අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මරණීය තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයකු මැලේසියාවේ සිට අද (27) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කිරීමට විරෝධය පා ඔහු ජනපතිට එරෙහි මරණීය තර්ජන සහිත පණිවිඩ සටහන් ෆේස්බුක් ගිණුමේ පළ කළ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩියෙක් නෝන්ඩි වූ තවත් එක අවස්ථාවක් , බොරු චන්ඩි කම හැන්ගිලා සමාජ වෙබ් අඩවි වගේ ඒවායේ කුණුහරුප කියන මරණ තර්ජන කරන අපහස කරනවා , මේ ටිකම සිද්ද වෙන්න ඕනේ , අනුන්ට කඩේ යන්න බොරු චන්ඩි පාර්ට් දානවට (අ)
නියම දඬුවමක් දිය යුතුයි. (ර)
නිම්මි, මෝඩ කතා කියන්න එපා. මේ රටේ මිනිසුන්ට නිදහසේ ජීවත්වෙන්න හදලා දුන් කෙනාවද ඔය අත්අඩංගුවට අරන් තියෙන්නේ? නුගත් රස්තියාදුකාරයෝ තමන්ගේ රටේ නායකයන්ට අපහාස උපහාස කරන්නේ සීමාවක් නැතුව.මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. එතැනදී මහින්දද, මෛත්‍රීද, රනිල්ද කියන එක වැදගත් නැහැ. (නි)
අපේ රටේ ඉන්නේ මහ පුදුම ජාතියක් ජාතික නායකන්ට අපහස කරන එකම රට අපේ රටයි (අ)
මෙහෙම දේවල් නැවත නොකරන්න දඬුවම් දෙන්න (නි)
මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න (නි)
නිදහස තිබුණු පළියට එය අයුතු ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ (නි)
බොහොම හොඳයි. අපේ මිනිස්සු දන්නෙ නැහැ කොහොමද මුහුණුපොත භාවිතා කරන්නේ කියලා (නි)
අනේ හැබෑට මෙහෙමත් නීතියට ගරුනොකරන අය ඉන්නවනේ? (නි)
අනෙක් ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක ටික දවසකට මේ කතාව ප්‍රසිද්ධ කරමු. සිංහලයට රෑ කාපු දේ උදේට මතක නැහැ කියලා නන්දිකඩාල් කලපුවේ ගිලුණු කෙනෙකුත් කිවුවනේ (නි)
උපරිම දඬුවම් දෙන්න තියෙන්නේ අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)
අදහස් පළකිරීමේ නිදහස තිබුනු පළියට මෙහෙම දේවල් කරන්න දෙන්න බැහැ (නි)
අපේ මිනිස්සු හරිම මෝඩයි. දෙසපාලයෙක් හෝ පක්ෂයක් ඔලුව උඩ තියාගෙන නරක වැඩ කරනවා. අමාරුවේ වැටුනහම පක්ෂයත් නැහැ දෙසපලකයත් නැහැ. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් බැලුවහම ප්‍රස්නයක් වෙන්නේ නැහැ (අ)
ජනාධිපති වෙන්න කලින් සිරිසේන මහත්තයාට අපහාස කළ අය ලැජ්ජා නැතුව දැන් ඇමති මණ්ඩලයේත් ඉන්නේ..... (නි)
හොදම වැඩේ ෆේස් බුක් චණ්ඩින්ට තව ඉන්නවා ඉතාලියේ රෝමයේත් ඉන්නවා (අ)
මමත් සනත් ගුණවර්ධන මහත්තයාගේ අදහස අනුමත කරමි (නි)
ඒ කාලේ මහින්දට මඩගහපු හැටියට අත්අඩංගුවට ගත්තා නම් ලක්ෂ 62ක්ම නොවුණත් ලක්ෂ 31වත් කූඩුවේ! (නි)
මහින්දට මඩ ගැහීමයි, ජනපතිවරයාට මරණ තර්ජනය කිරීමයි කියන්නේ දෙකක්. ඒක තේරම් ගන්නවත් බැරි කට්ටියත් ඉන්නවනේ? නීතියට අනුව දඬුවමක් මිස ඉස්සර වගේ අතුරුදහන් කරන එකක් නම් නැහැ. එ්ක ඉර හඳ වගේ විශ්වාසයි (නි)
තාක්ෂණය වැරදිදේට පාවිච්චි කරන්ට දෙන්ට හොඳ නැ, ලෝකයේ අනිත් රටවලත් මෙය ක්‍රියාත්මක කරනවා, (බ)
ජනපතිතුමනි, ඔබ දුප්පත් ජනතාවගේ හදවත හඳුනන නිසාත්, බඩු මිල අඩු කිරීමට දරන වෑයම නිසාත් ඔබට ගොඩක් ගරු කරනවා. හැබැයි ෆේස් බූක් කියන්නේ ජන මාධ්‍යයක් නොවෙයි. සමාජ වෙබ් අඩවියක්. තමුන් කැමති අදහසක් තමුන්ගේ මිතුරන් අතරේ බෙදාගැනීමට අයිතිය තිබෙනවා. මේවට තහංචි දාන්න එපා. (නි)
අර කොටියට සමාව දුන්න එකේ මෙයාට නම් කොහොමත් සමාව ලැබෙනවා කියලා මට හොඳටම විශ්වාසයි (නි)
බලන්නකෝ තාක්ෂණයේ දියුණුව. මරණ තර්ජන කරන්නෙත් දැන් වෙබ් අඩවි හරහා (නි)
මරණීය තර්ජන ජනපතිට නොවේ සාමාන්‍ය මිනිහෙකුට කලත් පැමිණිලි කලොත් පොලිසියෙන් අල්ලනවා , (හේ)
ඒ කාලේ මහින්දට මඩ ගහපු හැටියට අත්අඩංගුවට ගත්තා නම් රටෙන් බාගයක් හිරේ. (නි)
ලංකාවෙන් ඇවිත් දේශපාලන රැකවරණ යටතේ විස ගත්ත අය මුහුණු පොතේ ලොකුවට දේශපාලනය ගැන කතා කරනවා. නිකම් ලගින් ඉන්න යාලුවන්වත් තරහ කර ගන්නවා. එත් ඒගොල්ලෝ උදව් කරන දේශපාලකයෝ දින්නම මේ අයව ගණන් ගන්නේ වත් නැහැ. තවත් සමහරු මෙහේ දේශපාලන සංගම් හදා ගන්නවා මොකද ලංකාවට ගියාම දේශපාලකයොත් එක්ක පින්තුර ගන්න තියෙන ආශාවට.(හේ)
චීන ජනාධිපතිට ඉල්ලා අස්වන්න කියා වෙබ් අඩවියක දැන්වීමක් පළකිරීම නිසා 20 දෙනෙකු අත්අඩංගුවට ගත්තා කියා මට අසන්නට ලැබුනා. අන්න නියම වැඩ. මෙහෙ නම් අපි කියන්නේ ඕනෑ කෙනෙකුට තම අදහස් පළකරන්න ඉඩ තිබෙනවා කියන එකයි. (නි)
අනේ අපි පැතූ වෙනසක අරුමේ (බ)
අඩේ මේකත් දෙමලෙක් වුනානම් ස්ටේජ් එකකට නැගලම සමාව ඉල්ලගන්න තිබුනා. (බ)
මහින්දට අපහාස කරල තර්ජන කරල කොච්චර තියනවද එහෙම වුනොත් කීදෙනෙක් ගන්නද? වෙනස මාරයි....(බ)
මේ පාලනයට කඩේ යන 60% මි හරක් තපුල්ලති .(බ)
දඬුවමක් දිය යුතුයි (බ)
ජනාධිපති පරණ ගමේ ගොඩේ මිනිහනේ ඕව ගැන හිතන්නේ වසර පනහකට පෙර විදිහට . මිනිහට බය ඇති . මිනිහ සමහර විට එෆ්බී නතර කරන්ඩත් පුළුවන්.පලක් ඇති දෙයක් කරපල්ලා (බ)
මිනිස්සු මෙයාට අකමැති බවනේ හැම අතින්ම කියාපාන්නේ. සරල තේරුම ඕකනේ . ඉතින් ඕව විදගන්ඩ ඕන. (බ)
හ්ම්ම් ,බෝම්බ තියන්න ආපු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාට සමාව දීල , බදාගෙන ඉඹලා, ෆේස්බූක් එකෙන් මරණ තර්ජනය කළා කියල හිරේ දානවා . මේවා කාට කියන්නද (බ)
උපුල් කියපු දෙය සහතික ඇත්ත. ෆේස් බූක් එකේ වීරයෝ වගේ දොඩවනවා. (බ)
යහපාලනය ද ? (බ)
ඔන්න ඉතින් කෙහෙල් කොලේ බත් කන සරල ජනාධිපතිගේ හැටි.(බ)
ඒකාලේ මහින්දට මඩ ගහපු හැටියට අත්අඩංගුවට ගත්තානම් (බ)
හරි මරණීය තර්ජන සහිත පණිවිඩ සටහන් ෆේස්බුක් ගිණුමේ පළ කළ බව දැන් ලංකාවට අාවේ ජනපති තුමාව මරන්නද ? මේවට කියන්නේ හිනා ඉනා කියල (බ)
මේක නම් ඉතා අගනා දෙයක් , සමහරු සමාජ වෙබ් අඩවි වලින් මිනිසුන්ට අපහාස කරන්න , මරණිය තර්ජන කරන්න තරම් චන්ඩි වෙලා , සැබෑ ජිවිතයේ නියපොත්තක් හපා ගන්න බැහැ , මැලේසියාවේ හැංගිලා තර්ජන කළාට මෙහෙම අහුවෙයි කියා සිතුවේ නැතුව ඇති (බ)
මුහුණු පොත පාවිච්චි කරලා ඩොලර් කුට්ට් ගණන් වියදම් කරලා පෙරලපු ආණ්ඩුව අායෙත් මුහුණු පොත පාවිච්චි කරලා රැක ගන්න එක විදේශ මොලකාරයින්ගේ එක් උපාය මාර්ගයක් විතරයි. (බ)
හමගහන්න ඕනේ ,තව කෙල්ලෙකුත් ඉන්නවා හංගාගෙන ඉන්න පේස් බූක් වල මුන් වීරයෝ වගේ රගපාන්නේ (බ)
බොහොම හොඳයි හොඳ වැඩක් (බ)
හොද වැඩක්.. (බ)
උපරිම දඬුවම් ලබා දිය යුතුයි (බ)
අන්න නියම වැඩක්. පිටරටවල ඉන්න සමහරක් අය හිතන්නේ එහේ ඉඳගෙන වෙබ් එක හරහා අනුන්ට අපහාස කරලා තර්ජනය කරලා ගැලවිලා ඉන්න පුළුවන් කියලා. සයිබර් ක්‍රයිම් කරන අය අල්ලා ගැනීම පහසු බව මේ අය දන්නෙ නැහැ. (හේ)
නිමල්, ඔයා කොහොමද කියන්නේ මිනිස්සු අකමැති කියලා, ආපහු ඡන්දයක් තිබ්බොත් එදා ගත්ත ඡන්ද ලක්ෂ 62 ට තව එකතු වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ එකක්වත්. (ර)
මරන්න අපු කොටියා නිදහස් කළා නම් මෙයා මොකටද (බ)
ජනාධිපති තුමාව මරන්න බෝම්බ තිබ්බ කොටියව නිදහස් කරන්න පුළුවන් වුන එකේ මෙහෙම බැන්න කියල බය වෙලා අත්අඩංගුවට ගන්න ඕනෙද මම අහන්නේ (බ)
ෆේස්බුක් එකට ඊයේ පෙරේද ආපු උන් දන්නේ නෑ මේක මොකක්ද කියල උන් එ්කේ දානවා ඕනිම එකක් මේක ජනාධිපති කෙනෙකුට කළත් එකයි අනෙක් කෙනෙකුට කළත් එකයි මරණ තර්ජනය යනු ඉතා භයානක දෙයක් උපරිම දඬුවමක් දෙන්න ඕනි ඕකුන්ට (බ)
මම හිතන්නේ මෙයාට යම් දඬුවමක් ලබා දීම ෆේස් බූක් වල ඉන්න අනිත් යටත් හොඳ පාඩමක් කියල (කෞ)
උපරිම දඬුවම් ලබා දිය යුතුයි(කෞ)
හොඳ දෙයක්. දෙන්න ඕන දැඩි දඬුවම්. තවත් අය ඉන්නවා. මහින්ද මහතාගේ මුහුණ මියගිය වෙනත් කෙනෙකුගේ ශරීරයට බද්ධකරලා එතුමාට අපහාස කරලා ෆේස් බුක් එකේ පලකල පුද්ගල්යින්වත් සොයා දඬුවම් දියයුතුයි. (කෞ)
අනේ මෙයාලයේ බොරු සෝබන. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න හදල දුන්න මිනිහ තමයි දැන් හැමෝටම නරක වෙලා තියෙන්නේ . (කෞ)
සල්ලි අට්ටි ගහන අතරේ ඩොලර් කුට්ටි ගහන්නත් දන්න අය ඉන්නවා මෙතන.(බ)
මෙතුමා මරන්න ආපු කොටි නිදහස් කරලා, ආගම වෙනුවෙන් කෑ ගහපු එකාට දඬුවම්. (අ)
අනේ මන්ද මොනවත් නොකියන එක මගේ ආරක්ෂාවට හොඳයි (කෞ)
හොඳ දඬුවමක් දෙන්න මතක හිටින්න අනෙක් අයටත් පාඩමක් වෙන්න. (ර)