IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේස් දෙකෙන් සාක්කුවෙන් 67 ලක්ෂයක රන් එළියට

රුපියල් හැට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් බිස්කට් දහයක් සපත්තු මේස් ඇතුලේ ද,  නිම නොකළ රන්  මාලයක් කලිසම් සාක්කුවේ සඟවාගෙන  ඩුබායි සිට මෙරටට පැමිණි ඉන්දියා ජාතික තරුණයෙක්  බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු 27  වියේ පසුවන දකුනු ඉන්දියානු පදිංචිව සිටි පුද්ගලයෙකි. ඔහු මෙරට නේවාසික වීසා ලබා ගෙන දැනට පානදුරේ ප්‍රදේශයේ  පදිංචිව සිටින අයෙකු බව රේගුව කියයි.

ඔහු මසකට තුන් හතර වතාවත් ශ්‍රී ලංකාව හා ඩුබායි අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් බිස්කට් වල බර කිලෝග්‍රෑම් එකක් වු අතර රන් මාලයේ බර  ග්‍රෑම් තුන්සිය හතලිහකිි.

සැකකරු  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ රේගු පරිශ්‍රයෙන් පිටවීමට යත්ම  රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම රත්තරන් සොයාගෙන ඇත.

ඔහු පැළඳ සිටි සපත්තු වල මේස් ඇතුලත බිස්කට් පහ බැගින් දහයක් දමා තිබූ බව රේගුව කියයි. ඔහුගේ සාක්කුවේ තිබී සොයාගත් රන් මාලය උණු කොට සාදා ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි වාසලතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.එම් ප්‍රේමජයන්ත, සාගර කුමාර සහ සිසිර පෙරේරා යන නිලධාරීහු සිදු කරති.

 1 2

 

 

 

 



අදහස් (0)

මේස් දෙකෙන් සාක්කුවෙන් 67 ලක්ෂයක රන් එළියට

බාලසුරිය කොලොන්නාව Tuesday, 11 November 2014 03:05 PM

මහේෂ්, ඔබ පිටරටදී මිලදී ගන්නා රන් බිස්කට් එක , මිලට ගත් බිල සමඟ රේගුවට පෙන්වා ඔබට එය රට තුළට ගෙනයා හැකිය. නමුත් වෙළදාමට දෙක තුනක් රැගෙන ආවොත් එය රේගුවේදී යම්කිසි රේගු මුදලක් ගෙවා ගෙන යාහැකියි. හොරෙන් ගෙනයාමට ගොස් අසුවුණොත් රාජසන්තකවී දඩ මුදලකුත් ගෙවීමට සිදුවේ (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 11 November 2014 05:53 PM

රන් බිස්කට් එකක් මිලදි ගත්තනම් දැන් කරන්න දෙයක් නැහැ.නැති බැරි හිඟන්නෙකුට දුන්න කියල හිත හදා ගන්න. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 11 November 2014 05:54 PM

ඔය අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ?දැනට ටොන් වලින් කීයක් අල්ලාගෙන තිබෙනවද?අපිට දැන ගන්න අයිතියක් තියෙනවා. (ස)

:       0       0

ගයාන් Tuesday, 11 November 2014 05:55 PM

ටිකිරි බන්ඩෝ, ලංකාවේ ජීවත් වුනා ඇති කියල හිතුනද? (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 11 November 2014 06:26 PM

ඔය අල්ලාගත් රත්තරන් කන්දරාවට මොකද කරන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 11 November 2014 06:28 PM

ටියුනිසියාවේ බෙල් අලිගේ බාර්යාව රටින් පනිනකොට අරගෙන ගියේ රත්තරන් කිලෝ 1800 යි. ලංකාවේ දැනටම ඒ වාර්තාව කැඩෙන්න මෙහෙම අල්ලාගත් රත්තරන්ම එකතුවෙලා ඇති (නි)

:       0       0

හේමන්ත Tuesday, 11 November 2014 12:22 PM

ලංකාවට දියුණුවෙන්න වෙන දෙයක් කරන්න ඕන නැහැ. මේ හොරු ටික අල්ල ගත්තානම් ඇති. (ර)

:       0       0

ජි. නන්දන Tuesday, 11 November 2014 12:26 PM

රත්තරන් වලින් ස්වංපොෂිත රටක් ලංකාව කියන්නේ අහුවෙන රත්තරන් වල හැටියට ජනතාවට කොචිචර සහන දෙන්න පුලුවන්ද.? (ර)

:       0       0

ශාන්ති Tuesday, 11 November 2014 07:45 PM

ටිකිරි බණ්ඩා විතරයි එහෙම දෙයක් හරි ඇහුවේ (නි)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Tuesday, 11 November 2014 12:47 PM

රේගු නිලධාරීන්ගේ ෆොටෝ දල වැඩක් නැහැ හොරාගේ ෆොටෝ එකයි දාන්න ඕන. (බ)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Tuesday, 11 November 2014 12:47 PM

රෙගු නිලධාරීන්ගේ ෆොටෝ දාල වැඩක් නැහැ. හොරාගේ ෆොටෝ එකයි දාන්න ඕන. (ර)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 11 November 2014 01:27 PM

හොරාගේ ෆොටෝ එකක් දැමීම නිතිය අනුව වැරදී දෙයක්, තවම පරීක්ෂණ කරන නිසා, රෙගු නිලදාරින්ට බොහොම ස්තුතියි මේ කරනා සේවයට. (ර)

:       0       0

මහේෂ් Tuesday, 11 November 2014 01:39 PM

රට තුලට රත්ත්‍රන් ගෙන එම සම්බන්ඩව පවතින නිතිය කුමක්ද කියා දන්න කෙනෙක් කියන්න. විදේශයක සේවය කරන මමත් රන් බිස්කට් එකක් මිලදි ගත්තා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site