IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මව සහ පුතු අනතුරින් මරුට

(නිමල් ජයරත්න )

දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී  අද (17) පෞද්ගලික බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් මව හා පුතු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව  දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි.
 
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ පදිංචි  එස්. දිස්නා අයිරාංගනි  33 වියති මව අවුරුදු දෙකක් වයසැති ඒ.එල්.නෙත්මින සම්පත් යන අය බව පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර සහ එහි ගමන් ගත් අවුරුදු හයක දරුවා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි  
 
ත්‍රිරෝද රථය මාර්ගයෙන් ලිස්සා පෞද්ගලික බස් රථයේ ගැටෙන අවස්ථාව පෞද්ගලික බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවකද සටහන් වී ඇති බව පොලිසිය කියයි.



අදහස් (3)

මව සහ පුතු අනතුරින් මරුට

Perera Thursday, 18 December 2025 03:19 AM

ත්‍රී රෝද රියේ ටයර් ගෙවිලද ලිස්සලා තියෙන්නේ ?

:       0       1

Bunny Preena Thursday, 18 December 2025 09:41 AM

වැසි කාලවලදී වේගය පාලනය කරගෙන ඉවසීමෙන් රථ වාහන පදින එක ඇඟට ගුණයි

:       0       2

de silva Thursday, 18 December 2025 03:21 PM

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් , අසරණ මිනිස්සු මෙවැනි ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නේ නැති බැරි කමට, එයාර් බෑග් තිබෙන කර එකක ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ.. ත්‍රිරෝද රථයේ කොයි වෙලාවේ ලිස්සලා යාවිද, මග නවතීවිද කියලා කියන්න බැහැ.. පාලකයෝ වාහනවලට අධික තීරු බදු ගහන එක සහ විදිමත් පොදු ප්‍රවාහන සේවයක් නැතිකමේ අතුරු ප්‍රතිඵල මේවා, ඔබලට නිවන් සුව...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site