තම අඳ මවට ගෙයක් හදාදීමට වීරකැටිය මණ්ඩාඩුව පුරාණ විහාරයේ ජඳුර සුමන හිමියෝ සමත් වූහ. අඳ මව සමග පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අඟුණුකොළපැලැස්සට පැමිණි මව සමග වැඩම කළ සුමන හිමියන් කතාව ලංකාදීප වෙබ් අඩවියෙන් හා පත්තරයෙන් දුටු පරිත්‍යාගශීලීන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පිරිනැමූ බවත් එයින් වහළ සෙවිලි කළ බවත් ඒ හිමියෝ පවසති.
‘‘දැන් මගේ අම්මට හරි සතුටුයි.” සුමන හිමියන්ගේ දුරකථන අංකය - 071 57 26 989
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරිම සතුටක් හිතට දැනුනා.! ලංකාදීපයට මගේ හදපිරි ඉස්තුතිය.!! ඔබ වහන්සේ අප දෙරණේ බොහෝ දෙනකුට ගොඩාක් ආදර්ශ හිමිනමක් වගේම, ගොඩාක් මිනිසුන්ට මනුශ්‍යත්වය කියා දුන්නා ..! (ර)
මේ සැබෑ බුද්ධ පුත්‍රයන් සියළු දෙනාටම ආදර්ශයක්ම වේවා!!! (නි)
මාතු පෝෂක ජාතකයේ බෝධිසත්වයන්ට පමණක් දෙවැනි උන පොඩි හාමුදුරුවෝ. ඔබ වහන්සේට මව ඒ විවරණය දෙනු ඇත. (නදී)
මේ පුවත පළ කලාට බොහොම පිං (දිල්)