ගතවූ සිව් වසරේ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ හිරිහැරයන් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා සහ මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසාද් සාලි මහත්වරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලතියි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ග්‍රෑන්ඩ්පාස්, දඹුල්ල, අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඉකුත් කාලයේ සිද්ධීන් 100 කට වැඩි සංඛ්‍යාවක් ගැන සොයා බලන ලෙස එවිට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන බවද ඔවුහු ‘‘නිව් ඉන්දියන්‘‘ පුවත් සේවයට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් බෞද්ධ, ක්‍රිස්තියානි හින්දු අපි හතර ගොල්ලොම ලංකාවේ නම තියාගෙන එකමුතුවෙන් ඉන්න බලමු. මේ ප්‍රශ්ණයේදී අසාධාරණකම් වලට විසදුම් එක කොමිසමක් පත් කර සැමොටම සාදාරණය ඉටුකරමු .අපිට ජාතිවාදයක් ඕනේ නැහැ. සහෝදරයන් වගේ ඉන්න බලමු (නදී)
මෙහෙම ගියොත් දින 100 ට කොමිසන් විතරද ? (නදී)
පොදුවේ මහජනතාවට සිදුවන අසාධාරනකම් ගැන හොයන්න කොමිසම් පත් කරන්න. ජාතියකට ආගමකට සීමා විය යුතු නැහැ. එහෙම උනොත් එතන ඇත්තේ ජාතිවාදය හෝ ආගම වාදයයි. (නදී)
ඔය ගමන්ම බෞද්ධ උරුමයන්ට කල විනාශ හොයන්නත් කොමිසමක් පත් කරන්න (නදී)
නැගෙනහිර දාගැබ් ඩෝසර් කරන එක හොයන්ඩත් කොමිසමක් දාන්ඩ (නදී)
එක පදයට නටන අය නිසා ඔහොම වෙනවා. (නදී)
මේ හැම එකකටම කොමිසම් දන්නේ මොකටද? හැමකෙනා අතින්ම වැරදිවෙලා තියනවා නම් එක කොමිසමක් දාන්න. ජාතිකත්වය ඕනෑ නැහැ. (නි)
අනිවාර්යෙන්ම කොමිසමක් පත්කල යුතුයි. (ර)
එතකොට සිංහල අයට වෙන දේවල් වලට මොකද කරන්නේ? (නි)
මම නම් කියන්නේ, අපි මිනිසුන් හැටියට, අනිත් මිනිස්සුන්ව හා ඔහුන්ගේ ආගමට සහ ඔහුන්ගේ විශ්වාසයන්ට, ගරු කරන්න ඕන. එම ගරුත්වය නැති නිසයි මේ හැම ප්‍රශ්නයක්ම . (දිල්)
ඒක හොඳයි. ඒ වගේම සිංහල මිනිසුන්ට වුණ ගැහැට හොයන්න කොමිසමකුත් දාන්න ඕනෑ (නි)
ඇත්තටම මේ රටේ එක එක ජාතීන්ට ජාතිකත්වය නිසා කරදර තිබෙනවද? තිබෙනවා නම් ඒ ගැන දැනුම් දෙන්න නීතිමය බලය තිබෙන තැනක් තියෙන්න ඕනෑ. (නි)
එතකොට සිංහල අයට සහ බෞද්ධ අයට වූ අසාධාරණකම් වලට වෙන වෙනම කොමිසම් අවශ්‍ය නැද්ද? ශ්‍රී ලාංකිකයන්ට වූ ගැටලුවලට කොමිසමක් පත්කරනවා නම් එක කොමිසමක් ප්‍රමාණාත්මකයි. හැබැයි ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් බෙදලා පත්කරන කොමිසන් වලට ජනතාව විරුද්ධයි. නව රජය මෙය මතක තබාගත යුතුයි. මෙතෙක්කල් ආගමික සහ ජාතික බෙදීමක් රට තුළ ඇති කළේ පත් වූ රජයන් විසින්මයි.අසාධාරනයක් වෙනවා නම් වෙන්නේ ආගමික ජාතික බෙදීමකින් තොරව රටේ දුප්පත් සැමටයි. (නි)
එතකොට සිංහලයන්ට වුණ කරදර හොයන්නේ කවුද? (නි) .
නිපුන්, තමන්ගේ ඇත්ත නමින් අදහස් පළකළා නම් මොකද වෙන්නේ? දැන් කොමිසමක් විතරද අඩු? දැන් කවුද ජාතිවාදියෝ? (නි)
ඇයි මේ විදියේ ප්‍රකාශ කරන්නේ?සිංහල මිනිහෙක් කිව්වනම් බෙදුම්වාදය ඇති කරන්න හදනවා කියයි. තමන්ට වැරද්දක් උනා නම් ඒ ගැන සොයාබලන්න සියලු ජනතාවට පොදු එක කොමිසමක් තිබුණම ඇති.ඇත්තටම මෙවැනි ප්‍රකාශන වලින් සිදුවන්නේ ජාතින් අතර තවත් බේද ඇතිවීමයි.(දිල්)
ලෝකෙන්ම ජාති දෙකක් සාමයෙන් ජිවත් වෙන රට ශ්‍රී ලංකාවයි. මුස්ලිම් පල්ලි ලග පන්සල් තියනවා. ජාති වාදයෙන් රට දියුණු කරන්න බැහැ. ලිදේ ඉන්න ගෙම්බන්ට එ්ක තේරෙන්නේ නැහැ (නදී)
සොයා බලා අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි (නදී)
කවුරුත් මේ යෝජනාවට එකග වී අන්තවාදයේ අහුමුලුත් හෙලි දරුව් කරගන්න බලමු. (නදී)
වෙනම කොමිසම් මොකටද ? පවතින නීතියට බාර කරන්න. මේ රටේ විවිධ ජන වර්ග වලට විවිධ කොමිසම් තියාගන්න හිතනවා නම් වැරදියි (නදී)
පසුගිය කාලේ පුරා සිංහල බෞද්ධයන්ට වෙච්ච හානිය හොයන්නත් කොමිසමක් පත් කල යුතුයි. මොකද ඉතිහාසයේ සිට මේ දක්වා මහා ජාතියට ගොඩක් හානි වුණා. ඒවා දැන්වත් සෙවිය යුතුයි (නදි)
සුළු ජාතික කේවල් කිරීම් හමුවේ සිංහල දේශපාලනඥයින් මහා ජාතිය වූ සිංහලයාට තරම් වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමකට හානි සිදුකර නැත (නදී)
එතකොට සිංහල ජාතියට උන සහ වෙමින් පවතින හානිය ගැන හොයන්නේ කවුද, එ්ක ගැන හිතෙන කොටත් දුකයි අපි කවදා හරි මැරෙන දවසක අපිට හදවතට එකඟව නම් මැරෙන්න බැරිවේවි. අපේ සොහොන් කොත් වලටත් අනාගත පරපුර සාප කරාවි. අනිත් කාරණය තමයි මුස්ලිම් අය දෙමල අය වෙනුවෙන් කතා කරන්න ඕනේ තරම් ඉන්නවා අපි ගැන බලන්න නෙමේ කතා කරන්නවත් මනුස්සයෙක් ඉන්නවද ? (නදී)
අල තැම්බෙන තුරු ඉවසන්න බැරිද? හෙට අනිද්දා ස්වාධින කොමිසම් එනවා. එතකොට විසදාවී (දිල්)
මුස්ලිම්වරුන්ට වගේම යුද්ධය අවසාන කාලයේ උතුරේ දමිලයින්ට උනු අපරාධ ගැන සෙවීමටත් කොමිසමක් පත් කලයුතුයි. (නදී)
මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයි ? (නදී)
මොනවා හොයන්නද ? (නදී)
නුවන් ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. මුදලට, බලයට ලොල්වී මෙවන් තත්වයන් ඇති කල කලින් පරම්පරාවල සමහර අයත් මේවාට වගකියන්න ඕනා. (නදී)
සුළු ජාතින් තම තමන්ට ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා (නදී)
අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ? (නි)
සියළු සත්වයෝ නිදුක් වෙත්වා! එහෙමයි ජීවත්වෙන්න ඕනෑ (නි)
ප්‍රශ්නයක් ඇතිවෙන්න පෙරයි විසඳුම් ගතයුත්තේ (නි)
යහපාලනයට සිංහලයෝ අයත් වෙන්නේ නැත. (දිල්)
එදා දිල්ෂාන් බුදුදහමට හැරීම ගෙන අපේ අය විරුද්ධ උනා. බුදුදහමට හැරෙන්නට හදන ගොඩක් මුස්ලිම් ජාතිකයන්ට ඊට ගොඩක් බාදක තියෙනවා. මේවට විසදුම් දෙන්න. අපිට වෙනත් ආගම් ගැන සොයා බලා ඒවා ඉගෙන ගන්ඩ පල්ලියෙන් වෙන බාදාවල් ඉවත් කරදෙන්න (නදී)
ඔව් ඒ අය කට්ටිය සිංහල ළමුන්ට කරන්න ගිය තිරිසන් වැඩ ගැනත් (බේරුවල පැත්තේ),සිංහල කාන්තාවන් ඇදුම් මිලදී ගන්න ගියාම ඇදුම් මාරු කරන හැටි හොරෙන් බලන් ඉන්න ගිහින් (දඹුල්ල) අසුවු කට්ටියට ඒ ගොල්ලන්ගේ නීතියට අනුව බේල කපල ප්‍රසිද්දියේ මරල දාන්නත් ලෑස්ති වෙන්න කියන්න .(අ)
මුස්ලිම් ඔවුන්ගේ ආගම ගැන කතාකරන කොට ආගම් වාදී නොවෙයි, හැබැයි බෞද්ධයන් බුද්දාගම ගැන කතා කරන කොට ඔවුන් ආගම් වාදීන් කියල උද්ඝෝෂණ , මෙහමත් ලෝකයක් නැහැ රටක්. දේසපාලනය කරන ඇය තමන්ගේ වාසියට තමයි සියල්ලම (අ)
කොමිසම් පත් කලාම වෙන්නේ ජාතිවාදී බලවේගවලට නැවත කරලියට එන්නට බිල්ලෙක් නිර්මාණය කිරීම (නදී)
මිනිසුනේ, ජාතිවාදය ආගම්වාදය පෙරටුකරගත් හැම රටක්ම විනාශයි. ඒ තැනට අපේ රටත් ගේන්න එපා. සිංහල දෙමළ මුස්ලිම් තුන්ගොල්ලන්ටමයි මේ කියන්නේ. (නි)
නරකද හැම ජාතියේම ඒවා හොයන එකක් දැම්මොත්. එතකොට කවුරු කවුරුත් කළ ඒවා අල්ලන්න පුළුවන්නේ. (නි)
ආගම්වාදය ඔළුව උඩ තියාගත්තු රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ. තෙල් තියෙනවා. රත්‍රන් තියෙනවා ඒත් රටේ මිනිස්සු අන්ත දුක් විඳිනවා. මුළු ලෝකෙන්ම් සම්බාධක දාලා, කොන් කරලා. මිනිසුනේ ආගම්වාදය ගාව ගන්න එපා. වැඳලා කියන්නම්. (නදී)
කාට කාටත් යම් යම් කාලවල අසාධාරණකම් වෙලා ඇති. කවුරු කවුරුත් යම් යම් කාලවල වැරදිත් කරලා ඇති. ඒකනේ සත්‍යය. ඉතින් දැන් කරන්න ඕනෑ රට අවුල් කරන එක නෙමෙයි. සියළු දේ නිවැරදි කරන්න බැහැ. දැන් තියෙන දේ රැකගන්නයි, ජාතික සමගිය වැඩිකරන්නයි වැඩපිළිවෙලක් හදන්නයි ඕනෑ (නි)
අනේ දෙයියනේ! අපි වෙනසකට ඡන්දය දුන්නේ මෙහෙම වෙන්නද? (නි)
ඔව්. කඩාදැමූ වෙහෙර විහාර ගැනත් හොයමු. (නි)
සිංහලයාට වෙලා තියෙන අසාධාරණය වෙනුවෙන් කොමිසමක් ඉල්ලන්න එක සිංහල මන්ත්‍රීවරයෙක් වත් නැද්ද ? (අ)
"අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතියේ දියුන පතා" (නදී)
අබසරණවාදීන් අත් අඩංගුවට ගත යුතුය (නදී)
මගේ කියා කිසිම දෙයක් මට නැහැ කිසිදාක කබර ගොයත් තලගොයෙක්ලු කන්න ඕනදාට මනුස්සකම තුට්ටු දෙකට බැස මලගිය සේක අපිට හොරෙන් අපි විකුණන අමුතු රටක් මේක (නදී)