වසරේ පළමු මාස හයේ දී පුද්ගලයන් 1202 ක් රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අනතුරු 330 කින් 340 දෙනෙකි. පළමු මාස හයේ දී මාර්ග අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 3584කි. ඉන් බරපතල තුවාල ලැබූවන් සංඛ්‍යාව 1049ක් වන අතර සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 2485කි. පොලිස් රථවාහන අංශයේ සංඛ්‍යාලේඛ අනුව දිනකට මාරක රිය අනතුරු හයක් හෝ හතක් පමණ සිදුවන අතර දිනකට 10 දෙනකු පමණ මියයති.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාස හයට 1200ක් පාරේ මැරිලා
ටිරෝන් Monday, 28 July 2014 02:29 AM
මැරුණු අයගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉඳල හරියන්නේ නැහැ මෙතනත් බැලුවොත් වැඩිපුරම මිය ගිහිල්ලා ඇත්තේ කහ ඉර මත. කණගාටුදායක තත්වයක් අද පවතින්නේ (නදී)
ලුම්බිණි Monday, 28 July 2014 02:34 AM
රිය අනතුරු වලින් වෙන ආර්ථික අලාභය ඉතා විශාලයි. රථවාහන පොලිසිය මම හිතනවා දැනට කරනවට වඩා දෙයක් කලයුතුයි කියල. මාර්ග නීති කඩන රියදුරන්ට නීතිය දැනට වඩා ක්‍රියාත්මක කලයුතුයි. පාලු තැනක ඉඳල සුදු ඉර කපන රියදුරන්ට දඩ ගහල විතරක් මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. (නදී)
පෙරේරා Monday, 28 July 2014 02:42 AM
එතකොට ඒ අතිනුත් ලංකාව ලෝකේ මුල් තැනට ඇවිල්ලද? (නදී)
ජෝයි Monday, 28 July 2014 03:43 AM
අයිතිකාරයෝ නැති හෝ හිටියත් නැති වා සේ අයාලේ ඇරලා ඉන්න බල්ලෝ පැනලා බයිසිකල් කාරයෝ කියක් මැරිල ද (නදී)
හේමන්ත Monday, 28 July 2014 06:11 AM
මේ වසර ගානටම දැක්කේ දත්ත වාර්තා පමණි. මේ අනතුරු අනිවාර්යෙන්ම අවම කල හැකි වෙනවා නිසි ක්‍රම වේදයක් ක්‍රියාත්මක කලොත්. පසුගිය අනතුරු වාර්තා අධ්‍යනය කොට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනයත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් එය කළ හැකියි. (අ)
මනෝ Monday, 28 July 2014 07:05 AM
රිය අනතුරු අඩු කිරීමට නෛතික ප්‍රවණතා ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් බෑ. මානසික ප්‍රවණතා, තාක්ෂණික ප්‍රවණතා ගැනත් අවධානය යොමුකළ යුතුය. තවද පාසල් මට්ටමින් අාරම්භ කරන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පාරේ විනය ඇති වන්නේ වගකීම වැඩි වූ පමනටයි. එයට දැනුම අවශ්‍යයි. මේ රටේ රියදුරන්ගෙන් 70% ක්ම අසාර්ථකයි. එනම් ඉහත කරුණු 3 අනුවයි. (අ)
ගාමිණී - සිරි Monday, 28 July 2014 07:16 AM
මේ මඟමරුවෝ හින්දා අද සාමාන්‍ය ජනතාවට පාර අයිනකින් යන්න, පදික වේදිකාවක ගමන් කරන්න, කහ ඉරකින් මාරුවෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ ! (නි)
දීපා Monday, 28 July 2014 09:02 AM
ලංකාවේ හැරුණවිට මේ වගේ මාරක මාර්ග අනතුරු වලින් මසකට 200 මරණ සිදුවෙන වෙන රටක් කාටද කියන්න පුළුවන් ??? (නි)
දිනේෂ් Monday, 28 July 2014 09:25 AM
ලංකාවේ පාරවල් දියුණු කළාට ඊට සමගාමීව වාහන වල සුදුසුකම් පරික්ෂා කිරීම , රියදුරු බලපත් නිකුත් කිරීමේ අක්‍රමිකතා වගේ දේවල් වලට විසඳුම් දීලා නැහැ. (නි)
ඇසළ Sunday, 27 July 2014 04:44 PM
ජනගහණය ගැන ඉස්සර නම් කිවුවේ ස්වභාවික විදිහට පාලනය වෙනවා කියලා. මාර්ග නීති හරියට ක්‍රියාත්මක නොකරන බස් රියදුරන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ටිපර් රියදුරන්ගේගේ බලපත්‍ර අවලංගු කළොත් 75% කින් මේ අනතුරු අඩුකර ගැනීමට පුළුවන්. (නි)
නිශාන්ත Sunday, 27 July 2014 04:54 PM
ත්‍රිරෝද රථ මේ මරණ කීයකට වගකිවයුතුද? (නි)
ලක්ෂපාන Sunday, 27 July 2014 05:20 PM
සංවර්ධනය ගැන කියා පාරවල් හැදුවට මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ගැන සිතා පාර දෙපස පදික වේදිකාවක් කවදා හැදෙයිද? සියලුම ප්‍රධාන මාර්ග දෙපස පාපැදිකරුවන්ටත් යාමට හැකි ආකාරයෙන් පදික වේදිකා හැදුවොත් බොහෝදුරට අනතුරු අවම වෙයි. (නි)