මුදල් ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකට බාරදුන් බවත් එහි අත්සන් 44ක් තිබූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු තව කිහිපදෙනකුට අත්සන් කිරීමට නොහැකිවූ බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ මහතා අද (30) පිටකෝට්ටේ, පාගොඩ පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පැහැදිලි ආර්ථික දැක්මක් ඇති අයකුට මුදල් ඇමැතිකම දිය යුතු බවත් මේ ආණ්ඩුවේ ක්‍රමය මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම බවත් ගම්මන්පිළ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටු කාපු අය තමයි කට්ටේ රස දන්නේ. (ර)
වැඩක් වෙන්නේ නෑ ඔය කෑ ගැහුවට.(හේ)
කටු කොහොම වෙතත් වාහන බලපත්‍රය විකුණාගන්න තිබුනොත් ඇති නේද ? (හේ)
බලනකොට කවුරුත් එකයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ගැටුම් පමණක් රටක හෙට තීරණය කරාවිද ? (ම)
අය වැය තුල ඇති රටට ආර්ථිකයට නොගැලපෙන දෑ මොනවද කියල ජනතාවට පෙන්වල දීල ඊටපස්සේ විශ්වාස භංග යෝජනාව ගෙනවනන් තමා හොඳ (ම)
ජනාධිපති සමග තිබුණ සාකච්ඡාවට විමල් ට , උදය ට අවස්ථාවක් දුන්නේ නැති නිසා මස්කටු කතාවක් කියන්නේ අවසාන ප්‍රතිපලය ගැන ඉව වැටිලද? එ්ත් ඉතින් කලින් කට්ටිය කළ වැඩේ ඊට වඩා හොඳට මෙයාල කරාවි. (බ)
ඔබතුමාත් කලින් හිටපු නායකයා දුන් කටු ලෙවකාපු කෙනෙක් තමා. අපිට එ්ක අමතක වෙලානේ (බ)
ඔබේ මස්කටු ප්‍රකාශය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපහාසයක්. (බ)
ඔබතුමාට මස් කෑල්ලක් දෙන්නද? (බ)
අනේ මන්දා ,හොද විපක්ෂයක් තියෙන්න ඕනේ වගේම නිදිකිරා වැටෙන්නේ නැතුව ආණ්ඩුවට දැනෙන්න යමක් කරන්න ඕනේ. එ්ත් මෙයානම් දැන් විහිලු කාරයෙක් ගානයි. කොහොමට හිටපු මනුස්සයෙක් ද ?කරුමේ වලක්වන්න බැහැ කියන්නේ ඕක තමයි (බ)
ඔයත් ඒ ගොඩේම මස්කටු කන, කාපු කෙනෙක තමයි.ආයේ මොකද විශේෂයක් (ම)
ඔබ මොනවටද හොදයි කියල කියල තියෙන්නේ ? අනුන්ගේ වැරදි පමණක් නොසොයනු (ම)
අපට දේශපාලනය එපා කරන්න එපා මහත්තයෝ. අඩුම ගානේ ජන්දෙ දාන එකට යන්න හිතෙන්න අදහසක් මිනිස්සුන්ට ඉතුරු වෙන්න වැඩ කළොත් තම හොද. අතීතේ අමතක නැහැ මිනිස්සුන්ට.(ම)
අනේ අප්පෝ ! ඇල්වතුරත් නිවලා බොන උදවිය රීරි මාංශත් අදින්න හදනවා වගෙයි පෙනෙන්නේ.(ම)
මොහු දෙස බැලීමේදී කෙටි කාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දැක ගන්නට පුළුවන්. (ම)
රට ගැන හිතලා වැඩ කරොත් නරකද? (ර)
දැන් හිත හදා ගන්න පුළුවන්. (ර)
අයියෝ ගම්මන්පිල කියන්නයි වෙන්නේ.(හේ)
දිලිප් ඔයා හරි. (හේ)
අපි ඔබ සමගයි. (ර)
කටු ගැනනම් කතාකරන්න එපා... (ර)