රුපියල් හැට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් බිස්කට් දහයක් සපත්තු මේස් ඇතුලේ ද, නිම නොකළ රන් මාලයක් කලිසම් සාක්කුවේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ඉන්දියා ජාතික තරුණයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු 27 වියේ පසුවන දකුනු ඉන්දියානු පදිංචිව සිටි පුද්ගලයෙකි. ඔහු මෙරට නේවාසික වීසා ලබා ගෙන දැනට පානදුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙකු බව රේගුව කියයි.
ඔහු මසකට තුන් හතර වතාවත් ශ්‍රී ලංකාව හා ඩුබායි අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් බිස්කට් වල බර කිලෝග්‍රෑම් එකක් වු අතර රන් මාලයේ බර ග්‍රෑම් තුන්සිය හතලිහකිි.
සැකකරු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ රේගු පරිශ්‍රයෙන් පිටවීමට යත්ම රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම රත්තරන් සොයාගෙන ඇත.
ඔහු පැළඳ සිටි සපත්තු වල මේස් ඇතුලත බිස්කට් පහ බැගින් දහයක් දමා තිබූ බව රේගුව කියයි. ඔහුගේ සාක්කුවේ තිබී සොයාගත් රන් මාලය උණු කොට සාදා ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි වාසලතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.එම් ප්‍රේමජයන්ත, සාගර කුමාර සහ සිසිර පෙරේරා යන නිලධාරීහු සිදු කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ්, ඔබ පිටරටදී මිලදී ගන්නා රන් බිස්කට් එක , මිලට ගත් බිල සමඟ රේගුවට පෙන්වා ඔබට එය රට තුළට ගෙනයා හැකිය. නමුත් වෙළදාමට දෙක තුනක් රැගෙන ආවොත් එය රේගුවේදී යම්කිසි රේගු මුදලක් ගෙවා ගෙන යාහැකියි. හොරෙන් ගෙනයාමට ගොස් අසුවුණොත් රාජසන්තකවී දඩ මුදලකුත් ගෙවීමට සිදුවේ (නි)
රන් බිස්කට් එකක් මිලදි ගත්තනම් දැන් කරන්න දෙයක් නැහැ.නැති බැරි හිඟන්නෙකුට දුන්න කියල හිත හදා ගන්න. (ස)
ඔය අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ?දැනට ටොන් වලින් කීයක් අල්ලාගෙන තිබෙනවද?අපිට දැන ගන්න අයිතියක් තියෙනවා. (ස)
ටිකිරි බන්ඩෝ, ලංකාවේ ජීවත් වුනා ඇති කියල හිතුනද? (ස)
ඔය අල්ලාගත් රත්තරන් කන්දරාවට මොකද කරන්නේ? (නි)
ටියුනිසියාවේ බෙල් අලිගේ බාර්යාව රටින් පනිනකොට අරගෙන ගියේ රත්තරන් කිලෝ 1800 යි. ලංකාවේ දැනටම ඒ වාර්තාව කැඩෙන්න මෙහෙම අල්ලාගත් රත්තරන්ම එකතුවෙලා ඇති (නි)
ලංකාවට දියුණුවෙන්න වෙන දෙයක් කරන්න ඕන නැහැ. මේ හොරු ටික අල්ල ගත්තානම් ඇති. (ර)
රත්තරන් වලින් ස්වංපොෂිත රටක් ලංකාව කියන්නේ අහුවෙන රත්තරන් වල හැටියට ජනතාවට කොචිචර සහන දෙන්න පුලුවන්ද.? (ර)
ටිකිරි බණ්ඩා විතරයි එහෙම දෙයක් හරි ඇහුවේ (නි)
රේගු නිලධාරීන්ගේ ෆොටෝ දල වැඩක් නැහැ හොරාගේ ෆොටෝ එකයි දාන්න ඕන. (බ)
රෙගු නිලධාරීන්ගේ ෆොටෝ දාල වැඩක් නැහැ. හොරාගේ ෆොටෝ එකයි දාන්න ඕන. (ර)
හොරාගේ ෆොටෝ එකක් දැමීම නිතිය අනුව වැරදී දෙයක්, තවම පරීක්ෂණ කරන නිසා, රෙගු නිලදාරින්ට බොහොම ස්තුතියි මේ කරනා සේවයට. (ර)
රට තුලට රත්ත්‍රන් ගෙන එම සම්බන්ඩව පවතින නිතිය කුමක්ද කියා දන්න කෙනෙක් කියන්න. විදේශයක සේවය කරන මමත් රන් බිස්කට් එකක් මිලදි ගත්තා. (ර)