
(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි කිරිකැටියා වහා රෝහල් ගතකර ඇත.
අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් මෙම සිඟිත්තා බළපිටිය රෝහලට රැගෙන ගියාය.
සිගිත්තාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්
ගුණරත්න Monday, 10 March 2025 04:02 PM
පවු දුප්පත් පොඩි එකා, අපිට වත්කමක් නැහැ තව කෙනෙක් හදන්න, එහෙම පුළුවන් මහත්මයෙක් ඉන්නවා නම් මැදිහත් වෙලා හදාගෙන හොඳ ජීවිතයක් උරුම කරදෙන්න. ඔබට සුබ අනාගතයක් වේවා පුතේ...
jayalath pandurage Monday, 10 March 2025 11:22 PM
දැන් දරුවා දාලා ගියා... දැන් හොයන්නේ නැතිව දරුවාව හදාගන්න පුළුවන් කෙනෙක්ව බලලා දෙන්න. අද වෙනකන් තියන ආණ්ඩුවල හොරකම්, ජඩකම් නිසයි දුප්පත් මිනිස්සු දරුවන් දාලා යන්නේ... මාරාන්තිකව එහෙම කරන එක පිනක්...