ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් ලබන සෙනසුරාදා (26) කැඳවීමට එහි විධායක සභාව ගෙන තිබෙන තීරණය මතභේදයට තුඩුදී ඇතැයි වාර්තා වේ. නාවික හමුදා මූලස්ථානයේදී එදින පෙරවරු 10 ට කැඳවා තිබෙන විශේෂ මහ සභා රැස්වීමේදී ලබන ජූනි 9 වැනිදා කොළඹදී ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු ඇතුළුව සංගමයේ පරිපාලන තීරණ පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද වාර්තා වේ. මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවිය හැක්කේ එහි මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් පමණක් බවත් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ බලයක් විධායක සභාවට නොමැති හෙයින් මෙම විශේෂ මහ සභා රැස්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් පසුගිය සිකුරාදා (18) පැවැති විධායක සභා රැස්වීමේදී නිලධාරීන් කීපදෙනකු විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනය පත්වී තවමත් දින කීපයක් පමණක් ගෙවී ඇති බැවින් මෙතෙක් මධ්‍යම කාරක සභාව පත්කර නැත. කෙසේ වෙතත් දිස්ත‍්‍රික් සංගම් තුනක් එක්ව විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන ලෙස සංගමයෙන් ඉල්ලීමක් කළ හැකි බැවින් ඒ අනුව කටයුතු කර මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවීමට ක‍්‍රියා කරන බවත් වාර්තා වේ. එහෙත් ඒ සඳහා ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව වාර්තා වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd