හිටපු කෙටි ධාවන ශූරයකු වන රොහාන් ප‍්‍රදීප් කුමාර මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරයට තරග වැදීමට සඳහා නාමයෝජනා බාරදී ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර් ජාතික මලල ක‍්‍රීඩා තරගමාලා රැසකදි මීටර් 400, මීටර් 200 හා සහය දීවිමේ පිරිමි ඉසව්වලදී පදක්කම් දිනූ ප‍්‍රදීප් කුමාර මහතා ගම්පහ දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය නියෝජනය කරමින් නාමයෝජනා බාරදී තිබේ. මේ අතර මෙතෙක් සංගමයේ උප සභාපති ධූරයක් දැරූ ප්‍රෙමා පින්නවල මහතා හා වත්මන් සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද සභාපතිධූරයට නාමයෝජනා බාරදුන් බව වාර්තාවේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් පරිදි මලල ක‍්‍රීඩා නිලවරණය පැවැත්වීම මේ වන විට අත්හිටුවා තිබේ. ඒ සඳහා කලින් මාර්තු 30 වැනිදා යොදා ගෙන තිබුණි. වත්මන් සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතාට හයවැනි වසරටත් සංගමයේ සභාපති ධූරයේ කටයුතු කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පමාවීම නිලවරණය කල් දැමීමට ආසන්නම හේතුව වූ බව වාර්තාවේ. ක‍්‍රීඩා ඇමැතිවරයා ‘ලංකාදීප’යට පැවසුවේ ඊට තමන් කෙළින්ම මැදිහත් නොවන බවත් ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ සඳහා බලධාරීන්ට අනුමැතිය දීම සඳහා පත්කළ විශේෂ කමිටුව ප‍්‍රනාන්දු මහතාට අනුමැතිය දීම ගැන අවසන් තීරණයක් ගන්නා බවත්ය. කෙසේ වූවත් යොදා ගත් පරිදි පසුගිය සිකුරාදා (16) දක්වා නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම සිදු කර තිබෙන අතර උපසභාපති ධූර හය සඳහා නාමයෝජනා 10ක් ලැබී ඇතිබවද වාර්තා වේ. ප‍්‍රධාන ලේකම් ධූරය, භාණ්ඩාගාරික දත්ත සටහන්කරු යන තනතුරු සඳහා වෙනත් නාමයෝජනා ඉදිරිපත් නොවීමෙන් දැනට එම තනතුරු දරන ජී.එල්.එස්.පෙරේරා, චන්දන ඒකනායක හා සමන් කුමාර යන මහත්වරුන් ඉදිරි නිලවරණයේදීත් එම තනතුරු සඳහා නිතරගයෙන් පත්වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලල ක‍්‍රීඩා සභාපති ධූරයට හිටපු ක‍්‍රීඩක රොහාන් ප‍්‍රදීප් කුමාර නාමයෝජනා දෙයි