රෝවන් ඇට්කින්සන් හෙවත් ‘මිස්ටර් බීන්’ පෞද්ගලික ජීවිතයේ අමතක නොවන සිදුවීමක් සඳහා මුහුණ දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ ඔහුගේ තරුණ පුතෙකු වන බෙන්ජමින් ඇට්කින්සන් එංගලන්තයේ රාජකීය හමුදා ඇකඩමියට තෝරා ගත් අවස්ථාවේදී බවයි.
බ්‍රිතාන්‍ය පුවත්පත් මේ බව වාර්තා කර තිබුණේ අතර, ඇට්කින්සන්ගේ ‘ෆේස්බුක් පිටුවෙහිද බෙන්ජමින්ව හමුදා ඇකඩමියට බඳවාගත් ලිපියද පළ කර තිබුණා. සැන්දර්ස්ට් හමුදා ඇකඩමිය ලෙස හැඳින්වෙන එහි පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 55ක දුරින්. මේ වනවිට 20 වැනි වියෙහි පසුවන බෙන්ජමින්, අනුගමනය කරනු ඇත්තේ බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බාල සොහොයුරා වන හැරී කුමරු ලැබූ හමුදා පුහුණුව යැයි පැවසෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd