(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රට පුරා ඇති නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ මෙහෙයුම් වලදී මාස 20ක් ඇතුළත ගිනි අවිය 1164 ක් සහ උණ්ඩ 3548 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
2016 වසරේ සහ 2017 වසරේ අගෝස්තු මස දක්වා මෙම මෙහෙයුම සිදු කර තිබේ.
2017 වසරේ අගෝස්තු මස දක්වා සිදුකළ මෙහෙයුම් වලදී ගිනි අවි 437 සහ උණ්ඩ 547 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් 2016 වසර තුල ගිනි අවි 637 ක් උණ්ඩ 3001 වශයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2017 වසරේ සොයාගත් ගිනිඅවි සහ උණ්ඩ මෙසේය.
ටී 56 ගිනිඅවි 18 ක් සමග උණ්ඩ 612 ක්, පිස්තෝල 08 ක් සමග උණ්ඩ 37 ක්, බෝර 12 ගිනි අවි 39 ක් සමග උණ්ඩ 27 ක්, රිවෝල් 07 ක් සමග එම උණ්ඩ 15 ක්, බදින තුවක්කු 344 ක්, රිපීටර් ගිනි අවියක්, ගල්කටස් ගිනිඅවි 6 ක්, වෙනත් ගිනිඅවි 14 ක් සමග උණ්ඩ 56 ක් තිබු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන විරෝධී කට්ටිය කියයි දැන් නීතිය වල් වැදිලා පාතාලය රජ වෙනවා මාස 20ට ගිනි අවි 1164ක් අල්ලලා කියල , නමුත් ඇත්ත වශයෙන්ම වෙන්නේ දැන් නීතිය ක්‍රියාත්මක වී නීති විරෝධී අවි අත්අඩංගුවට පත් වීම නොවේද ?
නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම කරන එක හොදයි, රටේ අපරාධ රැල්ල යම් තරමකට අඩුකරන්න පුළුවන්. ආත්මාරක්ෂාව සහ දේපොළ ආරක්ෂාවට නිත්‍යානුකුල ගිනි අවියක් ගන්නේ කොහොමද කියලත් කෙනෙක් දන්නවනම් කරුණාකරලා දැනුවත් කරන්න.