රොමේෂ් මධුෂංඛ
යුද්දෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මව හෝ පියා නොමැති දරුවන් 765 ක් ජීවත් වන බවට දිස්ත්‍රීක්කයේ පිහිටි ළමා නිවාසයන් හී නිලධාරීහු පෙන්වා දෙති.
මේ අනුව එම නිලධාරීන් පෙන්වා දෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය තුළ මව අහිමි දරුවන් 387 දෙනෙකුද පියා අහිමි දරුවන් 378 දෙනෙකුද ජීවත් වන බවයි.
කෙසේ වෙතත් අදාළ වාර්තා කිලිනොච්චියේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහන වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ ද අවධානයට යොමු කළ අතර ජනාධිපතිතුමන් එම වාර්තාවලට අනුව දිස්ත්‍රික්කයේ පිහිටි ළමා නිවාස හා රැඳවුම් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත් ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබාදුන් බවද ළමා නිවාස බාර නිලධාරීන් පවසයි.
යුද සමයේදී වැඩි වශයෙන් මෙම දරුවන්ට තම පියා හෝ මව අහිමි වී ඇති හෙයින් එම දරුවන්ගේ අනාගතය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවද ළමා නිවාස බාර නිලධරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට යුද්දය නිසා දකුණේ මව හෝ පියා අහිමි වුණු දරුවන් කීදෙනෙක් ඉන්නවාද කියලා කවුරුහරි දන්නවාද..?
ප්‍රසන්න ඔයා හරි ඒවා හොයන්න කවුරුත් නෑ. මරා ගෙන මැරෙන බෝම්බ වලින් අමිමා තාත්තා අහිම් අය කී දෙනෙක් ඇතිද?