
(ඉන්දික අරුණ කුමාර)
නාඋල - මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරිම වෙනුවෙන් කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බව සංවිධායකයෝ කියා සිටිති.
දින තුනක් පැවැත්වෙන මෙම පිංකම් මාලාවට සමගාමීව සල්පිල් භාණ්ඩ වෙන්දේසිය,ආධුනික ගීත ප්‍රසංගය මෙන්ම නාට්‍ය සංදර්ශන මාලාවන් ද පිංකමට සමගාමීව විහාරස්ථානයේ දී පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලටයි හාමුදුරුවන්ටයි උන දේ.,
ගොන් පාට්
සිල්පද දෙසිය ගණනක් රකිමින් මෙම විහාරාධිපති සාදු සැදැහැවතුන්ගේ නිවන මූලික වූ ධර්මාවබෝධය පිණිසම කරන්නා වූ මහා වෙන්දේසිය නාට්‍ය සහ සංගීත තරගයේ පිං මටද අනුමෝදන් වේවා...!
මේ රටේ පන්සල් හැදිල්ල නම් කවදාවත් ඉවර වෙන්නේ නෑ.
මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පින්කමක් බුදු හිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරගයක්
"අසාරේ සාරමතිනෝ... සාරේ චාසාර දස්සිනෝ... තේ සාරං අධිගච්චන්තී... මිච්ඡා සංකප්ප ගෝචරා" ධම්මපදය නිසරු දෙය සරු යැයිද? සරු දෙය නිසරු යැයිද සිතන තැනැත්තෝ වැරැදි කල්පනාවන් වලට ගොදුරුව සරුදහම නොලබත්. බුදුරදුන් විසින් පිටුදකින ලද අකප්පිය ආජීවය පිළිබඳව නිසි අවබෝධය ජනතාවට නොදී වැරදි මගින් සිව්පසය ලබා ගැනීමත්, ශාසනික කටයුතු කිරීමත් නිසා බලවත් ලෙස ජනතාව මුලාවට පත්වී තිබීම තථාගත දහම අනුව කෙසේ ගැලපෙන්නේද? පරිත්‍යාගය පිළිබඳව දහම් ඇස පෑදුවා නම් පරිත්‍යාගය කෙතරම් මහත්ඵලද?