IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මල්ලී අයියගෙ දරු දෙන්නා විකුණයි

වැඩිමල් සහෝදරයාගේ දරු දෙදෙනා විකිණූ බව කියන බාල සහෝදරයා හා ගැහුණුන් දෙදෙනෙක් ගම්පොළ පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබිණි.

වයස අවුරුදු 2 ක පිරිමි දරුවා රුපියල් 5000 කට ගම්පොළ කීරපනේ නිවසට විකුණා ඇති අතර සිව් හැවිරිදි වැඩිමල් දරුවා රුපියල් 20,000 කටද විකුණා ඇත්තේ දරුවන් නැති අඹු සැමි යුවළක් ලෙසින් වෙස්වලාගත්  පොලිසියේ දෙදෙනකුටය.

මව මිය යාමෙන් පසු මෙම දරුවන්ගේ පියා තම බාල සහෝදරයාට දරුවන් බලාගැනීමට පවරා රැකියාවකට ගොස් ඇතැයිද පැවසේ.

දරුවන්ගේ පියාත් මියගිය බව පවසා ගනුදෙනුව කර ඇතැයිද කුඩා දරුවා ගම්පොළ කීරපනේ නිවසකට විකිණීමෙන් පසු කුරුණෑගල ඥාති නිවසකට බාරදී ඇත. වැඩිමල් දරුවා විකුණන බවට ලැබුණු තොරතුරක් අනුව දරුවන් නැති ජෝඩුවක් ලෙස පොලිස් කාන්තාවක (එම්.මාලිනී) හා කොස්තාපල්වරයෙකු (ජයවර්ධන) දරුවා ගම්පොළ දොළොස් බාගේ නිවසකින් රුපියල් 20,000 කට මිලට ගෙන ඇත. අනතුරුව ගනුදෙනුවත් සමග සැකකරුවෝ අත් අඩංගුවට ගනු ලැබූහ.

DSC07899 DSC07901 DSC07903



අදහස් (0)

මල්ලී අයියගෙ දරු දෙන්නා විකුණයි

පද්මිණි Thursday, 12 February 2015 01:23 PM

මෙන්න අදාළ විෂය සම්බන්ධ බලධාරීන්ට හොඳම අවස්ථාවක්. මේ දරුවන්ට රැකවරණය දෙන්න. (නි)

:       0       0

රුවන් Thursday, 12 February 2015 02:39 PM

දරුවෝ විකුණන්නේ හරියට බලු බළල් පැටවු විකුණනවා වගේනේ? (නි)

:       0       0

කීර්ති Thursday, 12 February 2015 03:48 PM

මේ වගේ අයට තිරිසන්නු කියන එක තිරිසනුන්ටත් හොඳ නැහැ. (නි)

:       0       0

අමරසේකර Thursday, 12 February 2015 03:54 PM

තමන්ගේම කෙනෙක්ගේ ලේ වලින් හැදුනු පොඩි පැටවු කියලාවත් මොහුට හිතිලා නැද්ද? මේ වගේ තිරිසන් වැඩකරන අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සොයිසා Thursday, 12 February 2015 01:17 PM

පොලිසියට අපගේ උත්තමාචාරය ..! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site