වසරේ පළමු මාස හයේ දී පුද්ගලයන් 1202 ක් රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අනතුරු 330 කින් 340 දෙනෙකි. පළමු මාස හයේ දී මාර්ග අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 3584කි. ඉන් බරපතල තුවාල ලැබූවන් සංඛ්‍යාව 1049ක් වන අතර සුළු තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 2485කි. පොලිස් රථවාහන අංශයේ සංඛ්‍යාලේඛ අනුව දිනකට මාරක රිය අනතුරු හයක් හෝ හතක් පමණ සිදුවන අතර දිනකට 10 දෙනකු පමණ මියයති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණු අයගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉඳල හරියන්නේ නැහැ මෙතනත් බැලුවොත් වැඩිපුරම මිය ගිහිල්ලා ඇත්තේ කහ ඉර මත. කණගාටුදායක තත්වයක් අද පවතින්නේ (නදී)
රිය අනතුරු වලින් වෙන ආර්ථික අලාභය ඉතා විශාලයි. රථවාහන පොලිසිය මම හිතනවා දැනට කරනවට වඩා දෙයක් කලයුතුයි කියල. මාර්ග නීති කඩන රියදුරන්ට නීතිය දැනට වඩා ක්‍රියාත්මක කලයුතුයි. පාලු තැනක ඉඳල සුදු ඉර කපන රියදුරන්ට දඩ ගහල විතරක් මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. (නදී)
එතකොට ඒ අතිනුත් ලංකාව ලෝකේ මුල් තැනට ඇවිල්ලද? (නදී)
අයිතිකාරයෝ නැති හෝ හිටියත් නැති වා සේ අයාලේ ඇරලා ඉන්න බල්ලෝ පැනලා බයිසිකල් කාරයෝ කියක් මැරිල ද (නදී)
මේ වසර ගානටම දැක්කේ දත්ත වාර්තා පමණි. මේ අනතුරු අනිවාර්යෙන්ම අවම කල හැකි වෙනවා නිසි ක්‍රම වේදයක් ක්‍රියාත්මක කලොත්. පසුගිය අනතුරු වාර්තා අධ්‍යනය කොට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනයත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් එය කළ හැකියි. (අ)
රිය අනතුරු අඩු කිරීමට නෛතික ප්‍රවණතා ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් බෑ. මානසික ප්‍රවණතා, තාක්ෂණික ප්‍රවණතා ගැනත් අවධානය යොමුකළ යුතුය. තවද පාසල් මට්ටමින් අාරම්භ කරන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පාරේ විනය ඇති වන්නේ වගකීම වැඩි වූ පමනටයි. එයට දැනුම අවශ්‍යයි. මේ රටේ රියදුරන්ගෙන් 70% ක්ම අසාර්ථකයි. එනම් ඉහත කරුණු 3 අනුවයි. (අ)
මේ මඟමරුවෝ හින්දා අද සාමාන්‍ය ජනතාවට පාර අයිනකින් යන්න, පදික වේදිකාවක ගමන් කරන්න, කහ ඉරකින් මාරුවෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ ! (නි)
ලංකාවේ හැරුණවිට මේ වගේ මාරක මාර්ග අනතුරු වලින් මසකට 200 මරණ සිදුවෙන වෙන රටක් කාටද කියන්න පුළුවන් ??? (නි)
ලංකාවේ පාරවල් දියුණු කළාට ඊට සමගාමීව වාහන වල සුදුසුකම් පරික්ෂා කිරීම , රියදුරු බලපත් නිකුත් කිරීමේ අක්‍රමිකතා වගේ දේවල් වලට විසඳුම් දීලා නැහැ. (නි)
ජනගහණය ගැන ඉස්සර නම් කිවුවේ ස්වභාවික විදිහට පාලනය වෙනවා කියලා. මාර්ග නීති හරියට ක්‍රියාත්මක නොකරන බස් රියදුරන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ටිපර් රියදුරන්ගේගේ බලපත්‍ර අවලංගු කළොත් 75% කින් මේ අනතුරු අඩුකර ගැනීමට පුළුවන්. (නි)
ත්‍රිරෝද රථ මේ මරණ කීයකට වගකිවයුතුද? (නි)
සංවර්ධනය ගැන කියා පාරවල් හැදුවට මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ගැන සිතා පාර දෙපස පදික වේදිකාවක් කවදා හැදෙයිද? සියලුම ප්‍රධාන මාර්ග දෙපස පාපැදිකරුවන්ටත් යාමට හැකි ආකාරයෙන් පදික වේදිකා හැදුවොත් බොහෝදුරට අනතුරු අවම වෙයි. (නි)