මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු හා 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා වු සනත් ජයසුරිය මහතා ඔහුගේ මව බ්‍රීටා මහත්මිය ද සමඟ මාතර පඹුරනදී අද එජාපයට එක්වුහ. එජාප අපේක්ෂක සාගල රත්නායක මහතාගේ පක්ෂ කාර්යාලයේ දී ජයසුරිය මහතා පැවසුවේ එජාපය සම්බන්ධ වී එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'හොරාට' (හොඳම රාජ්‍ය නායකයාට) පරාජය නියතයි (නි)
දැන් සනතුත් ආ එකේ මැච් එක ගහන අයට තව ලකුණු කිහිපයක් වැඩිකර ගන්න පුළුවන් (නි)
ඔබ මෙතෙක් නුසුදුස්සන් සමඟ සිටීම ගැන කණගාටු වෙමි. (නි)
මොළය ඇති අයට දුර පෙනේ. (නි)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් (නදී)
සංවේදී නායකයට මොකද උනේ සනත්ගේ. නොදන්නා මගුලට ගිහිල්ල වරිගේ නසා ගත්ත වගේ දෙයක් නේද උනේ ? (නදී)
එක තැනක ඉන්න බැරි ඇයි ? (නදී)
සනුකිගේ අදහස මම 100% අනුමත කරන්නේ නැති උනාට 80% විතර අනුමත කරනවා. මගේ නිගමනය එජාපෙ ආසන 125 විතර ගනීවි සන්ධානය 60 විතර ගනීවි. ඉතුරුවා අනිත් කණ්ඩායම් වලට බෙදී යාවි. ඒ ජා පෙ ට ආසන ගණන අඩු උනොත් ජ වී පෙ රනිල්ට උදව් කරාවී. කොහොමත් රනිල් අගමැති , මගේ පුද්ගලික මතය සනත් දේශපාලනයට නුසුදුසු උනත් සනත්ට රටපුරා ක්‍රිකට් ලෝලයන්ගේ හොඳ ඡන්ද පදනමක් ඇත. සනත්ගේ පැමිණීම ඒ ජා පෙ විසින් හොඳට මාර්කට් කලොත් රටපුරා ඡන්ද 50000 සිට 100000 ප්‍රමාණයක් වැඩි පුර ඒ ජා පෙ ට ගන්න පුළුවන් (නදී)
අලියාට බැට් කළාට සම්මාන නම් නොලැබෙන පාටයි. (නි)
ඔබ පසුව හෝ ගත් තීරණය සාධාරණයි. ජය නියතයි. කුකුල්මස්. මාළු, පරිප්පු ලාබෙට දෙනවා කිවුවට අපි රැවටෙන්නේ නැහැ (නි)
දේශපාලනයෙන් අනාත උනහම තමයි මේ විදිහට පක්ෂ මාරු කරන්නේ (නදී)
සනුකි ඔයාගේ අනාවැකිය මේ පාර වරදින්න යන්නේ. 146 ක් නෙවේ 100 ගන්නත් අමාරු පාටක් තියන්නේ එජාපයට. (නදී)
"කටුසු දේශපාලනය සහ රටේ හෙට දවස" (නි)
ලෝක ශූරයෙක් උනාට වැඩක් නැහැ. මෙයාලට මිනිස්සු ඡන්දෙ දෙන්නේ ක්‍රීඩාවට තියෙන ආදරේ හා ආසාව නිසා මිසක් වෙන දෙයකට නොවෙයි. මොකෝ මෙයාල දේශපාලනේ ගැන අහලවත් තියෙනවද, වියදම් කරන්න සල්ලි තියෙනවනන් මේවගේ චරිත වෙන්න ඉතාම ලෙහෙසියි.(නදී)
එයාගේ දේශපාලන ඉනිමට මොනවා වෙයිද (නි)
මම නම් කියන්නේ එයා කොහෙට පැන්නත් කමක් නැහැ කියලයි (නි)
මගේ ප්‍රියතම ක්‍රීඩකයා. ඔහුට දීප්තිමත් අනාගතයක් හිමියි (නි)
එජාපයට ආසන 130 කට වඩා ගන්න බැහැ. මහින්ද කියන්නේ යුද්ධය අවසන් කරපු නායකයා . කෙලෙහිගුණ දන්නා ජනතාව තාමත් එතුමාගේ වටේ ඉන්නවා. (නදී)
ලෝක පුජිත ක්‍රීඩකයෙකුට ගිය කල. සංගීත පුටු තරඟයට ගියා වගේනේ වැඩ. අහුවෙච්චි අහුවෙච්චි පුටුවේ වාඩි වෙනවා. (නදී)
එජාපය 77 දී දිනුවටත් වඩා බලයක් අරගෙන මේ පාර 5/6 ක බලයක් ගන්නවා. 1) රාජ්‍ය මාද්‍ය සහය සන්දානයට නොමැති වීම 2) විදායකයේ හා ව්‍යව්ස්තාදායකය අතර ගැටුම් ඇතිවී රට අස්ථාවර වනවාට ජනතාව අකමැති වීම. 3) දෙමල සන්දානයට යතුර දෙන්න ජනතාව අකමැති නිසාත් වැඩි බලයක් තියෙන එජාපයට උපරිම බලයක් දී දෙමල සන්දානයට යතුර නොදීමට බොදු ජනයා පෙළගැසීම 4)පසුගිය පාලනයේ මර්දන ක්‍රියා පිළිබද තොරතුරු අනාවරණය වීම 5) මේ රජය නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය 6) මහින්ද පරාජය වී නොබෝ දිනකින් මෙම මැතිවරණය පැවැත්වීම 7) එජාපයේ තරුණ මැද පෙළ නායකත්වය ජනතාවට ආකර්ශනීය වීම හා දුෂණයෙන් අඩු බව පැහැදිලිව පෙනීමට තිබීම 8)රනිල්ගේ ආර්ථික නීති දැනීම පිලිබදව වෙනදාට වඩා ජනතාව තුල ඇති ඇගයීම. (නදී)
මොහු දේශපාලනය දන්නේ නැහැ. ක්‍රිකට් පමණයි. ලෝකයේ ශ්‍රේෂ්ට ක්‍රීඩකයන් ගරු නම්බු සහිතව ඉන්නවා. මේ අය තුට්ටු දෙකේ තත්වයට පහත වැටිලා (නදී)
ඒජාපය අාසන 105කට අාසන්නව ගන්නවා. සන්දානයට 82යි ජේවිපි 16යි. දෙමළ සන්දානයට 18කට අාසන්නයි. හම්බන්තොට කළුතර, මාතලේ ප්‍රතිඵල සන්දානයට කියල කිව්වේ. (නදී)
සනත් ඉන්නේ හරි පැත්තේ. ඒ කියන්නේ රටට යහපතක් වෙන පැත්තේ. (නදී)
ඒක ඉතින් එයාගේ කැමැත්ත (නි)
තවත් පිම්මක්! (නි)
හැමෝගෙම අධ්‍යාපන සුදුසුකම් බැලුවොත් හොඳයි නේද ගන්න කලින්? (නි)
ඇමතිකමකුත් ලැබුනනේ. ඒත් වැඩක් වෙලා නැහැ වගේ. (නි)
පක්ෂය විතරක් නෙමෙයි තව දේවල් හිතපු ගමන් මාරුකරන්න පුළුවන් කට්ටිය අපේ රටේ ඕන ෑතරම් ඉන්නවා (නි)
මෙහෙමත් අය ඉන්නවනේ! (නි)
නොනැවතී ඉදිරියටම යන්න (නි)
ඔහොම යං..ඔහොම යං...(නදී)
ෂික් මම හිතුවේ මහත්මා විදිහට දේශපාලනේන් සමුගත්තා කියලා. (නදී)
කමෝන් මෙන්න තවත් 6 පහරක් (නදී)
ජය ශ්‍රී! (නි)
මෑත කාලේදී කොහොමත් එහාට තමයිනේ ඉතින් බැට් කළේ (නි)
මගේ අනාවැකිය ජාතික ලැයිස්තුවට පෙර ප්‍රතිපලය: එජාපය ආසන 146 සන්දායනය ආසන 51 ජෙවිපේ ආසන 12 දෙමල සන්දානය ආසන 14 යි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 2 යි. මම ජනාදිපතිවරණය තැන කියපු අනාවැකිය වගේම මේකත් නුලට හරියනවා. (නදී)
ඔබ තුමා අපේ පැත්තටත් එන්ඩ ඕනා. මිනුවන්ගොඩ දමිත. ජය නියතයි..(නදී)
මම හිතන්නේ මේ පාරවත් ගුවන් සේවාව සම්බන්ධ තනතුරක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති (නදී)
ඔය ක්‍රිකට් ක්‍රීඩකයන් සමහර දෙනෙකුට මොලයක් නැහැ, ක්‍රිකට් තරඟ පාවා දී මුදල් ලබාගැනීම රටටම ලැජ්ජාවකි.(අ)
අපේ සනත් මේ වගේ වැඩක් කරයි කියලා අපි නම් හීනෙකින් වත් හිතුවේ නැහැ. සනත්ට තියෙන ගෞරවය අඩුවෙනවා. හරිම කනගටුයි. සන්දානේ නායකයින්ට සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් වෙන් කරගන්න ලැබුණු හොදම අවස්ථාවක්. ජනතාව නිවරදි තීන්දුවක් ලබා දේවි (නදී)
දේශපාලනේට ආපු හැම ක්‍රීඩකයාගේම වටිනාකම හේදිලා ගියා.මෙයත් දැන් ඒ බෝට්ටුවේ තමයි (නදී)
ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් කාලෙදි වැරදි තීරණ ගත්තත් අද හරි නිවරදි තීරණ ගත්තු එකට සතුටුයි (නදී)
ඒ කාලේ මහින්ද මහතා පස්සේ ගියා. දැන් ආයෙත් පැනලා. මේ මහතා ඇමති කාලේ අපි වෙනුවෙන් කළ එක වැඩක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද? (නි)
විකට් තමයි (නදී)
කොහොමත් මෙදා පාර නම් මැච් එක දිනන්නේ අලියම තමා. කව්රු අාවා නැතා. (නදී)
ඉතාම හොඳ තීරණයක්. ඔබට ජය! රටට ජය! (නි)
ඔබට ජය! (නි)
කාලයක් කෙනෙකුට කඩේ ගිහින් බාගෙට බ්ලාස්ට් වුණා. දැන් ඉතිරි ටිකත් බ්ලාස්ට් කරගන්නද හදන්නේ? (නි)
ඔබතුමා මේ දේශපාලන මඩ ගොඩෙන් ඉවත්වුණා කියලා තමා හිතාගෙන හිටියේ. පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ හිටියද කියලවත් දැනුනේ නැහැනේ. මඩේ බහින්නේ නැතුව ඉන්නම බැහැ වගේ. (නි)
කලින් ගියා.දැන් ඉතින් ආයෙත් ඇවිල්ලා. (නි)
මන්ත්‍රී වෙලා හිටියා කියලා කළ වැඩකුත් නැහැ.ගියා කියලා පාඩුවකුත් නැහැ. මහින්ද මහත්තයා අතදුන් රැකි අයම තමා ඔහුට එරෙහි වෙන්නේත්. (නි)
ලජ්ජා නැතිකම මහමුදලි කමට වඩා ලොකුයිනේ නේද ? (නදී)
සාදරයෙන් පිළිගනිමු. (නි)
ලොවම ආදරය කළ සනත් දේශපාලනය නිසා පිරිහීම හරිම කණගාටුයි. (නි)
අපේ රටේ ජනතාවගේ වීරයෝ නැත්නම් ජනතාවගේ හදවත්වල ගොඩක් පැහැදීමක් තිබුන රටේ නම ප්‍රසිද්දියට පත්කළ අර්ජුන, සනත්, සරත් පොන්සේකා,වගේ මහත්වරුන් දේශපාලනය නිසා එයාලගේ කීර්ති නාමයට ගොඩක් හානි කරගත්තා. (නදී)
රනිල්ට ජය නියතයි. (නි)
අද තියෙන දේශපාලනය හොඳයි. එය වැදගත් අය කල යුතුයි. එකල තිබුනු මඩ ගොහොරුව සුදද් කල යුතුමයි.(නදී)
ඔක්කොම යන්නේ දිනන පැත්තට තමයි. එ්ත් සුළුතරයකට මේක තේරෙන්නේ නැහැ. නොලැබෙන ජයක් ගැන පුරසාරම් දොඩවනවා.(නදී)
"වාසි පැත්තට හෝයියා" කියන්නේ ඕකට වෙන්න ඇති. අනික ඉතින් අපේ රටේ ඔය වාගේ දේවල් අහන්න වෙන එක පුදුමයක් නොවෙයිනේ නේද? (ම)
මේ වගේ ගෙම්බෝ අයින් කරමු (නදී)
සනුකි, එජාපෙ ආසන 100ක් ගන්න බැරුව ජාතික ආණ්ඩු ගැන කතා කරනවා. මගේ ජිවිතේ වුනත් ඔට්ටුයි එජාපෙට 146ක් ගන්න බෑ. සනත්ගේ තීරණය ගැන අපි පුදුම වෙන්නෙවත්, අපහාස කරන්නේවත් නෑ, ඒක ඔහුගේ කැමැත්ත. පොඩි දුකකට තියෙන්නේ සම්බන්ද වුන කෙනා ගැන විතරයි (නදී)
ජයසුරියගේ පවුල පරම්පරාගත එජාප පාක්ෂිකයෝ බව මාතර කවුරුත් දනිති. නමුත් මේ අවස්ථාවේ කළ හැකි හොඳම දෙය දේශපාලන කටු ඔටුන්න ගළවා පැත්තකින් තැබුවාට පසු ඔලුව නිදහස් කරගෙන ඉදිරියට යාම මිස ඔය එක එක තොප්පි ඔලුවට දමාගැනීම නොවේ. සනත්, ඔබට රටම ආදරය කරයි. ලොවම ඔබ ගැන දනියි. එහෙම එකේ දේශපාලන මඩගොහොරුවට නැවත බසින්නේ මොකද? (නි)
මම ජනාදිපතිවරණය ගැන අනාවැකි කියද්දී ඔයිට වැඩිය දරුණු විදිහට ප්‍රතික්ෂේප කරපු අය හිටියා. හැබැයි ජන්ද ගාන ගොඩක් දුරට හරි ගියා. මේ පාරත් එහෙම තමා. ගිය පාර සමහර රුපවාහිනී චැනල් විතරක් පේන මොනරාගල හම්බන්තොටින් තමයි මහින්ද හිටපු ජනපති ඉස්සරහට ආවේ. ඒ මැතිවරනේදී මාද්‍ය රජය බාවිතා කරපු හැටි අපි දැක්කා. මේ පාර ඒ සහයත් නැතුව සන්දානයට ආසන 51 කට වඩා ගන්න බැහැ. අපි මෙතන දැන් තර්ක කරන්න ඕනේ නැහැ. 18 ප්‍රතිපල බලලම කතා කරමු. (නදී)