මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය සතිය තුළ යම් ඉහළ යාමකට ලක්ව ඇති බවත් මේ මැතිවරණයේදී පසුගිය මැතිවරණවලට සාපේක්ෂව ඉතා පැහැදිලිව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (6) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය මැතිවරණවලදී සිදුවූ නීති විරෝධී ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලන පක්ෂ නීතිය අතට ගැනීම වැනි අවාසනාවන්ත සිද්ධීන් මේ වන විට මුළුමනින්ම නැතිවී තිබීම සාධනීය තත්ත්වයක් බවත් ඔහු කීවේය.
මැතිවරණ නීතිය ආරක්ෂා කිරීම මේ වන විට සිටින දේශපාලන නායකයන් ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් තම සංවිධානය එළිදැක්වූ වාර්තා අනුව පුද්ගලයන් 314 දෙනකු අත් අඩංගුවට පත්ව ඇති බවත් එයින් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ අය හා ඔවුන්ගේ ආධාරකරුවන් බවත් ඒ මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට වැඩි දෙයක් ඕනේ නැහැ රටේ නීතියේ අාධිපත්‍යය තහවුරු කරන්න. එතකොට කාලයක් යනකොට රට ඉබේම දියුනුවේවි. පෝස්ටර් කටවුට් , ශබ්ධ වාහිනි කන්කරච්චල වලින් තොර මැතිවරණ සමයක් මගේ ජිවිතයටම දැක්කේ මේ පාර. මැතිවරණ කොමසාරිස් නිතිය අකුරටම ක්‍රියාතමක කරන බව පෙනෙනවා. ජනාධිපති තුමා ජනවාරි 8 වෙනිදට පෙර පොරොන්දු උන පරිදිම මැකෝට ඔහුගේ බලතල ක්‍රියාත්මක කරන්න ඉඩ දීල තිබෙනවා. ජනාධිපති තුමනි ඔබට ස්තුතියි (නදී)
එ්ක යහපාලනයයි. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා ජය වේවා ජය වේවා (නදී)
එහෙම වෙනසක් අපිටනම් පෙනෙන්නේ නැහැ. (බ)
ශිලා ඔයා මැතිවරණ නිරික්ෂකයෝ හැම මනුස්සයටම එක්කෙනා ගානෙ නැහැ. තම තමා වැරැද්නේ මිදී සිටිමයි කලයුත්තේ. ඔයාට ඔතන කපල මැරුනයි කියන මනුෂ්සයා විතරද අහිංසක වුනේ. නින්දෙන් නැගිට්ටෙ දැන්ද? (නදී)
අප රටට උදක්ම අවශ්‍යව ඇත්තේත් මේ දේම තමා. එනම් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීමයි. පසුගිය වසර දහයේ අප දුටුවේ පුද්ගල ආධිපත්‍යය ක්‍රියාත්මක වීමයි. (ම)
කොහෙද නීතියේ අධිපත්‍යය තියෙන්නේ. මැරයෝ වත්තල අහිංසක මුස්ලිම් මනුස්සයෙක් කපල මරලා. කොටහේනේ මැරයෝ අහරේ කැන්වසින් යනවා . කොළඹ හැම තැනම එජාප කටවුට් ගහලා. පොලිසිය අහක බලන් යනවා. මැතිවරණ නිරීක්ෂකයෝ ඩොලර් ටික එකතුකරගෙන බුදි. (නදී)
ආණ්ඩු පක්ෂය කරන වැඩ වලට නීතිය ක්‍රියාත්මක වීම අඩුයි නේද?. අඩුයි නෙවේ. ගොඩක් ඒවා දැක්කේ නෑ වගේ ලිස්සලා යනවා. (ම)
ඕකට තමයි යහපාලනය කියන්නේ.(ම)
මැර දේශපාලුවන්ට පොදු ජනතාවට තමන්ගේ මැර බලය පෙන්නන්න බැරි එක ගැන ගොඩාක් අමාරුවෙන් වගේ ඉන්නේ. රටට මෛත්‍රී වගේ ජනාදිපති තුමෙක් ලැබීම ගැන ගොඩාක් සන්තෝස වෙමි. ජනතාවට ජයක් වේවා !! ලංකාවට ජයක් වේවා !!! (නදී)