අභාවප්‍රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (18) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.
මේ අතර බදාදා (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ හිටපු ආණ්ඩුකාර හා හිටපු ඇමැතිවරයකු වූ අලෙවි මවුලානා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 3.30ට දෙහිවල මුස්ලිම් පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.
මේ අතර සෝමවංශ අමරසිංහ සහ අලෙවි මවුලානා මහත්වරුන්ගේ අභාවයන් සම්බන්ධයෙන් තමාගේ හා තම පවුලේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ද සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කනගාටුව ප්‍රකාශ කර ඇති අතර මවුබිමේ පීඩාවට, අයුක්තියට, අසාධාරණත්වයට ලක්වූ සුවහසක් මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් සෝමවංශ මහතා විඳින ලද දුක් ගැහැට හා කළ කැපවීම් ද ලබාදුන් ධෛර්යයද අමරණීය බව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලට නිවන් සුව ප්‍රර්ථනා කරමි.! (ර)
කණගාටුදායක ආරංචි එනකොට එන්නේ එකදිගටම (නි)
දෙන්නටම නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. (ර)
එතුමන්ලාට නිවන් සුව ප්‍රර්ථනා කරමි. (ර)
වාසුදේව ලිස්ට් එකේ උඩට ආව.....(බ)
එතුමන්ලා දෙන්නට නිවන් සුව පතනවා. (බ)