පොදු දේපළ පනත යටතේ ජනපති කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියකට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 27 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (13) නියෝග කළාය.
විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කර තිබූ ලිඛිත ඇප ඉල්ලුම් පත්‍රය අද ප්‍රතික්ෂේප කළ අධිකරණය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ සිටින බැවින් කඩිනමින් විමර්ශන සිදුකර අවසන් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.



COMMENTS
කරන කලට පව් මිහිරිය මීසේ ......................(ම)
ඉක්මන් කර දෙන දඩුවම දෙන්න කෝලම් මඩුවක් නොකර අධිකරණයත් බන්ධනාගාරයත් (බ)
ඒ කාලේ මෙයාට කිසිම බලයක් තිබුනේ නැහැ ජනපතිගේ වාහාන පාවිච්චි කරන්න . ජනපති දීපු නිසා පාවිච්චි කලානම් මිසක් . මේ හේතුවට හිටපු කෙනාව අත්අඩංගුවට නොගෙන මෙයාව අත්අඩංගුවට ගැනීම අසාදාරණයි . හිටපු කෙනාව අත්අඩංගුවට නොගන්නේ වරදක් නැති නිසයි . එහෙමනම් එයා දීපු ඒවා පාවිච්චි කළා කියල කොහොමද අත්අඩංගුවට ගන්නේ . බැලු බැල්මටම මේ රිමාන්ඩ් කිරීම නීති විරෝදියි කියලා පෙනෙනවා .(හේ)