දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටිය දී කාරයක හැපුණු 47 හැවිරිදි මවක හා 10 හැවිරිදි ඇගේ දියණිය මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාරය පැදවූ බව කියන15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගනු ලැබ සිටියි. සෙනසුරාදා රාත්‍රී 10.00 ට පමණ මේ අනතුර සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහල් ආරංචි පවසන්නේ රෝහලට ගෙන එනවිටත් මේ දෙදෙනාම මියගොස් සිටි බවයි.
මව හා දියණිය මිය යාමෙන් පසුව පැය කිහිපයක් යන තුරු එම පුදේශයේ කලබලකාරී ස්වරූපයක් මතු වූ බව අසල්වැසියෝ කියති.
වැරදි පුද්ගලයෙකු මුලින් අත්අඩංගුවට ගත්තැයි පොලිසිය දොෂාරෝපණයට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දසුන්ගේ අදහස මමත් අනුමත කරනවා (බ)
මම ළඟ හිටියා නම් දෙදෙනාටම පහර දෙනවා. මොකද මගේ පියත් මියගියේ රියදුරු බේබද්දෙකු සිදුකළ අනතුරකින් නිසා. (නි)
ඉතාම සංවේදී පුවතක්. මේ කොලුගැටයට විතරක් නඩු දාලා දඬුවම් දුන්නට මදි. එයාට කාර් එක පදවන්න දුන් එක්කෙනාටත් දඬුවම් දීල ඒ පවුලේ අයට සැහෙන වන්දියක් ලබා දිය යුතු වෙනවා.....(බ)
අවුරුදු පහළොවක ළමයෙකුට වාහන පදවන්න ඉඩ හැරපු දෙමව්පියොත් මේ අපරාධයේ වගකීමෙන් කොටසක් භාර ගත යුතුයි (බ)
අවුරුදු පහළොවේදී මුන්ට වාහනයක් දෙන එවුන්ට ඉස්සෙල්ලම තලන්න ඕනේ අහිංසක අම්ම සහ දුව ඔබ දෙපලට නිවන් සුව මා අදහන ආගමට අනුව (බ)
සමහර මෝඩ දෙමව්පියන්ගේ වැරැද්ද තම දරුවන්ට නියම වයසට පෙර වාහන පැදවීමට දීම සහ ඉන් මෝඩ සතුටක් ලැබීම. (බ)
වාහනය පැදවීමට ඉඩ දුන් දෙමාපියන්ද අත් අඩංගුවට ගත යුතුමය. (බ)
නරක නැහැනේ පහළොස් හැවිරිදි රියදුරාගේ තරම ජිවිත දෙකක් පරලොව ඇරිය, (බ)
පවු අනේ ඒ කාරෙක පදවපු පුතා.මොකද එයා සල්ලි බාගේ තියෙන කෙනෙක් වෙන්න ඇති. මියගිය අයවලුන් පයින් ගිහින් තිබෙන නිසා දුප්පත් ඇති. ඒ නිසා කවුරු කවුරුත් එකතුවෙලා මොනවාහරි කරලා පොහොසත් පුතා බේරගන්න බලමු. මොකද ඒ සදහා පොලිසිය දේශපාලකයෝ සහ ඔහු යන පාසලේ ලොකු ලොකු ආදි සිසුවෝ එහෙමත් දැන් ඔහු බේරාගන්නට උපරිමය කරමින් ඇති. කාට කාටත් කිරි එරෙන්නේ ඇති හැකි එකාට මිස නිවැරදිකාරය කවුද කියල නොවෙයිනේ. (බ)
ඔබ දෙපලට නිවන් සුව පතමි. (බ)
මෙවන් අකල් මරණයක් සංසාරේ නොමවෙත්වා දයාබර මව සහ දියණියෙනි! මෙවන් තිරිසන් සත්වයන් ලොවෙන් වෙන්වී හොඳ ලොවක ජීවය ලබන්න පින් අනුමෝදන් වේවා (බ)
කහ ඉරේදී වෙන අනතුරු බොහොමයක වෙන්නේ කලබලය නිසා. ඉස්සර කරලා යන්න තියෙන්නේ පුදුම තරඟයක්. අනිත් වාහනේ පාර පනින අයට නැවතුවම එතැනදී ඉස්සර කරගන්න බලනවා. පාර පනින කෙනාව පෙන්නේ නැහැ. යටකරගෙනම යනවා. අනික අවුරුදු 15 ක දරුවෙක් කියන්නේ කොහොමත් අත්දැකීම් අඩු කෙනෙක්. එහෙම කෙනෙක්ට වාහනයක් දුන්න කෙනා තමයි වැරදි කාරය. (බ)
අකාලයේ ජීවිත දෙකක් නැති වීම ගැන මා ඉතා කනගාටුවෙන අතර,නිවන් සුව අත්වේවායි පතමි.මේ වගේ බාල වයස් කාරයින්ට වාහන දෙන දෙමාපියන්ට මඩුවල්ගෙන් තලන්න ඕනේ. (බ)
මෙවැනි වැරදි වලට සිසුවාගේ භාරකරුත් වහාම අත්අඩංගුවට ගත යුතුයි, වගකීම් විරහිතව ක්‍රියා කළ චෝදනාවට. (බ)
අද අපේ රට යන අත දැක්කම දුක හිතෙනවා ..මේවට දඩුවම් හරියටම දෙන්න ඕනේ එතකොට තම රටත් ගමත් හැදෙන්නේ ,අනික කහ ඉර උඩ කියන්නේ ඒ මිනිස්සුන්ගේ අබ මල් රේණුවක වරදක් නෑ,කෙසේ වෙතත් ඔබ දෙපලට නිවන් සුව පතමි. (බ)
මාර්ග නීති ,මාර්ග සංඥා පුවරු නිසි ලෙස සවි කිරීම, නඩත්තුව වැදගත් වෙනවා. මගේ අත්දැකීමක් මේ වෙලාවේ මතක් වෙනවා. මිනුවන්ගොඩ හරහා කුරුණෑගල යන මාර්ගයේ,, වේග සීමාව කි.මී.70 එම මාර්ගයේ ටිපර් රථයක් පසු පසින් යනකොට ඉස්සරහ තියෙන පුවරු කිසිවක් පෙනෙන්නේ නැහැ. ටිපර් රථ වලට කි.මී.50 වේග සීමාව වුනත් පොලිසියේ නිලධාරීන් ඒ ගැන සොයා බලන්නේ නැහැ. පොඩි වාහනයකින් යන කෙනෙක්ට ටිපර් රථ පිටු පසින් යන්න වෙනවා. මෙවැනි දේවල් සොයා බලන්න ඕනි (බ)
වාහනය රාජසන්තක කරලා, 15 හැවිරිදි පාසල් සිසුවාගෙ දෙමාපියන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි (නි)
වැරදි විදිහට තේරුම්ගන්න එපා. මගේ නිවසේ වාහන දෙකක් සහ යතුරුපැදියක් තිබෙනවා. ඔය කියන වයසේ දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා ඒත් වාහන පදවන්න දෙන්නේ නැහැ. දරුවන්ට ආදරේ කරනවා කියලා දරුවන් අතින් වැරදි දේ සිද්ධවෙන්න ඉඩ දෙන්න නරකයි. මුලින්ම ඔය දෙමාපියන්ට දඬුවම් කරන්න. (නි)
රටේ නීතියේ ආධිපත්‍යය විනාශ වෙනකොට ඔවැනි දේවල් ඉදිරියටත් සිද්ධවේවි. (නි)
දරුවට කිරි දී බී.එම්.එඩ්ලිව් කාරය පදවමින් යද්දී එදා හසුවුණ ගැහැණිය දෙවැනි වරදත් කළා. ඒ දෙනෝදාහක් බලා සිටියදී පොලිස් නිලධාරියාගේ හිස් වැසුමත් අරගෙන යාම. ඒ ගැහැණියට මොනවද වුණේ? ඉතින් අපේ රටේ මොනවද කරන්න බැරි? (නි)
ජීවිත කාලයටම මතක හිටින දඬුවමක් දෙන්න ඕනෑ (නි)
උපුල්, ලංකාවේ මිනිස්සු වාහනයක් අතට ගත්තහම "හරක්" වගේ වාහනය එළවන්නේ. පුදුමාකාර හදිසියක් තියෙන්නේ. නීතියක් රීතියක් කියලා දෙයක් තුට්ටුවට මායිම් කරන්නේ නැහැ. (නි)
මේ දරුවාට ජීවිතාන්තය දක්වාම රියදුරු බලපත්‍රයක් ලබාගැනීම තහනම් කළයුතු වෙනවා.බලපත්‍රයක් නොමැතිව අසරණ ජීවිත දෙකක් නැතිකළ මෙයා දහඅටෙන් පස්සේ රියදුරු බලපත්‍රයක් ලැබුනාට පසු කොහොම වාහනයක් පදවාවිද කියා හිතාගන්න පුළුවන් (නි)