IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මොස්කව් ප්‍රහාරය අයි.එස් බාරගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය.

එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයක නැගී රුසියානු - යුක්රේන දේශ සීමාවට පළා යාමට උත්සාහ කර ඇති බවත් ඔවුන්ට යුක්රේනයේ ආධාරකරුවන් සිට ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.වෙඩි තැබූ සැකකරුවන් සිව් දෙනා යුක්රේන දේශ සීමාව ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මොස්කව් නගරය වෙත රැගෙන ඒමට කටයුතු කරන බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.

ප්‍රහාරය ඉතාමත් සැලසුම් සහගතව කර ඇති බවත් ප්‍රහාරයට භාවිත කළ ආයුද රඟහලේ සඟවා තබා ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.

මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වෙඩි තැබීම නිසා සිදුවූ තුවාල සහ විෂ දුම ආග්‍රහණය වීමෙන් 143 දෙනා මියගොස් ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.සිද්ධියෙන් 121 දෙනෙකු තුවාල ලැබූ අතර තවත් 107 දෙනකුට විෂ දුම ආග්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.

ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී කඩා වැදුණු තුවක්කුකරුවන් අහඹු ලෙස නැරඹීමට පැමිණි අයට වෙඩි තැබුවේය.වෙඩි තබා රඟහලට ගිනි තැබීමෙන් පසුව තුවක්කු කරුවෝ පළා ගියහ.

අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම් බාර ගත්තත් සිද්ධියට වගකිව යුතු සියල්ලන් සොයා පුළුල් විමර්ශනයක් සිදු කරන බවද ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.

 



අදහස් (2)

මොස්කව් ප්‍රහාරය අයි.එස් බාරගනී

Rosa Sunday, 24 March 2024 12:07 AM

මේ ISIS සංහතියම විනාසම කරලා දාන්න ඕනේ... ලෝකේ කොතැනද ප්‍රශ්නයක් තියෙන්නේ, ඒකට මේ පාර අරාබියෙක් සම්බන්ධ ඇති...!

:       0       0

anura Sunday, 24 March 2024 10:12 AM

අයි එස් කන්න බොන්න කැමැති කොච්චි මිරිස්ද? බොන්න ආසා රාජ අම්ලයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site