
(අංජුල මහික වීරරත්න)
විදේශ විනිමය හිඟය නිසා මව්සතුන් ආනයනය අවම වීම හේතුවෙන් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය මව්සතුන් 80,000ක් ආනයනය කර තිබෙන නමුත් මේ වසරේ දී විදේශ විනිමය හිඟය හා ඉන්දියාව වැනි රටවල් මව්සතුන් අපනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2022 වසරේ දී මව්සතුන් මෙරටට ආනයනය කිරීම 7000 දක්වා අවම වී තිබෙන බව අමාත්‍යවරයා කීය.
එම ගැටළුවත්, සත්ව අහාර හිඟයත් නිසා ලබන වසරේ දී මෙරට බිත්තර කර්මාන්තයට මෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ඉතාමත් ගැටළුකාරී විය හැකි බව පෙනී යන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලෝක බිත්තර දිනය සමරමින් අගුණකොළපැලැස්ස පුරහලේ පැවැති ජාතික වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී ගැබිනි මව්වරු 500 කට බිත්තර ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මල්ලක් බැගින් බෙදාදීමට අමාත්‍යවරයා පියවර ගත්තේය. ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එම වැඩසටහන සංවිධාන කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 25ක් විතර ඇමැතිකම් කරලා රට මේ තැනට ගෙනාව එකට සතුටු වෙයන්...
ඒ කියන්නේ ලබන වසරේ ප්‍රෝටීන ඌණතාවයක්... සුපිරි ආශ්චර්යය වෙන්නේ දැන් තමයි. ඉතින් මේවා මෙහෙම වෙනකොට අර එක්කෙනෙක් ඇවිත් කියනවා ආයෙත් අර බැසිල් ඇවිත් නායකත්වය දෙනවලු. මේවටද නායකත්වය දෙන්නේ..? මොවුන් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. මොවුන් මන්ද බුද්ධිකයින්... කාලකණ්ණි...!
ලබන වසර විතරක් නොවේ දැනුත් අසුබයි. මේ කාලකණ්ණි පොහොට්ටුවේ ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ.
නියම බෞද්ධයෝ වෙන්න කාලය උදා වී ඇත