ගිය රජය කාලයේ මාතර ගබඩාවීදියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුන් තාවකාලිකව කිතුලේවල පිරිවෙන් ශාලාවකට යවා ඉදිකිරීම ඇරඹූ ගොඩනැගිල්ලේ වැඩ අතරමග නතර කර ඇතැයිද එහි වැඩ සම්පූර්ණ කරන්නැයිද ඉල්ලමින් දෙමව්පියෝ සහ සිසුහු මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ඇතුළු සියලු මාර්ග අවහිරකරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.

කිලෝමීටර ගණනක් දුරට පාරේ වාහන හිරවී ඇති අතර හදිසි ලෙඩුන් රැගත් ගිලන් රථ 3ක් ද ඒ අතර වේ.

මාතර අධ්‍යාපන කාර්යාල ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රතිපාදන අවසන් නිසා වැඩ නතරවී ඇති බවයි.