දරුඵල අහිමි වන්නේ කාන්තාවන්ගේ දුර්වලතාම නිසා නොවේ. පුරුෂයින්ගේද විවිධ දුර්වලකම් ඇත. රියදුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, බේකරි, උළු පොරණු වැනි උෂ්ණාධික ස්ථානවල සේවය කිරීම අඹසැමි දෙදෙනාගේ අසමගිකම නිසා මානසික රෝගද මෙයට බලපායි, වර්තමානයේ බොහෝ අඹු සැමියන්ට ඇති ප‍්‍රධානතම ගැටලූව වන්නේ දරුඵල අහිමි විමයි. මෙසේ දරුඵල අහිමිවීමට හේතූකාරණා පවතී. පාරිසරික හා ආහාරපාන හේතූ පවා දරුඵල අහිමිවීමට බලපෑ හැකිය. දරුඵල අහිමි වීමට කාන්තාව පමණක් හේතුවන බව මෙරට සමාජයේ මුල් බැසගත් මතයකි. ‘‘වඳ ගැහැනිය’’ වැනි වදන්වලින් දරුඵල අහිමි කාන්තාව මානසිකව පහළට ඇද දමයි. සත්‍ය වශයෙන් කාන්තාව මෙන්ම පිරිමියා තුළද දරුඵල අහිමිවීමට අදාල හේතුකාරණා තිබිය හැකියි. මේ අනුව එකි හේතු කාරණා සොයා බලා නූතන ක‍්‍රම හරහා රෝග හේතු සොයා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍යකර්ම කළත් ආයුර්වේද ක‍්‍රම අනුව අපගේ ඖෂධ යෙදීමෙන් ශල්‍යකර්ම නොමැතිව සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි ක‍්‍රම අප සතුව ඇත.
රෝගයක් නොව දුබලතාවක්
දරුඵල අහිමිවීම යනු දෙදෙනාගේම ප‍්‍රජනන ඉන්ද්‍රයවල දුබලතා විය හැකිය. දරුඵල අහිමිවන පුද්ගලයන් රෝගීන් ලෙස හැඳින්වීම නොකළ යුතු දෙයකි. පොහොර, ජලය, හෝමොන් ආදිය ලබාදුන් විට ඵල නොදරණ ගස්වල පවා ඵලදැරිය හැකිවනවා. සේම දරුඵල අහිමි වීමට ඇති හේතු ඉවත්කර නිසි ප‍්‍රතිකාර ලබාගැනීමෙන් ඉහළ ප‍්‍රතිඵල ලබාගත හැකිය.
ප‍්‍රතිකාර ක‍්‍රම
මෙසේ සියලූ ගැටලූවලට නවීන වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම ඇතත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්මවලින් තොරව ප‍්‍රතිකාර තිබෙන බව නොරහසකි. ශරීර උෂ්ණවීම වළක්වා නිශ්ක‍්‍රීය බීජ සක‍්‍රීය කර බීජ වර්ධනයට හා බීජ මෝරා නිරෝගීකරන ගර්භවර්ධනී, සක‍්‍රීයබීජ මොරණ ප‍්‍රතිකාර ක‍්‍රම අප වෙදපරපුරට පමණක් ආවේනික වූ ඖෂධ වර්ග බොහෝ ඇත. තවද කල්ගිය පීනස්රෝග, අර්ශස් රෝග, කෙස් සම්බන්ධ රෝග, ස්නායු රෝග ආදී සියළුම රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම අප සතුව ඇත.
මවු පදවියට සුදුසුකම්
ගැහැනු දරුවකු වැඩිවියට පැමිණ පසු ඇය හඳුන්වන්නේ ‘‘සෘතුමතී’’ තත්ත්වයට පත් වු යුවතියක් ලෙයසි. වැඩිවියට පත්වීමත් ඇයට ප‍්‍රජනන ශක්තිය හෙවත් දරුවකු ලැබීමට ඇති සුදුසුකම් සොබාදහම විසින් ලබා දෙයි.
දැන් ඔය දරුවකුගේ මවක් වෙන්න සුදුසුයි යන පණිවිඩය මල්වර වීමයි. එතැන් සිට දින 28කට වරක් ස්ත‍්‍රී බීජයක් මෝරා පිටවීම බීජාගමනය හෙවත් මාස්ශුද්ධිය ලෙස හඳුන්වයි. මෙම කාර්‍යය අවුරුදු 45ක් දක්වා පමණ සිදුවිය හැකිය. මේ අනුව කාන්තාවන්ට දරුවන් බිහිකිරීමට ඇති හැකියාව මෙම කාලයෙන් පසුව වියහැකි යයි. එහෙත් ලෝකයේ ඉඳහිට 55 - 60 ත් අතර කාන්තාවන් දරුවන් බිහිකර ඇති බව වාර්තා වී ඇත.
දරුඵල අහිමි කරන හේතු
කාන්තාවන්ට දරුඵල අහිමි වීමට බොහෝ හේතු කාරණා පවතී. ඒ අතර ශ්වේතත් ප‍්‍රදරය හෙවත් සුදයාම. සුද යාමේදි ශරීරයේ ඇති පෝෂණ කොටස් පිටවීයාම සිදුවන නිසා ශරීරයේ හෝමෝන දුබලවීම ආදී විවිධ දුර්වලතා මතුවිය හැකිය. මේ හේතු කාරණා නිසා දරුඵල අහිමි වන අවස්ථා ඇත.
රක්තප‍්‍රදර හෙවත් අනවශ්‍ය ලෙස රුධිරය පිටවීම
කාන්තාවන්ට මාස් ශුද්ධියසිදු වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් පිළිවෙළින් දින 28කට වරක් මාස් ශුද්ධිය සිදු නොවීම, මාස කිහිපයකට වරක් සිදුවීම අස්වාභාවික සිද්ධියකි. නොනවත්වා වරින්වර රුධිරය පිටවීම භයානක රෝග රාශියක රෝග ලක්ෂණ විය හැකිය. පැලෝපීය නාළ අවහිරතාව, ඊස්ට‍්‍රජන් හෝමෝන අක‍්‍රීය වී බීජ මේරීම නැවතීම ස්ත‍්‍රී බීජ නාළ අවරෝදය නොවන සුලූගැට ගර්භාෂයේ ඇති වීම ආදී රෝග දරුඵල අහිමිවීමට හේතුවේ.
පුරුෂයන්ගේ ගැටලූ
ඉහත සඳහන් කළ පරිදි කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයේ ඇති ගැටලූ නිසා ද දරුඵල අහිමි වීම සිදුවිය හැකිය.
පුරුෂ බීජ ක‍්‍රියාකාරී නොවීම
තරුණ වියේදි ඇති වන කම්මුල්ගාය
විවිධ දුරාචාර හා විෂ වර්ග භාවිතය (මත් ද්‍රව්‍ය, දුම්වැටි, මත්කුඩු*
උෂ්ණ ස්ථාවල වැඩ කිරීම
නිතර තද ඇඳුම ඇඳීම
ජාන සම්බන්ධ කරුණු
ලිංගික අප‍්‍රාණිකතාව
යන කරුණු දරුඵල අහිමිවීමට බලපෑම් ඇති කරයි.
විශේෂ ආයුර්වේද ප‍්‍රතිකාර
ඉහත කී සියලූම දෝස සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ විශේෂ ප‍්‍රතිකාර රැුසක් පවතී. මේ අනුව නූතන වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේදය ද එකී ගැටලූවලට ‘දිලීර’ ආදී ගර්භාෂගත විවිධ රෝග හඳුනාගෙන කළ හැකි ආයුර්වේද ප‍්‍රතිකාර තිබේ.
ගර්භාෂ ගෙඩි දියවීම සඳහා බෙහෙත් ලබාදීම, ස්ත‍්‍රී බීජ නාළ අවරෝදනය සඳහා නොවරදින ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදීමෙන් ගර්භාෂගත රෝග මඟහරවා ගත හැකිය.
පිරිමි අයටත් ප‍්‍රතිකාර
පිරිමි පාර්ශවයේ ඇතිවන ගැටලූ සඳහා විශේෂ උපදෙස් ලබාදීම හා දුරාචාර ආදී ගැටලූවලට මැදිවී සිටීනම් ඉන් මිදීමට ද උපදෙස් ලබාදීම මූලිකවම සිදු කරනු ලැබේ. මෙහිදී මූලිකවම වාජීකරණ ඖෂධ ලබාදීම හා රසායනික ඖෂධ ලබාදීම ද සිදු කරනු ලැබේ. පුරුෂලිංගික හා ස්නායු දුබලතා සඳහා ද විශේෂ ඖෂධ වර්ග අප සතුව ඇත.
ප‍්‍රතිඵල ස්ථිරයි
පළමු මාසයේ සිට මාස හයක් දක්වා කාලයක් ප‍්‍රතිකාර සිදු කරයි. එහිදී ප‍්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සෞඛ්‍ය මට්ටම, ශරීර ප‍්‍රමාණය වෙනත් රෝග අනුව සහ පවුලේ පසුබිම අනුව ලැබෙන ප‍්‍රතිඵල මෙන්ම ප‍්‍රතිඵල ලැබෙන කාල පරාසය ද වෙනස් විය හැකිය. විශේෂයෙන් සැමියා සහ බිරිඳ අතර පවතින සමීප ඇසුර අඩුවීම ද ප‍්‍රතිඵල කෙරෙහි බලපායි. ඒ හැරුණු විට මාස 06 කටපසුව මාසයක් ඇතුළත විශිෂ්ට ප‍්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි.
එසේම අර්තවය සිදු වු පසු වෛද්‍ය උපදෙස් අනුව සැමියා බිරිඳ එක්වීම සිදු විය යුතුය. එවිට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. එසේම කල වයස බලා විවාහවීම, ලිංගික එක්වීම හරියාකාරව සිදු කිරීම හා වේලාවට ඖෂධ භාවිතය, හෝමෝන ගැටලූ නිරාකරණයෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබගත හැකිය. එසේම මෙහිදී කිවයුතු විශේෂ කරුණු කිහිපයකි. අනවශ්‍ය පරිදි උපත් පාලන එන්නත් භාවිතය හා ගබ්සාව යන කරුණු මත ඉදිරියේ දී දරුඵල අහිමි වුවහොත් එය විශාල ගැටලූවකට මඟපෑදිය හැකිය. එසේම උපරිම වයස අවු 45 දක්වා දරුඵල බලාපොරොත්තු වීමට ප‍්‍රතිකාර කළ හැකි අතර ඉන් පසුව නම් ප‍්‍රතිකාර ලබා දීමෙන් යහපත් ප‍්‍රතිඵල ලබාගත නොහැකිය. එයට හේතුව ‘‘ආර්තවහරණය’’ යයි එහෙත් පිරිමි පාර්ශවය ස`දහා වයසෙහි බලපෑමක් නැත. ධාතු පුෂ්ඨි රසායනය, ප‍්‍රභූකාමචිය, වාණරී චූර්ණය ආදී විශේෂ ඖෂධ වර්ග යොදා ගැනේ. ප‍්‍රතිඵල සාර්ථකයි
රජයේ ආයුර්වේද රෝහල්වල හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි, ස්ත‍්‍රී හා ළමා රෝග විශේෂ පුහුණු ආයුර්වේද විශාරද පණ්ඩිත, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ඇස් ඉවත් කර ගන්නා තාක්ෂණ නිලධාරී දේශීය වෛද්‍යශූරී ආයුර්වේද විශාරද පණ්ඩිත ආර්.ඒ.ඞී. හෙන්රී රණසිංහ ඔහු හමුවීමට අවශ්‍ය නම් 077 - 9526046

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි වඳ බවට ප්‍රමුඛ හේතුව දුම් පානය (බ)
අපිට වෙද මහත්තයාගේ ලිපිනයක් හෝ දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? අපිට ඔබේ සහය අවශ්‍යයි (බ)
හොඳයි (බ)
දුරකථන අංකය දෙන්න (බ)
හොද ලිපියක්.දිර්ඝායු වේවා (ම)
පැමිණිය හැකි පහසුම ගමන් මාර්ග සඳහන් කරන්නේ නම් එය සැමටම පහසුවක් වේවි. (නි)
මෙම වෙද මහතාගේ ලිපිනය සහ දුරකථන අංකය ලබාගන්න පුලුවන්ද? (නි)
මේ වෛද්‍යතුමා හමුවෙන්නේ කොහොමද? (නි)
ඉතා හොඳ ලිපියක්. ස්තුතියි (නි)
මේ ලිපිය පළකළාට ස්තුතියි.එහෙත් මේ කියන කාරණා දේශීය වෙදකමෙන් කලින් කිවුවා නම් "වඳ ගැහැණිය" වගේ සංකල්ප ලංකාවේ තිබෙන්න විදහක් නැහැ. (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
හොඳ ලිපියක්. ස්තුතියි! (නි)
කරුණාකර අපට වෙද මහතෙකුගේ ලිපිනයක් ලබාදෙන්න පුලුවන්ද? (නි)
බටහිර වෙද්දු කියපු දේ අපි හොයාගත්තවගේ දැන් කියන එක වැරදි දැන් බලන්නකෝ සිංහල බෙහෙතේ කවද්ද ලේ සාම්පල ඉල්ලුවේ. දැන් සිංහල බෙහෙත් ගන්න ගිහාම අයි ලේ සාම්පල අරන් එන්න කියන්නේ. වෛද්‍යතුමනි මේකෙන් වෙන්නේ අපේ වෙදකම බටහිරකරණේ වෙන එකනේද ? (ම)
මට ඔබව හමුවෙන්න පුලුවන්ද? දුරකථන අංකය දෙන්න පුලුවන්ද?ලොකු උදවුවක් (නි)
අනේ කොහොමහරි ලිපිනයක් දෙන්නකෝ,ඇවිල්ලා හමුවෙන්න (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
ඉතා හොඳ ලිපියක්. ස්තුතියි (නි)
සමහර දේවාල වල කපු මහත්වරුත් ඔය සම්බන්ධයෙන් කටයුතු කරනවානේ (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
අද කාලේ ළමයින් නැති ගැටළුව ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා.වෛද්‍යතුමාගේ ලිපිනය හා දුරකථන අංකයන් සදන් කරන්නේ නම් ගොඩාක් වටිනවා. (නි)
හොද ලිපියක් බහුලව පවතින ගැටළුවක් නිසා ඉතා වැදගත් හමුවිය හැක්කේ කෙසේද ? (ම)
මොන ප්‍රතිකාරය කළත් විවාහ වී අවුරුද්දක් ඇතුළත සාමාන්‍ය තත්ත්ව යටතේ දරුවෙකු පිළිසිඳුනේ නැත්නම් මට තව වයස තිබෙනවා කියලා කල් යවන්න එපා. පවුලේ දොස්තරගෙන් උපදෙස් අරගෙන ක්‍රියාත්මක වෙන්න. දැන් වයස 28,29 කාන්තාවන්ටත් දරුවන් නැති ප්‍රශ්නය තිබෙනවා. (නි)
ස්තුතියි . දුරකථන අංකය සහ ලිපිනය ලබාදෙන්න.(ම)
ආයුර්වේද ක්‍රම වඩාත් සාර්ථකයි හරියාකාරව පිළිපදිනවනම්.මම මාසයක් පමණ කාලයක් රාජගිරියේ ආයුර්වේදයෙන් මේ සඳහා ප්‍රතිකාර ගත්තා.වඩාත් ප්‍රතිපල සාර්ථකයි හිතුවටත් වඩා. අපේ දේශීය වෛද්‍ය ක්‍රම අනුගමනය කරනවානම් ඕනෙම සර්වාංගික ලෙඩකට ගුණදායකයි.දැන් ඉන්න මිනිස්සු කපුවන්ගේ පස්සෙනේ දුවන්නේ දරුපල හොයාගෙන.(ම)
දුරකථනය ලබා ගත හැකි වේවිද? (ම)
සුපුන් වඳ ගැහැණිය කියන කාරණය මේ ලෝකෙන් නැති කරන්න බැහැ ඒ වගේම මෙතුමාට වඳ ගැහැනුන්ට ළමයි ලබාදෙන්න බැහැ මෙම ලිපියෙන් කියන්නේ වඳ භාවය නොමැති අය පිළිබඳවයි (බ)