දරුවන් සලකන්නේ නැතැයි කළුතර හීනටියන්ගල සය දරු මවක කළ පැමිණිල්ලක් විමර්ශනය කළ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයයේ වැඩිහිටියන් නඩත්තු මණ්ඩලය ඇයට මසකට රුපියල් දහස බැගින් ගෙවන ලෙස දරුවන්ට නියෝගය කළේය.
වැඩිහිටිලේකම් කාර්යාලය එම නියෝගය දකුණු කළුතර පොලිසියට එවා තිබූ අතර පොලිසිය එය කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතාට භාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා ගුරු මවකගේ ගුරු දියණියක් වයස්ගත සහ එක්තැන්වී සිටින තමන්ගේ මව ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වමින් තමන්ගේ කටයුතුවල නියැලී සිටිනවා. බාල දියණිය එම මව තමාගේ නිවසේ තබාගෙන හොඳින් බලා ගන්නවා. මෙම සිද්ධියේ වැදගත්ම කතාව මේකයි. මව ගැන සොයා නොබලන අර විශ්‍රාමික ගුරු දියණිය දැන් සමථ මණ්ඩලයේ නඩු විසඳීමටත් යනවා. (නි)
සමීර, අනිවාර්යෙන්ම මේවා දකින එයාලගේ දරුවොත් මෙම ආදර්ශය ගන්නවා. එතකොට තමයි කරපු පවු මතක්වෙන්නේ. එතකොට ප්‍රමාද වැඩියි (නි)
එක් කෙනෙක්ගෙන් රුපියල් දහස ගානේනම් ඇති. ඔක්කොම දාහක් නම් මදි. අද ජීවන වියදම ඉහලයි.(ම)
මේවා අම්මලා ඉල්ලලා ගන්න ඕනී දේවල් නම් නෙවේ. දරුවන්ගේ යුතුකම්. අනේ අපෝයි මේවා දන්නැති ඒවුනුත් ලංකාවේ ඉන්නවනේ (බ)
පවු! අම්මා කෙනෙක් කොපමණ නම් දුක්විඳිනවාද දිවා රාත්‍රී කැතකුණු අතගාමින්? දරුවන්ගේ දුක්වේදනා වලට නිතරම ළඟ සිටිමින් අතපය නොකඩා දෙමාපියන් ඔවුන්ව ලොකුමහත් කරලා අවසානයේ ඒ අසරණ දෙමාපියන්ට කන්න බොන්නවත් නොදී නොසළකා හැරීම නම් කවදාවත් අපි කිසිවෙකු අනුමත නොකරමු. ඒ අම්මාට සාධාරණයක් සිදුවේවා..! (නි)
රුපියල් හයදාහක් මාසික නඩත්තුවට. ඒ ඇති ද ජිවත් වෙන්ඩ (නදී)
දරු හය දෙනක් ඉන්නවනම් එක අම්මා ව බලාගන්ඩ බැරිද අනාගතේ ඔය ගොල්ලන්ටත් මෙහෙම වෙන්ඩ පුළුවන් (ම)