දරුවන් සලකන්නේ නැතැයි කළුතර හීනටියන්ගල සය දරු මවක කළ පැමිණිල්ලක් විමර්ශනය කළ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයයේ වැඩිහිටියන් නඩත්තු මණ්ඩලය ඇයට මසකට රුපියල් දහස බැගින් ගෙවන ලෙස දරුවන්ට නියෝගය කළේය.
වැඩිහිටිලේකම් කාර්යාලය එම නියෝගය දකුණු කළුතර පොලිසියට එවා තිබූ අතර පොලිසිය එය කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතාට භාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මව නඩත්තු කරනු‘
මහානාම Sunday, 19 July 2015 01:15 PM
මම දන්නා ගුරු මවකගේ ගුරු දියණියක් වයස්ගත සහ එක්තැන්වී සිටින තමන්ගේ මව ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වමින් තමන්ගේ කටයුතුවල නියැලී සිටිනවා. බාල දියණිය එම මව තමාගේ නිවසේ තබාගෙන හොඳින් බලා ගන්නවා. මෙම සිද්ධියේ වැදගත්ම කතාව මේකයි. මව ගැන සොයා නොබලන අර විශ්‍රාමික ගුරු දියණිය දැන් සමථ මණ්ඩලයේ නඩු විසඳීමටත් යනවා. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Sunday, 19 July 2015 01:23 PM
සමීර, අනිවාර්යෙන්ම මේවා දකින එයාලගේ දරුවොත් මෙම ආදර්ශය ගන්නවා. එතකොට තමයි කරපු පවු මතක්වෙන්නේ. එතකොට ප්‍රමාද වැඩියි (නි)
චන්න බුවනක Sunday, 19 July 2015 06:56 AM
එක් කෙනෙක්ගෙන් රුපියල් දහස ගානේනම් ඇති. ඔක්කොම දාහක් නම් මදි. අද ජීවන වියදම ඉහලයි.(ම)
අප්පුහාමි Sunday, 19 July 2015 08:04 AM
මේවා අම්මලා ඉල්ලලා ගන්න ඕනී දේවල් නම් නෙවේ. දරුවන්ගේ යුතුකම්. අනේ අපෝයි මේවා දන්නැති ඒවුනුත් ලංකාවේ ඉන්නවනේ (බ)
රූපවතී Sunday, 19 July 2015 08:08 AM
පවු! අම්මා කෙනෙක් කොපමණ නම් දුක්විඳිනවාද දිවා රාත්‍රී කැතකුණු අතගාමින්? දරුවන්ගේ දුක්වේදනා වලට නිතරම ළඟ සිටිමින් අතපය නොකඩා දෙමාපියන් ඔවුන්ව ලොකුමහත් කරලා අවසානයේ ඒ අසරණ දෙමාපියන්ට කන්න බොන්නවත් නොදී නොසළකා හැරීම නම් කවදාවත් අපි කිසිවෙකු අනුමත නොකරමු. ඒ අම්මාට සාධාරණයක් සිදුවේවා..! (නි)
ධම්මිකා Sunday, 19 July 2015 08:40 AM
රුපියල් හයදාහක් මාසික නඩත්තුවට. ඒ ඇති ද ජිවත් වෙන්ඩ (නදී)
සමීර Sunday, 19 July 2015 09:07 AM
දරු හය දෙනක් ඉන්නවනම් එක අම්මා ව බලාගන්ඩ බැරිද අනාගතේ ඔය ගොල්ලන්ටත් මෙහෙම වෙන්ඩ පුළුවන් (ම)