IMG-LOGO

මව් සෙනෙහසට අඬන සිඳුගේ සිතිවිලි

2016-09-24-ent-133

සිඳු එංගලන්තයේ උපන් දරුවෙකි. ඔහු කිසියම් කාරණයක් උදෙසා ලංකාවට පැමිණි මොහොතක පැහැර ගැනීමකට ලක්වූයේය. ඉනික්බිති ඔහුව පැහැරගත් පුද්ගලයන් විසින් සිඳු රැුගෙන ගියේ රජරට ප‍්‍රදේශයේ කැලෑබද දුෂ්කර ගම්මානයක් වෙතය. වැවත් කුඹුරත් පන්සලත් සංකේතවත් වූ රජරට ගැමි සංස්කෘතියට අයත් මේ ගම්මානය ද ගල්ලෙන්වලින් මෙන්ම රූස්ස වන පෙතකින් ද සමන්විතය. ඒ සමඟම බිහිසුණු සතා සීපාවුන්ද විෂකුරු සර්පයින්ද මේ ගම්මානයේත් වැව් තාවුල්ලේත් සැරිසරති. මෙකී දුෂ්කර කර්කශ ගම්මානයේ සිරගත කෙරුණු සිඳුට ගමේ පන්සලේ වෙසෙන සෝරත පොඩි හාමුදුරුවන් මුණගැසෙයි.

ඝලොකු හාමුදුරුවන්ගේ දරදඬු පාලනය මැද හැදෙන වැඩෙන පොඩි හාමුදුරුවන්ගේ තනි නොතනියට සිටින්නේ ඇබිත්ත මාමාත්, සරණ නම් වූ පූස් හුරතලාත් පමණකි.

සරණත් සමඟ කෙලිදෙලෙන් පසුවන පොඩි හාමුදුරුවන්ට සිඳු මුණගැහෙන්නේ අහම්බෙනි. එතැන්පටන් මේ දෙදෙනා එකිනෙකාගේ හුදෙකලාව සහ තනිකම තුරන්කර ගත්හ. සිඳු නම් ලද ටෙලිනාට්‍යයේ දිගහැරෙන්නේ මෙකී මේ මව් සෙනෙහස අහිමි වූ ළමයින්ගේ කතන්දරයයි. එහි තේමා ගීතය රචනා කරන්නේ සිඳු නිෂ්පාදක ජානක සිරිවර්ධනය.

 

2016-09-24-ent-131රණ්ඩුවක් වුණේ නෑ කියන්නම් දිවුරලා

අම්මේ මට කළුවරයි හඳ මගෙන් හැංගිලා

 

කළුවරට මුවා වී සඳ ළගම ඉන්නවා

හඳේ සා පැටව් නෑ උන් පුතා හොයනවා

 

එන්න දුර වැඩියි නම් හීනෙකින් එබෙනවද

දන්න කෙනෙකුන් අතේ මගේ හිත එවනවද

 

දෙන්නා දෙතැනක තියා මොන පවක් ගලනවද

අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද

 

වැටී වැසි බිඳු හිසට රන් වියන් තැනේවා

නොදී ඇල් දිය කුසට රස බොජුන් ඉදේවා

 

ඒ මොකුත් නැති වුණත් අම්මේ හෙට හිනැහිලා

ඇවිත් එක්කන් යන්න මම හිමේ තනිවෙලා

 

ඔබ මේ ගීතයට වස්තු බීජය කරගත්තේ කෙබඳු අත්දැකීමක්දැයි මම ජානකගෙන් විමසුවෙමි.

සිඳු කියන්නෙත් සෝරත හාමුදුරුවො කියන්නෙත් මව් සෙනෙහස අහිමි දරුවො දෙන්නෙක්. සිඳු අම්මගෙන් පැහැරගෙන ඇවිත්. සෝරත හාමුදුරුවො අම්මගෙන් ඈත්කරලා. අපේ රටේ ඉන්න දරුවන්ගෙන් ලක්ෂ ගණනක්ම අම්මගෙන් ඈත් කරපු දරුවො. බොහෝවිට මේ දරු පැටවුන්ගෙ අම්මල ඉන්නෙ පිට රට. එක්කො මැදපෙරදිග. නැත්නම් සයිප‍්‍රස්. මේ මව් සෙනෙහස අහිමිවීමේ දුකෙන් පීඩා විඳින දරුවො මට මතක් වුණා. මම ඒ දරුවන් ගැන හිතලයි මේ ගීතය රචනා කළේ.

එතකොට මේ ගීතයේ ගායනය හා සංගීතය.

ජානක ෆොන්සේකා කියන ප‍්‍රවීණ සංගීතඥයයි මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ නමුත් ගායනයට තෝර ගන්තෙ දෙරණ ආයතනයෙන් තෝරාගත් ලිට්ල් ස්ටාර් තරගයෙන් හා ඞී‍්‍රම් ස්ටාර් තරගයෙන් ජයග‍්‍රහණය කරපු දක්ෂ ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් යශෝධා ප‍්‍රියදර්ශනී. අනික් එක්කෙනා කවීෂ් ඉඳුවර. මේ දෙන්නා අම්මයි පුතයි විදිහට මේ ගීතය ගායනා කරනවා. ඇත්තටම ඔවුන් බොහොම අපූරුවට මේ ගීතය සහ ගීතයේ අදහස සමඟ බද්ධවෙනවා.

 

ශකුවි

 

2016-09-24-ent-132



අදහස් (0)

මව් සෙනෙහසට අඬන සිඳුගේ සිතිවිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site