IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මවගේ මරණයට පුතා අත්අඩංගුවට

(බී.ජී. චතුරංග)

ගල්නෑව , හෙලබදුගම දී මීට මාසයකට පෙර ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ බව කියූ , දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව , එම මව ළිඳට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට, ඇගේ බාල පුත්‍රයා පෙරේදා  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව  හෙළබදුගම  පදිංචිව සිටි 46 වැරදි පුද්ගලයෙකි.

 ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදී ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි එම දෙදරු, මවගේ මරණය සොයා ගත් බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්, මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට වාර්තා ලැබුණු බවත් , මරණකාරියගේ හිසේ පටක වලට හානි සිදුව ඇති බවට වාර්තා වීම හේතුවෙන් ඒ ඔස්සේ මෙම මරණය ඝාතනයක්ද යන්න අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළ බව ගල්නෑව පොලිසිය කියයි.

'තම මව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයකු නිවසට ගෙන්වාගෙන සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත්, මීට මාස කීපයකට පෙර ඔහු නිවසින් පිටව යාම හේතුවෙන් මව සිත් තැවුලට පත්ව ළිඳට පැන සියදිවි නසා ගන්නට ඇති බව' මරණකාරියගේ දේහය හමුවූ අවස්ථාවේදී මීට මාසයකට පෙර සැකකාර බාල පුත්‍රයා සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

මවගේ මරණයට පුතා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site