උතුරු නැගෙනහිර පළාත් ඒකාද්ධ පාලන කලාපයක් ලෙස පැවතීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දක්වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් එම පළාත් දෙක ඒකාබද්ධ විය යුත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ එකඟතාවකින් යුතුව බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් පැවසීය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වේලායුදන් දයානිදි හෙවත් දයා මාස්ටර් ට එරෙහිව වව්නියාව මහාධිකරණයේ විභාග වන නඩුවේ දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ අදහස් පළ කළේය.
2010 වසරේ සිට දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන්හි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවතිය යුතු යැයි ඍජුවම සදහන් කර තිබෙන බවත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් හෙතෙම කීවේය.
මේ දෙපළාත ඒකාබද්ධව පැවතීම සම්බන්ධයෙන් මුලින්ම කතාබහට ලක්වූයේ 1957 බන්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් බවද කීය.
මෙම පළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ බහුතර කැමැත්ත ඕනෑ බවත් මුස්ලිම් ජනතාවටද සම අයිතිය හිමි විය යුතු බවත් කී සුමන්තිරන් මහතා 25 වසරක් පුරා උතුරු නැගෙනහිර පළාත්හි අමානුෂික සිදුවීම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සැකයෙන් බලා සිටින බවද කීය
දෙමළ භාෂාව කතාකරන ජාතියක් වශයෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සමග එක්ව ජීවත් වීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද මන්තී‍්‍රවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යුද්ධය තිබුන කාලේ මුස්ලිම් ජනතාවට යාපනයෙන් පැයෙන් පිටවෙන්න කිවුවේ කවුද කියලත් අපිට තවම මතකයි. (නි)
කුඩම්මාගේ සැළකිලි සිංහලයන්ට පමණද? (නි)
ඕකට මුස්ලිම් ජනතාව කැමති වෙන එකක් නැහැ. (ර)
දෙමල මුස්ලිම් ප්‍රජාවගේ විතරක් නොවෙයි මේ රටේ බහුතරය වන සිංහල ප්‍රජාවගේත් කැමැත්ත අත්‍යාවශ්‍යයි ඔය සංශෝධනයට. ඒ සඳහා දැනට යෝජනා වෙලා තිබෙන පරිදිම දීප ව්‍යාප්ත ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. (බ)
කලින් එකතු කරපු එකට මොකද වුණේ. එකම තමයි නැවත වෙන්නේ.(ම)
මුස්ලිම් මිනිස්සු කැමති නැහැ. ඇයි නැගෙනහිර සිංහල මිනිස්සු? (ර)
නැගෙනහිර සිංහල ජාතියේ කැමත්ත අවශ්‍ය නැද්ද.? (ර)
උතුරේ කැමැත්ත, නැගෙනහිර කැමැත්ත, දකුණේ කැමැත්ත සෙවීම මහා මිනිස් ඝාතනයකට හේතු වූ බව මේ දේශපාලකයන් තවමත් තේරුම් නොගැනීම රටේ අවාසනාවකි. ශ්‍රී ලාංකිකයන්ගේ රට " ශ්‍රී ලංකාව" බවත්, සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවත් කියන්නට මිස තමන්ගේ පැවැත්ම සඳහා බඩගෝස්තරය නිවා ගැනීමට පමණක් කටයුතු කරන දේශපාලකයන් ගැන ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (ර)
මොනවත් ඕනේ නැහැ. ජාති අනුව පළාත් වෙන්කරන්නේ නැහැ. (ර)