පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් කම්හලේ ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන ඒකකයට අමතරව කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන අංශ එහි ගොස් සිටි.
කම්හල අවට වැසියෝ ද එම ප්‍රදේශයෙන් ඉවත් වුහ.කම්හලේ රසායන ද්‍රව්‍යවලට ගිනි ඇවිලිම ගින්නට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කම්හල බියගමට ගෙනියන්න කියලා කවුරුවත් උද්ඝෝෂණ කලේ නැහැනේ, වැලිවේරියේ වගේ. (ස)
"සමහර කොම්පැනි පාඩු ලබනකොට ඔය වගේ ගිනි ඇතිවෙනවා." ඔබ හරි. එ් බව රක්ෂණ සමාගම් දන්නවා. (ස)
ගිනි ඇවිලෙන සුළු නිශ්පාදන කම්හල්වල අනිවාර්යයෙන්ම තිබිය යුතු හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට අවශ්‍ය මූලික උපකරණ මෙතන තිබිලා නැද්ද? (ස)
මේ ප්‍රදේශ මින්පෙර ඒ තරම් ජනාවාස වෙලා තිබුනේ නැහැ. දැන් කම්හල් ළඟම ගෙවල් හදලා. (නි)
(1983 ජුලි 23 ද අපේ රත්මලානේ ප්ලාස්ටික් කර්මාන්ත සාලාව ගිනි තියලා ඇවිලුන හැටි මට මතක් උනා. ඇවිලුනාම නිවන්න බොහොම අපහසුයි).කර්මාන්ත ශාලාවක් හදන කොට පිළිපැදිය යුතු කරුණු පිළිපැදලා තමයි හදන්නේ. ඊට අනුමැතියත් දෙන්නේ ඒ කරුණු සලකා බලලා. ඔන්න ටික කලකින් ඒ කිට්ටුව පෙට්ටි කඩේක වැඩපොළේ අයට උදේ කෑම විකුනන්න පටන් ගන්නවා. පස්සේ ඒ පෙට්ටි කඩේ සිමෙන්තියෙන් බන්දලා වැඩි දියුණු කරනවා. පස්සේ කඩේ අයිතිකාරය ගේකුත් හදනවා, ඔන්න තව ගෙයක්.දෙකක්.දහයක්. විස්සක්. දැන් කර්මාන්ත ශාලාව වටේම ගෙවල්. ඔන්න මොකක් හරි දෙයක් වෙලා කර්මාන්ත ශාලාවේ මොකක් හරි එක්ක කව්රු හරි පැටලෙනවා. ඊට පස්සේ කර්මාන්ත ශාලාවෙන් අපට අවහිරයි. වතුර අපිරිසිදුයි. පරිසරය දූෂණය වෙනවා, ළමයි ලෙඩ වෙනවා ,යි. කර්මාන්ත ශාලාව වහන්න කියලා උද්ඝෝෂණ පටන් ගන්නවා. ඉතින් ඕකට දේශපාලන වාසි ගන්න කට්ටියත් සම්බන්ද වෙලා වැඩේ බරපතල වෙලා. අන්තිමට කර්මාන්ත ශාලාව වහන තැනට වැඩ සැලසෙනවා. (ස)
දැන්වත් කර්මාන්තශාලා තිබිය යුතු තැන්වල පිහිටුවන්න. මිනිසුන්ට කිසිදු කර්මාන්ත ශාලාවක් කිට්ටුව අවමය මීටර් 200 හෝ ඊට වැඩියෙන් මිස ඒ අවට ඉඩම් වල පදිංචියට අවසර නොදිය යුතුයි. (නි)
අහෝ පරිසරය! (නි)
මෙතරම් ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි ගබඩාවක් පවත්වාගෙන යන්න අවසර දුන්නේ ඇයි? (නි)
පරිසර විනාශයට කවුද වග කියන්නේ (අ)
පිටිගල අන්තිමට පෙට්ටි කඩ ඉතුරු වෙනවා, කර්මාන්ත ශාලාව තල්ලුවෙලා යනවා. කර්මාන්ත ශාලාව පිටරරටියෙකුගේ නම් එය බංගලාදේශයට හෝ ඉන්දියාවට යනවා. (නි)
සමහර කර්මාන්ත ශාලාවල ඔය වගේ ගිනිගැනීම් වලට හේතුව ඒවා ගබඩා කිරීම් සම්බන්ධව ලබා දී ඇති උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම සහ රසායන ද්‍රව්‍ය පිළිබඳව හොඳ දැනීමක් සහ සුදුසුකම් ඇති අය පත් නොකිරීම හෝ සිටියත් නොසැළකිලිමත්කමින් කටයුතු කිරීමයි. (නි)
පිටිගල කියන විදිහට ලංකාවේ මුලින් හදා තියෙන්නේ කර්මාන්ත ශාලා. ඊට පස්සේ ඒ වටේට මිනිස්සු පෙට්ටි කඩයි ගෙවලුයි හදලා.ලංකාවේ හැමෝම ඉගෙනගෙන නැත්නම් ඔය වගේ කතා විශ්වාස කරයි. පිටිගලලා ලංකාවේ නුනට අපි ජීවත් වෙන්නේ ලංකාවේ, උපන්දා සිටම. (නි)
පොඩි සන්තෝසමකට නීති රීති , රේගුලාසි ඔක්කොම යටයි. (ස)
මිනිස්සු ඉවත් කළා කීවට වටවෙලා ,ඇතුලත රිංගල බලන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු නොවේද ? (ස)
සමහර කොම්පැනි පාඩු ලබනකොට ඔය වගේ ගිනි ඇතිවෙනවා. (ස)