විධිමත් විනීත සහ පාසලට ගැලපෙන ඕනෑම ඇදුමකින් සැරසි පාසලට පැමිණිමට මව්පියන්ට අවස්ථාව ලබාදෙන නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාර්යවසම් මහතා අද (23) මහව විජයබා විද්‍යාලයේ දී පැවසීය.
අගනුවර සහ තදාසන්න පෙදෙස්වල පාසල් දරුවන්ගේ මව්පියන්ට පාසලට පැමිණිමට අවශ්‍යතාව ඇතත් ඔවුන් ගේට්ටුව ළඟට පමණක් දරුවන් ඇරලවා යන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනීත බව පෙනෙයි සමහර අය අවේලාවේ ස්කුල් වෑන් අස්සේ ඉන්න හැටි දැක්ක නම්. (අ)
භද්‍රානි, කලබල වෙන්න එපා. මොනවා නැතත් ද්‍රවිඩ අම්මලාගෙන් ඇඳුම් අදිනහැටි ඉගෙනගන්න. පාසලට කොහොම වෙතත් සිංහල සමහරු පන්සලට එන්නෙත් විනිවිද පෙනෙන ඇඳුම් ඇඳගෙන. (නි)
රෝමෙට ගියොත් රෝමන්වරු හැටියට ඉන්න ඕනෑ කියලා තිබෙනවා නම් තමන් පටන්ගත්ත තැනට නැවත පැමිණිවිට සාරිය අඳින්න බැරිකෙනා කව්ද? (නි)
දසනායක මහතාණෙනි, සිද්ධිය පිළිබඳව නම් කණගාටුයි. නමුත් එම ශිෂ්ටත්වයට වඩා පාසල් සංස්කෘතිය වැදගත් බව සළකන්න. (නි)
විනීත කම පාසලාට විතරක් නොවෙයි හැම තැනකම තියෙන්න ඕනෑ. අපේ සංස්කෘතිය රැකීම වැදගත්.පැහැදිලි නොකලත්, අපේ රටේ සමහර ජාතින් ඒ අයගේ සංස්කෘතිය රකින හැටි පාරට බැස්සහම අපේ ඇස් දෙකෙන් හොද හැටි දැකිය හැකිනේ.(අ)
දැන් සමහරු හිතයිද දන්නෙ නැහැ ඕනෑම ඇඳුමකින් පාසලට එන්න අවසර දුන්නා කියලා (නි)
දෙමාපියන්ට පහසු සංවර ඇඳුමක් ඇඳීමට ඉඩ ලබාදෙන්නේ නම් ඉතා හොඳයි (නි)
මේ විකාර වලට දැන්වත් තිත තබන එක හොඳයි. මේ කලින් තිබුන විකාරරූපී විදියට, යම් පාසලකට විදේශීය අමුත්තියක් ආවොත් ඇතුළු වෙන්න ලැබෙන්නේ නැහැ. (නි)
අපේ ලංකාවේ තමයි ඔය සේරම. තම හදවත ඇතුළාන්තයේ මොන අධම, නපුරු පව්කාර බේබදු මිනීමරුවෝ හිටියත් කමක් නැහැ, පිටතින් ශාන්තකම පෙන්වුවොත් ඇති. අපි අපේ දේවල් සදහටම රැකිය යුතුයි. ඒත් අපේ ලංකාවේ මේ තියෙන දණ්ඩ නීති සංග්‍රහයෙන් අනිවාර්ය නීතිගත කරලා ඇති ඔසරිය, බිම අතුගාන සාය හරිම ඛේදනීයයි (නි)
ප්‍රීති, පිරිමින් ගැන කෝපයෙන් වෛරයෙන් කතා කරන්න එපා. ගෝනි ඇන්ඳත් අසංවර එකාට ඒක ගානක් නැහැ. මේ තීරණයට හේතුව නිල ඇඳුම් ඇඳගෙන ඔෆිස් යන අම්මල ගැන හිතලයි. (නි)
රත්නායක මහත්තයා මොන රට ගැනද ඔය කතා කරන්නේ? නිකන් බොරුවට නැති දේ ඇතිකරලා පෙන්නන්න හදන්නේ නැතුව, ඇත්ත දකින්න පුරුදු වෙන්න. පේනවනේ, අර මුණසිංහ මහත්තයා වගේ අය දරුවාව පාසලට ඇරලන්න ගියාම බලන්නේ අම්මලාගේ කලිසම දිහා. කාන්තාව සාරිය ඇන්දාම එතුමලා බලන්නේ හැට්ටෙයි සාරියේ පහළ කොටසෙයි තිබෙන පරතරය දිහා. බලාගෙන ගියාම අපේ යාළුවො ගැහැණුන්ගේ ඇඳුම් දිහා බලලම සිල් බිඳගෙනනේ. (නි)
සංස්කෘතිය කියන්නේ ඇඳුමම නෙමෙයි (නි)
සමහර බවලතුන්ට සාරිය ඇඳගෙන පාසලට එන්න කිව්වාට වැඩක් නැහැ. පහුගිය කාලයේ අපේ දුවගේ පාසලේ රැස්වීමකට අම්මා කෙනෙක් ආවා. යන්තම් පිට වැහෙන්න විනිවිද පේන සාරි හැට්ටයක් ඇඳලා සාරිය ඉණෙන් හැලෙන්න ඔන්න මෙන්න. බැංකුවක වැඩ කරන අම්මා කෙනෙක් වරුවක් නිවාඩු අරන් ඇවිල්ලා හිටියා. දිග කලිසම සමගඟ ෂර්ට් එකට උඩින් අත් දිග කෝට් එකක් ඇඳලා. බොහොම සංවරයි. මම කියන්නේ නැහැ හැමෝම එහෙම අඳින්න ඕනෑ කියලා. අඳින ඇඳුම් මොකක් වුණත් පාසලට සුදුසු වෙන්න ඕනෑ නේද. (නි)
අනේ ඒ ගැන මොකට කියන්නද? රටේ ඉන්න ගැහැණු ටික විතරක් සංවරවුණොත් ඇති කියලා වෙන්න ඇති සමහරු හිතන්නේ. අපේ රටේ පිරිමින්ගේ සංවරකමේ හැටියට සාරි නෙමෙයි, ගෝනි ඇඳලා තමයි පාරට බහින්න වෙන්නේ. කතාවට නම් ඔක්කොම උපාසක අප්පුලා (නි)
හැම ඇඳුමකම සංවරකම අසංවරකම යන දෙකම තියෙනවා. සාරිය ඔසරිය හෝ සාය කලිසම කියා නැහැ. ශරීරය නිරාවරණය නොවන ලෙසට, ඇඟට හිරනොවන ලෙසට ඇඳගෙන යාම සුදුසු යැයි කියා මම හිතනවා. (නි)
ඔබතුමන්ලාත් විනීතව හැසිරී (කතා කිරීමෙන් පවා) අන් අයට ආදර්ශයක් වෙත්වා! (නි)
සාරිය ඇඳීම අනිවාර්ය කිරීම සමහර පාසල් වල වෙනවා. මේක මහ කරදරයක් (නි)
ජනහිත, ඔබ ඔය කියන තම ජාතික සහ ආගමික සංස්කෘතිය රකින ජාතික/ආගමික ජන කොට්ඨාශය මොනවාහරි නොහොබිනා නරක දෙයකට යනකොට නවීන ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා යනවා. එතකොට ඒක වැටෙන්නේ අනෙකුත් ජන කොටස් වල ගිණුමටයි (නි)
ප්‍රීති, අපේ රටේ පිරිමි අසංවර ඇඳුම් අඳිනවද? මම මෙහෙම අහන්නේ මෙතන පළවෙන අදහස් ඇඳුමක් ගැන නිසා. (නි)
ඉතා හොඳ ප්‍රවේශයක්. බොහොමත්ම ස්තුතියි ඔබට. මම නම් කියන්නේ ගුරුවරියන්ට ඔසරි සාරි ඇඳලා කොණ්ඩය බැඳලා ඉන්නම ඕනෑ කියන සිතුවිලිත් වෙනස් කරන්න කාලයයි මේ. කලිසමක් එක්ක දිග ටොප් එකක් ඇන්දාම ගුරුවරියකට ප්‍රමාණවත්. පහසුයි. විනීතයි. බඩ පිට පෙනෙන්නේ නැහැ. පාසලේ තියන උත්සව අවස්ථා ලස්සනට සාරියෙන් හැඩ වෙලා යන්න පුලුවන්නේ. (නි)
මම බලාපොරොත්තුවෙනවා හොඳ ලස්සන කාටූන් එකක් ලංකාදීපයෙන් මේ ගැන. (නි)
මම සහ මගේ බිරිඳ 2011- 2012 වර්ෂයේදී බාලිකා විද්‍යාලයක විදුහල්පතිතුමිය හමුවීමට උත්සහ කළෙමු. ඒ අපි පවත්වාගෙන යන ශිෂ්‍යත්වයක් අපේ දුව ඉගෙනගත් ඒ පාසලට පිරිනැමීමට කතාකර ගැනීමටයි. පිටරට වාසය කරන අපිට ලංකාවේ ගතකරන ඒ සුළු කාලය තුළ සාරිය ඇඳගෙන යාමට අවස්ථාවක් තිබුනේ නැහැ. පාසල් ගේට්ටුව අපිට ඇරුනේ නැති නිසා අපි ඒ ශිෂ්‍යත්වය වෙන පාසලක ශිෂ්‍යයෙකුට පරිත්‍යාග කළා. මේ උදාහරණය වගේ තව ඒවා ඇති. ඒ නිසා ඔය ඇඳුම ශීලාචාර පරිදි අැඳගෙන ගියාම ඇති. සාරිය වුණත් අශීලාචාරව අැන්ඳ හැකිය. එදා එහෙම වුණා නම් තවමත් ඒ ශිෂ්‍යත්වය දීර්ඝකාලීනව ඒ පාසලට අයිතියි. (නි)
සාරියක් අැන්ඳම මොකද වෙන්නේ? රටේ අනාගත පරම්පරාවේ සංස්කෘතිය ආරක්ෂා කරදෙන්නේ පාසල් විතරද? දෙමාපියන්ට විශාල වගකීමක් තියෙනවා. ඔවුන් ආදර්ශමත් වියයුතුයි. කොට සායවල් ඇඳගෙන, හමේ පාටට සමාන කලිසම් ඇඳගෙන පාසලට එනකොට නිර්වස්ත්රයෙන් එනවා වගේ. මෙවැනි අම්මලාගේ දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවාද? චක්‍රලේඛන වලින් මෙවැන්නන්ට රිංගන්න ඉඩ දෙන්න බැහැ. අපි ළමයින්ට දෙන්න ඕනෑ ඉල්ලන දේ නෙමෙයි. අවශ්‍ය දෙයයි. (නි)
බොහෝ අය දෙමව්පියන්ගේ ඇඳුම ගැන කියනවා. එතකොට ගුරුවරු සහ ගුරුවරියන් ඉණෙන් අඟල් ගණනක් පහළට ඇඳුම අදින එක හරිද? සාරිය ගැන කතාකළත් එච්චරම තමයි. අනික මේ උපදෙස් දෙන අයත් ටිකක් හරි හික්මීමෙන් කතා කරනවා නම් ඒකත් රටේ ලොකු පොඩි කාටත් හොද ආදර්ශයක්! (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ සමහර අදහස්
යුරෝපීය කාන්තාවන්ගේ මතය නම් ශරීරයේ අවයව පෙනෙන පරිදි සාරිය ඇඳීම කොට කලිසම ඇඳීමට වඩා කාමුක දැක්මක් බවය (නි)
ප්‍රීති, රටේ ගැහැණු පිරිමි බේදයක් නැහැ. වැඩි පිරිස සංවරයි. කීපදෙනෙක් අසංවර වූ පළියට හැමෝටම චෝදනා කරන්න එපා. (නි)
කලකට පසු අකිල විරාජ්ගෙන් හොඳ අවවාදයක් දෙමව්පියන්ට, විශේෂයෙන් මව්වරුන්ට. නගරබද පාසල් වලට තම ළමයින් අැරලන්නට එන සමහර මව්වරුන් පසුව පාසල ඇරෙනතුරු යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද, කරන්නේ කුමක්ද කියා කිසිවෙකුත් නොදනී (නි)
පළමුව දේශපාලකයින් තම විනීතකම ගැන ටිකක් සිතිය යුතුයි (නි)
බොහොම ඉක්මනට ලංකාවත් අරාබි රටක් වෙන්නයි යන්නේ.
සෑම් මෙතනේ කතා කරන්නේ නොහොබිනා වැඩකට යන කොට අදින ඇදුම ගැන නොවෙයි, ඔබින වැඩකට යනකොට අදින ඇදුම ගැනයි. නොහොබිනා වැඩකට නම් ඇදුම් නැතුව ගියත් කාටවත් කමක් නැහැ. එක උදාහරණයක් කියන්නම්,ඇමෙරිකාවේ ජනනතාව ප්‍රසිද්ද නාට්‍යයක්, හෝ බැලේ ඩාන්ස් එකක් බලන්න යනකොට අදින්නේ මංගල්‍ය උත්සවයකට යනවා වගෙයි. දකින්න ප්‍රිය මනාපයි. මේවා ගැන කතා කළයුතු දේවල් නොවෙයි, තමතමන් දන ගන්න ඕන කොහොමද කටයුතු කරන්නේ කියල. අදටත් අපේ ආදී වාසීන් කොළඹ ආවත් පොරෝ කෙටිය කරේ දාගන එන්නේ කාටවත් කොටන්න නොවෙයිනේ. ඒ තම සංස්කෘතිය රකින්නයි. (අ)
මේක නම් ඉතාම හොඳ යෝජනාවක් (නි)
මම නම් හිතාගෙන හිටියේ අපේ රටේ විදුහල්පතිවරු දැන් ලංකාවේ සංස්කෘතිය රකින්න යන විදිහට තව කාලයක් යද්දී පාසලට පැමිණෙන කාන්තාවන්ට අර මුස්ලිම් කාන්තාවන් අඳින බුකර්තාව ඇඳගෙන එන්න නියම කරයි කියලයි. ඇයි ඉතින් අපේ රටේ උපාසක අප්පුලාගේ සිල් බිඳෙනවලුනේ සමහර කතාවන් දැක්කාම (නි)
ඔය දේ අමුුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මවුපියන් දැනගන්න ඕනෑ (නි)