ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් පැන නැගී නැතැයි ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ලංකාදීපයට පැවසීය.
ඒ සඳහා දැනටමත් රටවල් 33ක් සහභාගිවීම සනාථ කර ඇති බවත් අවම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 800 දෙනකු ඒ සඳහා තරග වදින බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය විසුරුවා හැරීමට කටයුතු කිරීමෙන් පසු කොළඹදී ලබන ජූනි 8 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් මතුවී ඇතැයි පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී ඇමැතිවරයා එසේ පැවසීය.
මෙම තරගාවලියේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් සඳහා ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මොරිස් නිකලස් මහතා ඊයේ (7) දිවයිනට පැමිණීමට නියමිතව සිටියත් එය හදිසියේ අත්හිටුවනු ලැබීය.
ඇමැතිවරයා ‘ලංකාදීප’යට මෙසේද පැවසීය. මේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී යොදාගත් දිනවලට පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් පැන නැගී නෑ. මලල ක‍්‍රීඩා සංගමයට වැඩිය හොඳට එය කරන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව නම් කියන්න පුළුවන්.
මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු බලධාරීන් ඉවත්ව යන කොටත් ඒ සඳහා සත පහක්වත් හොයලා තිබ්බේ නෑ. ඔවුන් කියලා තිබ්බේ ක‍්‍රීඩා අමාත්‍යාංශයට මිලියන 12ක් දෙන්න. ඉතිරිය ඒ අය සොයා ගන්නම් කියලා. ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ අපේ කැමැත්ත විමසීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංචාරය ලබන මැයි මාසය දක්වා කල්දමා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් පැන නැගී නෑ.
තරගාවලියේ වියදම් සඳහා රුපියල් මිලියන 75ක් විතර යනවා. ඒක හොයා ගන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය පෞද්ගලික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ලබා ගන්නවා.
මේ අතර මලල ක‍්‍රීඩා සංගමය ඉදිරියේ යොදාගත් පරිදි දේශීය තරගාවලි පවත්වන බවත් මලල ක‍්‍රීඩා සංගම් මූලස්ථානයේ සේවය කරන සේවක සේවිකාවන් කීප දෙනාට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් අඛණ්ඩව වැටුප් ගෙවන බවත් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මලල ක‍්‍රීඩා සංගමයට වැඩිය හොඳට ආසියානු තරගාවලිය කරනවා