සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන කරද්දී පාසල් සිසුවකු හා එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන සිටියේයැයි චෝදනා එල්ල වී සිටි කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් ඩබ්ලිව් එස් උදයකුමාර වහා ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කරනු ලැබීය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද මෙම මාරුවීම කර ඇත.
ස්ථානාධිපතිවරයා මාරු කරනු ලැබුවේ මූලික විමර්ශනයෙන් වැරදි කරු වී මාස දෙකකට පමණ පසු මාධ්‍යවෙලින් චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.
පොලිසියේ උප පොලිස්පරීක්ෂකවරු දෙදෙනෙක් ද, සැරයන් වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද දෙන්න පුළුවන් ලොකුම දඩුවම? (කෞ)
දැක්කද, යහපාලනය කොච්චර සාධාරණද, කාර්යක්ෂමද කියල.(කෞ)
ඇඹිලිපිටියට නියම කෙනා. (කෞ)
දැන් ඒ ගින්දර වෙනතැනකට දුන්නා.එතන පත්තුවුනහම...තව තැනකට...බලාගෙනයි, සමහරවිට එයාගේ අවසන්ගමන වෙන්නත් පුළුවනි.(කෞ)
පොලිසියේ වැරදි කරන අයට දෙන දඬුවම හරිම අපුරුයි. ඉබ්බා දියට දානවා වගේ. කොටදෙනියාවෙන් කෑගල්ලට. කියලවත් ඉල්ලගන්න බැරි දඬුවමක්. (බ)
මාස දෙකක් , අවුරුදු දෙකක් නොවීම ගැන සතුටු වෙමු. එ්ත් කොහාටද මාරු කළේ (බ)
අපි අලුත් පොලිසියක් හදමු.වැඩි පඩියකට. එකට කොටදෙනියාවේ අැඹිලිපිටියේ වීරයෝ දෙන්නව ලොක්කෝ කරලා යවමු (බ)
තානාපති කමක් ගන්න තිබ්බ 2015 ට කලින් වුණා නම්. (බ)
වැරදි කරන හැම කෙනාම කෑගල්ලට මාරු කරන්නේ මොකෝ (ම)
මේ පොලිස්පතිත් පැන්ෂන් ගියාම තානාපති කමක් ,මහා කොමසාරිස් කමක් බලාපොරොත්තු වෙනවා වගෙයි (බ)