ගායකයකු හා සංගීත අධ්‍යක්ෂකයකුවූ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත විය. වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ පදිංචිව සිටි ඔහු ගඟ අද්දර, බැද්දේගම, සුසීමා, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, ගෝඩ් කිං, දුවට මවක මිස චිත්‍රපටවල සංගීතය සැපයීය.
කොළඹ ශාන්ත පීතර හා ගල්කිස්ස ශාන්ත තෝමස් හා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනගත් ඔහු එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
ගී පද රචකයකුද වන ඔහු ‘මාස්ටර් සර්‘ ගීතය නිර්මාණය කළේය. 1979 වසරේදී ඔහු ගඟ අද්දර චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් හොඳම සංගීත නිර්මාණයට හිමි ඕසීඅයිසී සම්මානය හිමිකරගත්තේය. සරසවිය, ජනාධිපති සම්මාන ආදියද ඔහුගේ සංගීත නිර්මාණ දිවියේ ලැබූ සම්මාන අතර වේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සංගීතයේ නව නැම්මක් ඇතිකළ ඔබ 60,70 යන දශකයන් තුළ නව ආරක සංගීත රටාවක් අපේ රසිකයන්ට හදුන්වාදුන් සංගීතවේදියෙකු ලෙස පියසටහන් තැබූ අමරණීය සේවාව අපේ හදවත් තුළ සදා නොමියෙන ලෙස තැන්පත් කළ බව කිව යුතුයි. සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙසත්,ගායකයෙකු ලෙසත් ඔබ සංගීතය සැපයු චිත්‍රපටි වල ගී වලට සවන් දෙන රසියෙකුට වැඩි වෙලාවක් නොගොස් අවබෝධ වෙනවා නොඅනුමානයි.බටහිර රටවල සංගීතය ගැන ඔහුට තිබු දැනුම අපේ රටට අපේ සංගීත උරුව අනුව පනවා දෙන්නට ඔහු සමත් උනා.මාස්ට සර් ගීතය නොගයන සාදයක් අද නැති තරම්.ලන්ඩනයේ මාගේ කාර්යාලය පිහිටි අසල කලක් ජිවත්ව සිට නිමල් මට කිහිප වතාවක්ම මුණගැසිම මාලද බාග්‍යයක් මා සිතනවා.චැනල් 4 බි බි සී නාලිකාව වරක් ඔහුගේ සංගිත වැඩසටහනක් මිට වසර කීපයකට ඉහතදී ප්‍රචාරය කළා.මා දන්නා තරමට එය ශ්‍රී ලංකික සංගීතඥයෙකු ප්‍රථමවරට ලන්ඩනයේදී ඉංග්‍රීසි නාලිකාවක ඉහලින්ම පෙන්නු දුර්ලභ අවස්ථාවක් ලෙස එය හැදින්විය හැකියි.නිමල් මෙන්ඩිස් අප අතුරින් සමු ගත්තත් ඔබ සැමදා අපේ රටේ රසිකයන් ගෙන් නම් සමු නොගන්නවා සහතිකයි. (බ) මාගේ සේවාවක් ඉටුකල
ඔහු විශිෂ්ට සංගීතඥයෙක්. නිවන් සුව ලැබේවා! (බ)
රංජන් නෙවිල් ප්‍රනාන්දුගෙන් පස්සේ මෙතුමත් මාස්ටර් සර් ගීතය ගැයුවා නේද? (බ)
මෙතුමා 70 දශකයේදී කළුදියදහර චිත්‍රපටය සඳහා නිර්මාණය කළ මාස්ටර් සර් ගීතය ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු සහ නිලා වික්‍රමසිංහ. මෙම ගීතය ඇසීමට නෙවිල් ප්‍රනාන්දුට නොහැකිවිය.නිමල් මෙන්ඩිස් රචනය තනුව සංගීතය. සිංහල ගීතයේ රචනය කරුණාරත්න අබේසේකර මහතාය. (නි)
අපොන්සු, ඔබ දන්නා දේ ? (බ)
සමාජයේ දැවෙන ප්‍රශ්න ගෙන හැර පෑ සැබෑ කලාකරුවාණෙනි.. මොහොතකට අපේ විඩාව සිඳලූ කලාකරුවාණෙනි... ඔබට අප සැම ණයගැතියි..ඔබට නිවන් සුව..(බ)
මගේ බලවත් ශෝකය (බ)
අවසාන වරට හෝ මොහුගේ පුහුණුව යටතේ මොහුගේ ගීතයක් රියැලිටි තරගයකට ගායනා කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. තවද නිමල් මෙන්ඩිස් නමැත්තකු නැවත බිහිවේවා යනු මගේ ප්‍රාර්ථනයි. මාස්ටර් සර්..ඔබ සදා අමරණීයයි (බ)
සමාදානයේ සැතපේවා (බ)
ඔබ නිහඩ කළද ගී හඬ නොනිදනු ඇත (බ)
හුලන් විදුලියේ ඝන්දර්වයන්ට දැන් නින්ද යාවි. ඉන්දියාවේ බමුණු සංගීතෙට වඩා වෙනස් දෙයක් කරන්නට ප්‍රතිභාව තිබුණු එකෙක් නැතිවුණු එක ගැන.(බ)
ගුවන් විදුලියේ ඝාන්දර්වයන්ට දැන් නින්ද යාවි ඔබට මව්බිම අත හැරීමට හේතුව ඔබගේ ගී පද වැල් අතර ගැබ් වී ඇත (බ)
මාස්ටර් සර් ගීතයම ඇති ඔබේ නම හදවත් තුලම රැදෙන්න (නදී)
නිමල් මෙන්ඩිස් සංගීත වේදියාණන්ට නිවන් සුව පතමි.ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය "කලුදිය දහර"යි.දෙවනුව "සීතාදේවි"කලුදිය දහරින් "මාස්ටර් සර්" ගීතයද(නෙවිල් ප්‍රනාන්දු ),සීතාදේවී චිත්‍රපටයෙන් අමරදේව මාස්ටර් ගයන "නිම්හිම් සෙව්වා මා සසරේ"ගීතයත් ඉතා ජනප්‍රිය වුණා (බ)
මෙතුමා 60 දශකයේදී කළුදියදහර චිත්‍රපටය සඳහා නිර්මාණය කළ මාස්ටර් සර් ගීතය සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකින්ම ජනප්‍රිය වුණා. එයා එවකට කොලු වියේ සිටි අපිට ඉතා චමත්කාරජනක අත්දැකීමක් වුණා. එතුමාට නිවන් සුව පතමි (බ)