2014 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මිස් ශ්‍රී ලංකා ලෙස තේරුණේ මේ රුවැත්තියයි. මේ අනුව දෙසැම්බර් 6 වැනිදා ජැමෙයිකාවේ කිංස්ටන් නුවර දී පැවැත්වෙන ”මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල්” ලෝක තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලබා සිටින්නී ඇයයි. ඒෂනී ඩයනා ජයපාල ඇයගෙ නාමයයි. මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගයට යන ඇය කවු ද?
ඒෂනි ඔබ කවු ද?
මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.
අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද?
දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙනවා. හැබැයි ඒ කරන දේවල් වෘත්තීමය වගකීම වටහාගෙන කරන්නෙ. එහෙම නැතුව ආවට, ගියාට කරන දේවල් නොවෙයි.
ඇයි ස්ථිර අංශයක නිරත නොවන්නෙ?
නිරූපණය, නිවේදනය, සමාජ සත්කාරවලට දායක වීම වගේ ඒ සියලූ දේ කරන්න ආසා නිසා.
රඟපෑමට නාවේ?
වතාවක් ද ෆිල්ම් ටීම් ආයතනය යටතේ මෙහි දී රූගත කළ රුසියානු චිත‍්‍රපටයක රඟපෑවා. ඇත්තටම හොඳ චිත‍්‍රපටයක රඟපාන්න ආසයි. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.
මේ කරන කියන දේවල් ආර්ථිකයට ප‍්‍රමාණවත් වෙනව ද?
මගේ අයියා ජ’පුර සරසවියේ උපාධිධාරියෙක්. එයා විද්්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධන කටයුතු ආයතනයක් පවත්වාගෙන යනවා. මාත් ඒ කටයුතුවලට සහයෝගය දෙනවා. ඊට අමතරව ACBT එක මම වැඩිදුර පාඨමාලාවක් හැදෑරුවා. ලබන වසරේ දී මගේම විලාසිතා ආයතනයක් පවත්වාගෙන යාම අරමුණයි.
”මිස් ග්ලෝබල්” ගැන විස්තර සඳහනක් කළොත්?
මේ ජාත්‍යන්තර තරගයට මිස් ශ්‍රී ලංකා හෝ මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මෙවර තේරුණේ මමයි. ජැමෙයිකාවේ දී පැවැත්වෙන මෙම තරගයට රටවල් පනස් ගණනක් ඒ රටවලින් තේරුණු මිස් ග්ලෝබල් කිරුළ ලද සුරූපිණියන් සහභාගි වීමට නියමිතයි. මට හිතෙන විදියට රටට කීර්තියක් ගෙන දීමට පුළුවන් වේවි කියලා හිතෙනවා. තමන්ගේ රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට ප‍්‍රචාරය ලබා දීම මෙහි ඉලක්කයයි. ඉතින් මම මගේ රටේ ප‍්‍රවර්ධනයට සේවයක් කරන අතරේ පාසල් කාලයේ සිටම කරන සමාජ සේවයට මීට වඩා ලැදිව කටයුතු කිරීම අරමුණයි. මගේ උපන් දිනය යෙදෙන්නෙ දෙසැම්බර් 4 වැනිදාටයි. එදාට මම ඉන්නෙ ජැමෙයිකාවෙ. 6 වැනිදා පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒම ඒකායන අරමුණයි. මේ සියලූ දේ වෙනුවෙන් මට මේ ලොකු අවස්ථාව ලැබුණෙ ඇමරිකාවේ බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි චිත‍්‍රාල් ද මෙල් මහතා සහ ලියෝනි ද මෙල් මහත්මියගෙ අනුබලය සහ අනුග‍්‍රහය නිසයි. එය ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.
හැඩ ගැන්වීම්: මධාරා ප‍්‍රසාදි විතාරණ
පසුතලය: පාක් ස්ටී‍්‍රට් මියුස් (Park Street Mues)
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිස් ග්ලෝබල් ඒෂනී
මාෂා Tuesday, 02 December 2014 02:48 PM
වෙන අය හිටියෙම නැද්ද? (නදී)
එල්/කේ/එස් චන්ද්‍රසිරි Tuesday, 02 December 2014 05:39 PM
ඔබට ජය ලැබේවා (නදී)
රන්දීර. Saturday, 06 December 2014 09:35 AM
හොදට ගොලේබල් අරගෙන වගේ පේනවා.(නදී)
සරත් පියසේන Tuesday, 02 December 2014 12:28 PM
රටට ජය ගේන්න ...සියලු දෙවි පිහිට පතමි. (ස)