මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේදී එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි අන්සාර් මහතාට පහරදීමේ සිද්ධියෙන් පසු ඔහුට පොලීසියේ ආරක්ෂාව ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා එරට රජයට දන්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කොළඹ සිටින මැලේසියා මහකොමසාරිස්වරයා මාර්ගයෙන් විදේශ අමාත්‍යංශ ලේකම් ඇසළ වීරකෝන් මහතා මෙම ඉල්ලීම කර ඇත.
මහකොමසාරිස්වරයාට අමතරව ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට, කාර්ය මණ්ඩලයට හා එම නිලධාරීන්ගේ නිල නිවාස වලට සහ මහකොමසාරිස් කාර්යාලය පිහිටි භූමියට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙස ද විදේශ ලේකම්වරයා මෙරට සිටින මැලේසියා මහකොමසාරිස්වරයාට දන්වා ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
සෙන්තුල් හි විහාරස්ථානයට අවශ්‍ය ආරක්ෂාවද ලබා දෙන ලෙසද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මැලේසියා රජයෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ඉතින් වැඩක් කළොත් නාගන්නවනේ. මේකත් ඒ වගේ තමයි. එ්කෙන් වුණේ කොටි වෙනුවෙන් පෙනීඉන්න ජාතිවාදීන්ට මරු පහරක් වැදුන එකයි. හැබැයි ඉතින් මැලේසියාවේ ආරක්ෂාව නම් අන්තිමයි (නි)
දැන් බලනකොට තත්ත්වය බොහොම නරකයි වගේනේ (නි)
අපිට සළකන හැටි ඔහොම වුණත් අපි කොහොමද සළකන්නේ. කිසියම්දේක සීමාවක් තියන බව කවුරුත් හිතුවොත් හොඳයි. (නි)
එහෙම දෙන එක එයාලගේ වගකීමක්නේ (නි)
ජනහිත බල්ලෙක් අපිව හපා කෑවහම අපිත් බල්ලව හපා කනවද? (බ)
ජයසිරි ලංකාවේ හමුදා පාර්ට් වෙන රටවලට ගිහින් දාන්න බැහැ. ඔයාගේ දැනුමේ තරම හිතා ගන්න පුළුවන් (බ)
අපි ඉල්ලන්න ඕනෑ නැහැ. ඒ රට දැනගන්න ඕනෑ ආරක්ෂාව දෙන්න. රටක් නියෝජනය කරමින් එම රටේ පෙනීසිටින්නා තම රටේ නායකයා හා සමානය (නි)
හනුමා ගිනි තිබ්බා නම් හනුමටම කියමු නිවන්න කියලා නේද? මේ සති දෙක තුන ගෙවන්න, සම්මේලනය අමතක කරවන්න නියම තිරපිටපත! (නි)
මලයාසියා යන අයටත් ආරක්ෂාව දෙන්න වේවි (නි)
ඇත්ත. මේක ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවිය යුතු ගැටළුවක් (නි)
තානාපති කාර්යාල වලින් හමුදා නිලධාරීන් ඉවත් කරලා කරගත්ත දේ දැන් තේරෙනවා ඇති කට්ටියට. (නි)
වෙඩි තැබීම හොඳට පුහුණු කරන්න මිලිමීටර් 9 පිස්ටල් එකක් අත්මාරක්ෂාව සඳහා දෙන්න. (බ)
මේක සියලුම බෞද්ධයන්ට හානියක් බලාගෙන ගියාම ලංකාවේ විතරක් නෙමෙයි බුදු පිළිම කඩන්නේ. මේවා පිටුපස ඉන්නේ එකම කණ්ඩායමක් (බ)