ ආගමක් පදනම් කර ගත් එදා මැද පෙරදිග සමාජයට ගැලපුන නීතියක් . එවැනි නීතියක් අද සමාජයට ගැලපෙන්නේ නැහැ. අනික මේ නීතිය නිසා අපරාධ අඩු වෙනවා කියන එක පිලිගන්නත් බැහැ. අපරාධ අඩු කරන්න නීති තද කිරීමෙන් බැරි දෙයක්. (ස)
රන්ජිත්, කවදාහරි තෙල් ඉවරවුනොත් රත්තරන් තියෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව තමන් දියුණු වෙන්න බලන්න. (නි)
ලුම්බිණි ඔයා හරි (අ)
අනුමත කරන්න බැහැ
ඔයගොල්ලන්ට කියල නීතියක් ඉස්සරලා තියෙනවාද කියලා බැලුවොත් නරකද? උඩරට නීතියත් හැදුවේ සුද්දෝ. ඔය නීති මුලාශ්‍ර ගැන බැලුවොත් ඒවා ගොඩනැගිලා තියෙන්නේ ආගම් සම්බන්ධ වෙලා. අනික අපේ ගෙදර ඇති ශරියා නීතිය ගැන අල්ලපු ගෙදර සිංහල අයට ඇති ප්‍රශ්නය මොකද්ද? (නි)
ලංකාවටත් අවානම් තමයි හොඳ. නැත්නම් අපේ රට හදන්න බැහැ. (ස)
මුස්ලිම් බහුතරය ශරියා ඉල්ලයි. (දී)
ෂරියා නීතිය ලංකාවට අවශ්‍ය නැහැ. නමුත් මේ සිදුවන මිනිමැරුම් ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම, ළමා අපචාරවලට දැඩි දඩුවම් ඒ වරද ඔප්පුවුණ ගමන් දෙනවනම් මේවා බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්. අද තියෙන්නේ වරදේ හැටියට අඩු දඩුවම්. ඒ වගේම නඩු අහන්න අවුරුදු ගණන් යනවා. මේ තත්වය නැති කල යුතුය. දඩුවම් වලට බය නැති කම වැඩි වෙලා. (ස)
ඒවා මුස්ලිම් රටවල් වල තියාගත්තට කමක් නැහැ, ලංකාවේ ඒවා බැහැ. නසාර්ට කියන්න ඕනෑ, අපේ පන්සිල් පද අපි රැක ගන්නම්, ඔයා නිකන් ඉල්ලන් කන්නෙ නැතුව ඉන්න කියලා. (නි)
අනුන්ට වෛර නොකර ඔබ කවුදැයි දැනගන්න. ඔබට අදාල දේ පමණක් තෝරගන්න. ආගම් සියල්ල එකිනෙකට වෙනස් වුවත් එහි පරමාර්ථය එකයි. එක් දෙවියෙකු හෝ 33 කෝටියක් දෙවිවරු ඉන්න බව කිවුවත් මේ දක්වා දැකපු කෙනෙක් නැත. අනෙකාගේ ආගම විහිළුවට ගැනීමට ඕනෑම කෙනෙකුට හැකි බව තේරුම් ගන්න. තම දහමට අනුම ජීවත් වීමට අදිටන් කරගනිමු. ඉන්න ටික කාලය හොදින් ගත කරමු..... (නි)
මේ දිනවල බෞද්ධයන් විශාල සංඛ්‍යාවකගේ බෙලි කපලා මරණ එකත් ෂරියාවක් තමයි නේද? (නි)
නොදිය්නු සමාජයක් පැවති අරාබිකරයේ ශරියා නිතිය එදාට ගැලපුනත් අදට එය නොගැලපෙන බව මගේ හැගිමයි. (ස)
ෂරියා දැම්මත් අපේ ලොකු හොරුන් සාක්ෂි නැති නිසා,අමතක නිසා,අදුනගන්න බැරි නිසා එළියේ .පසුව පෙළපාලියකින් ගෙදරට-ඡන්දයෙන් පාර්ලිමේන්තුවට. (නි)
ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළාට කමක් නැහැ කියන මතේ මමත් ඉන්නවා. හැබැයි ෂරියා කියන ගෝත්‍රික නිතිය නෙමෙයි. ගල් ගහලා මරණ, පස් යට කරන, ඇස් උගුල්ලන ඒවා එහෙම නෙමෙයි. (නි)
අනේ සහෝදරවරුනි, මොනවද මේ ජාතිවාද? (නි)
ශාසනය බැබලුන රජ කාලේ ෂරියා දඩුවම් වලට හපන් දඩුවම් තිබුනා නේද? අනේ ඒවා හරි ක්‍රියාත්මක කරමුකෝ කාගේත් හොදට!(ස)
ඔය රටවල් ශරියා නිතිය ඉල්ලන්නේ එක පිරිමියෙකුට විවාහ හතරක් එක පාරටම ශරියා නිතිය අනුව කරගන්න පුළුවන් නිසා. නැතුව අපරාද අඩුකරගන්න නෙමෙයි. (නි)
අපේ ලංකාවට මොනම නීතියක් වත් ඕනෑ නැහැ මිත්‍රවරුනි. මොකද මෙහෙ තියෙන්නේ දේශපාලකයන්ගේ නීතිය. (නි)
අපට අපේ රටේ තියෙන මේ නීතිය හොදටම ප්‍රමාණවත්, ඒක හරියට ක්‍රියාත්මක කරනවා නම්. ආගමක් කියන්නෙ මිනිසුන් තමන්ගෙ ස්ව කැමැත්තෙන් අදහන්න තියෙන දෙයක්. ඒක බලහත්කාරයෙන් නීති මගින් පවත්වාගන්න ගියොත් එය එහි ශාතෘ වහන්සේලාට පවා කරන අපහාසයක්. (නි)
මිනිස්සු අතින් වැරදි වෙනවා තමයි. ඒකට ශරියා නීතියෙන් දඩුවම් දෙන එක මුස්ලිම් රට වල කරගත්තට කමක් නැහැ. මගේ රට බුදුන්ගේ රටයි (නි)
ස්ත්‍රී දුෂණ හා වංචාවන් දවසකට සිය ගණනින් අරාබියේ වෙනවා.එහෙත් ඒවා මාධ්‍යයෙන් හෙලි වෙන්නේ නැහැ. ෂරියා නීතිය අතීසාරේට අමුඩ ගැසීමක් පමණි. (නි)
දයාන්, කොයි අරාබි රටේද මේවා සිද්ධ වෙන්නේ? (නි)
කවුරු කොච්චර කැ ගැහුවත් මුළු ලෝකයම මේ නීතිය පිළිගන්න බලාගෙන ඉන්නවා (නි)
මොනවා වුණත් අවංකවම කියන්නම්. මගේ දුවව සෞදි මුස්ලිම් කසාද බදිනවට වඩා මම කැමති වන්නේ යුරෝපියෙක් බදිනවට. (නි)
අමානුෂික, ස්වාභාව ධර්මයාගේ ධර්මතාවයන්ට පටහැනි, ආත්මාර්ථකාමී නීතියක්. (නි)
ඇහුනේ නැහැ මට (දී)
මෙයාල දෙවියන් අදහන අය නෙමේ හිත් පිත් නැති කුරීරු මිනිස්සු නැත්නම් කොහොමද මිනිසුන්ගේ බෙල්ල කපන්නේ මිනි මරන්න කියල දෙවියන්වහන්සේ කොහෙද කියලා තියෙන්නේ. (ස)
සත්‍ය අසත්‍ය හරිහැටි දැනගෙන සාධාරණ විධිහට නීතිය ක්‍රියාත්මක කරනවා නම්, ක්‍රියාත්මක කළත් කමක් නැහැ රටක් තුල මේ වගේ නීතියක්.. හැබැයි මොනදේටත් කලින් ජාති බේද එන එක වලක්වන්න බැහැනේ. (නි)
මට නම් මේවා අන්ධ ඇදහිලි (නි)
මේක ලංකාවට අදාළ නැහැ. සිංහලවරුන්ටත් අදාළ නැහැ. අපේ දේවල් අපි බලාගන්නම් (නි)
එතකොට ලංකා නිතිය
එහෙම වෙන්නේ කොහොමද
සිංහලයිනි. මෙය ඔබලාට අදාළ එකක් නොවේ. ජාතිවාදී අදහස් දක්වල තේරුමක් නැහැ. මෙය මුස්ලිම් ලෝකය බලා ගනීවි.(ස)
නිසර් ඔබ හරි, මේක මුස්ලිම් රටවල කට්ටිය බල ගනී.(ස)
මම නම් කියන්නේ ඒ කතාව අනුමත කරන්න බැහැ
අපි නියම සිංහලයෝ අපිට ඔය නීති වැඩක් නෑ . අපිට මෙහේ පවතින නිතිය සාදාරන එකක් කරලා දුන්නනම් ඇති ඔයි හලාල් නීති අපිට එපා (ස)
අපේ රටට නීති 2-3 ඕනේ නැහැ (දී)
අපි විරුද්දයි
නිසර්, ඔයා බලා ගන්න ඔයාගේ දේවල්, අපිට කමක් නැහැ. පුලුවන් නම් අරාබි රටකටම ගිහින් බලා ගන්න, මේක සිංහල අපේ රට. ඒක මතක තියා ගන්න. (නි)
තුර්කියට ජයවේවා.. ! (ස)
ලංකාවෙත් සමහර ප්‍රදේශ වල නොනිල වශයෙන් ෂරිය නීතිය ක්‍රියාත්මක වෙනවා (නි)
සමහර නායකයෝ ලගදි කිවුවා බටහිර නිතිය පදනම් වෙලා තියෙන්නේ නිදහස් බටහිර ශිෂ්ටාචාරයේ සහ සංස්කෘතිය මතයි, ඒක වෙනස් කළයුතුයි කියා විශ්වාස කරන මුස්ලිම් සහ අනෙකුත් ජාතින් සිටි නම් බටහිර නීතියේ නිදහස නමැති සංකල්පය පාවිච්චි කර වහාම පිටවන්න කියා... (නි)
නිසාර් සහ සම්සුදීන්, අපි බලාගන්නම් කියන්නෙ ඔයාල ලංකාවෙ නෙමේද. එහෙනම් මෙතන සිංහලෙන් නෑතුව මුස්ලිම් භාශාවෙන් අදහස් දක්වන්න (නි)
තව අවුරුදු 10 කින් විතර මේ ඉල්ලීම ලංකාවෙත් සිද්ධ වේවි. (ස)
සහෝදරයනි, ඔබේ දේවල් ඔබ බලගත්තට කමක් නැහැ..නමුත් බලාගත යුත්තේ ලංකාව තුලදී නම් නොවෙයි. (ස)
මුස්ලිම් සහෝදරයනි, ඔබේ දේවල් ඔබ බලාගත්තාට කමක් නැහැ.නමුත් බලාගත යුත්තේ ලංකාව තුලදී නම් නොවෙයි (නි)
මේ නීතිය හරි යන්නේ මැද පෙරදිගට පමණයි....(ස)
අනේ මේ අදහස් දක්වන ජනතාවනි, මේවා මුස්ලිම් රටවල්වල කරපු සමීක්ෂණයක් ඔවුන් වෙනුවෙන්. ඇයි ඔබලා කලබල වෙන්නේ අපේ රටේ වෙන්න එපා කියලා. ඔබල වගේ නිකන් කුපිත වෙන අය නිසා තමයි අපේ රට මෙවන් ජාතිවාදී තත්වයකට පත්වෙලා තියෙන්නේ. කරුණාකරලා අපි අපේ ආගම හරිහැටි පිලිපදගෙන ඉදිමු. (නි)
සම්සුදීන්, සිංහලයන්ට මෙය අදාල නැති බව ඇත්තකි. මෙහි අප කර ඇත්තේ පුවත සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් පමණි. ඔබලාගේ මුස්ලිම් රටවල දේ අපට අදාල නැත්තම් සිංහල අපගේ රටේ හලාල් වැනි දෑ හදුන්වාදීමට උත්සාහ නොගන්න. මෙය සිංහලයාගේ රට බව මතක තබා ගන්න. (නි)
රටක තිබිය යුත්තේ හැම ජන කොටසකටම එකම නීතියක්.ජාතිවාද මතු නොවෙනවානම් තියන නීතිය කාටත් ඇතිනේ. මොන නීතිය ගෙනාවත් වැරදි කරන කෙනා කරනවමයි. මුස්ලිම් රටවල් ඒව සම්මත කර ගන්න එක එයලාගේ දෙයක්. අපටනම් වැඩක් නෑ තමා.ඒත්.....??????(ස)
ඒ කියන්නේ අජිත් තව අවුරුදු 10 කින් මුස්ලිම් වෙනවා කියල නේද. ඒ ගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝ බලාගනීවි අපි අපේ පාඩුවේ හිටියනම් කිසිම ප්‍රස්නයක් නැහැ බොරුවට අවස්ථාවාදීන්ගේ උගුල්වලට අහුවෙන්නේ නැතුව. (ස)
එව්ව අදාල රටවල් බලා ගනී... ශ්‍රී ලංකාවට අදාල දෙයක් නෙවෙයි.(ස)
ලංකාවට අවශ්‍ය නෑ.(ස)
මෝඩ වෙන්න එපා. ශරීහා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉස්ලාමිය රජයකට පමණයි. නිකන් බොරු අදහස් නොදමා බුද්ධියෙන් කල්පනා කර බලන්න. දන්නෙ නැති දෙයක් තියෙනවා නම් නියමාකාරව කරුණු විශ්ලේෂණය කර නිගමනයකට එළඹිය යුතුය. නැත්නම් නොදන්නා දේ ගැන ඇසු පමණින් මෝඩයෝ වගේ අදහස් දෙන්න එපා. (නි)
ලංකාවට අදාළ නීතියක් තියෙනවා
අවම වශෙයෙන් අවුරුද්දක් මේ නීතිය ක්‍රියාත්මක කරලා බලන්න, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ඇතුළු දරුණු අපරාධ වල අඩුවීමක් එහෙම තියනවද කියල. වෙනත් ආගමකට හරියන නීතියක් කියන මතයෙන් මදක් එලියට ඇවිත් පොදුවේ අවම වශයෙන් රටකට යහපතක් සිදුවෙනවාද කියන විමර්ශනයක් සදහා. (ස)