දඹුල්ලේ විදේශ රැකියා ඒජන්සියකින් සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තම බිරිද මාස හතරකදී ගෙවල් හයට කට මාරු කර ඇතැයි ඇගේ සැමියා වන කන්තලේ සුදත් ගුණතිලක කන්තලේ හා දඹුල්ල පොලිස් ස්ථාන වලට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි කර ඇත.
විදේශ ගත ගෘහ සේවිකාවන් ගිවිසුම් ගත නිවස හැර වෙනත් නිවාසවල සේවයට යෙදවිම නිතියෙන් තහනම් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ මිනිස්සුන්ට ගිහාන් මේවා කියනවා කියන්නේ බිරි අලින්ට වීණා වයනවා වගේ වැඩක් තමන්ගේ කෙනෙක්ට වෙනකම්ම ඇත හරින්නේ නැහැ. ගල්ෆ් රටවලට ඇවිත් රා නිදි මරාගෙන ලොකු මුදලක් හොයනවනම් එත් කමක් නැහැ. ලංකාවේ ඉඳගෙන මේ මුදල හොයන්න පුළුවන්. බංගලාදේශය,ඉන්දියාව,පකිස්ථානය වගේ රට වල මිනිස්සු ලංකාවේ අපෙන් අහන දෙයක් තමයි.උඹලගේ රටේ ගැණු ඇයි මෙහෙම රටවලට විකුනන්නේ කියල. අදහස් ගොඩක් තියෙනවා.නමුත් මේ කෙටි ඉඩකඩට බොහොම තුති. අම්මලාගෙන් අක්කලගෙන් ඉල්ලන්නේ එක දෙයයි.ඒජන්සි වලින් දෙන ලක්ෂ දෙකට රැවටිලා මේ රටට එන්න එපා.(බ)
මමත් ප්‍රභාත්ගේ කීමට එකගයි. ඒජන්සියට බැනලා වැඩක් නැහැ. එයාල කරන්නේ ව්‍යාපාරයක් (නදී).
අප රට හැර අන් රටවල කුමන සැපක්දෝ (නදී)
කාන්තාවන් එන එක වලක්වන්න එපා ,යම් ගැටලුවක් ඇති උනාම මේ අයට තීරණයක් ගන්න දන්නේ නැහැ, අපේ තානාපති කරියාලයට ගියත් එහි නිලධාරින්ට වැඩ කරන්න පහසුකම් නැහැ (බ)
ලංකාවේ කාන්තාවන්ගේ වෘත්තීය ගරුත්වය ගැන දැන්වත් තීරණයක් ගතයුතුයි (නි)
අපේ තියෙන පොඩි ඉඩමක තේ දළු ටිකක් කඩන්න, රබර් කිරි ටිකක් කපන්න, කුරුඳු ටිකක් තලන්න එන්න බැහැ. අපේ ළඟ වැඩ කරන්න ලෝකයේ තිබෙන කොන්දේසි ඔක්කොම දානවා. මේ වෙලා තිබෙන දේ ගැන ඇත්තටම දුකයි. නමුත් අපේ මිනිස්සු ඇත්ත තේරුම්ගන්නේ හැමදාම පරක්කුවෙලා. (නි)
සෞදියේ ඉන්න බිරිඳ ගැන මොනවාහරි ප්‍රවෘත්තියක් මෙහෙමවත් එන එකට සතුටුවෙන්න. ගොඩක් අයට එහෙමවත් වාසනාවක් නැහැ. (නි)
කොච්චර කීව්වත් ඒ අපේ අහිංසක සිංහල අම්මා, නංගී,අක්කව මේ වගේ රටවලට ඇයි එවන්නේ. මේ මිනිස්සු අසරණ අපේ අම්මගේ,අක්කගේ ජීවිත විනාශ කරලා ලේ උරා බොනවා. එවන්න එපා මෙහාට (නදී)
ගිහාන් ඇත්තටම අපි මෙහේ වෙන දේවල් දකින නිසයි කියන්නෙ සෞදියට එවන්න එපා ගෘහ සේවිකාවො කියලා. පිරිමි අය ඇවිත් පොඩ්ඩක් දුක් විදලා කීයක් හරි හම්බ කරගන්න එක වෙනම දෙයක්.ඒජන්සි වලින් දෙන ලක්ෂ දෙකට රැවටිලා මේ රටට එන්න එපා. සමහරු අහන්න පුළුවන් උඹලද එතකොට කන්න දෙන්නෙ කියලා. අනෙක් ගල්ෆ් රට වලට සාපේක්ෂව මෙහේ ඉන්න මිනිස්සු වෙලාවකට හැසිරෙන්නේ ගෝත්‍රිකයෝ වගේ. උද්දච්ච කුහක මෝඩ කමෙන් අණුන ගෑනු ඉන්න රටක් මේක. ඒ නිසා දැන්වත් දෙයියනේ කියල කාන්තාවො මේ රටට එවන එක නවත්තන්න. අනික ඔය දබුල්ලේ ඒජන්සියට පුදුමාකාර විදිහට පැමිණිලි තියෙනවා.ඒවා විසදන්නේ නැහැ විදේශ සේවා එකේ ඉන්න අයත් තව කී දෙනෙක්ගෙ මිනි දකින්නද දන්නෙ නැහැ බලාගෙන ඉන්නෙ. (නදී)