මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටින එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් අද(4) ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.
රාජකාරී කටයුත්තක් සඳහා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා මෙලෙස දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක ප‍්‍රහාරයට ලක්ව ඇතැයි කියති.
එම අවස්ථාවේ අන්සාර් මහතා සමඟ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම්වරයාද මෙම ප‍්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වේ. අන්සාර් මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය ද මැලේසියාවේ අන්සාර් මහතාට ප්‍රහාරයක් එල්ලවී ඇති බව තහවුරු කළාය.
ශ්‍රී ලංකා රජය විසින් මැලේසියා රජය හා පොලීසිය සමඟ එක්ව නිසි පරීක්ෂණ පවත්වා සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද ,ඉන්පසුව ඊට අදාළ වැඩිදුර තොරතුරු ලබා දිය හැකි බවද ඇය කීවාය.
මේ අතර මැලේසියාවේ තානාපති ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිදුවීම සැලවීමත් සමඟ එරට පොලීසිය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දෙමළ ඩයස්පෝරාවගෙන් ප‍්‍රහාරයට ලක්වූ ස්ථානය වෙත පැමිණ ඇති අතර ඒ වන විටත් මහකොමසාරිස්වරයා එම විරෝධතාකරුවන්ගෙන් පහර කෑමට ලක්ව සිට ඇති බවය.
එම එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරා කණ්ඩායමේ පිරිස් එල්ල කළ ප‍්‍රහාර වලින් තුවාල ලැබූ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ දෙවන ලේකම්වරයා මේවන විට ක්වාලාලම්පූර් හි රෝහලක ප‍්‍රතිකාර ලබන බවද එම තානාපති ආරංචි කියයි.
ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීමට ඉකුත් 1වැනිදා මැලේසියාවට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පාමින් එරට වෙසෙන කොටි දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් එක්ව ක්වාලාලම්පූර් නුවරදී විරෝධතා රැසක් සංවිධානය කළ අතර හිටපු ජනපතිවරයා සෙනසුරාදා (03) ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ එරට අගනුවර පිහිටි සෙන්තුල් බෞද්ධ විහාරයට ද ඔවුහු ප‍්‍රහාරයක් එල්ල කළහ.
මේ අතර ප‍්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සෙනසුරාදා (3) රාත‍්‍රියේදී සිය නිල නිවසේදී එරට පැවති ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගීවූ අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සහ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පවත්වා ඇතැයි ද කියති.
විදේශ කටයුතු අමාත්‍යංශය එම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක්ද නිකුත් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පහරදීමට ලක්වූයේ ලංකාවේ තානාපතිවරයාය. ඔවුන් පහර දී ඇත්තේ සිංහලයන්ගේ නිජබිම වන ශ්‍රී ලංකාවටය. දේශපාලන බලපෙරේතයිනි, ඔවුන්ගේ ගැත්තනි, දැන්වත් ජාතිවාදය කියන්නේ මොකක්ද යන්න වටහා ගන්න (නි)
පුල්ලි හංගාගෙන සිටි කොටි දැන් ඉදිරියට පැමිණ දඟලන්න පටන් අරන් (නි)
කෝ අර තිලක්? මෙතන අදහස් දාන මැදපෙරදිග තිලක්? (නි)
මලයාසියා සංචාර අපිට නතරකරන්න වෙයිද? (නි)
ඔවු චතුරි, රට වෙනුවෙන් යමක්කළ මහින්ද ගැන අපිට අමාරුවක් තිබෙනවා තමයි (නි)
60% ක ශ්‍රී ලාංකිකයන්ට සතුටුයිද දැන්? (නි)
චතුරි, ඔබ කුමනාකාරයේ කෙනෙක්ද? (නි)
මහින්ද මැතිතුමාගේ අගය දැන් දැන් කාට කාටත් දැනෙනවා ඇති (නි)
මහින්දට නෙමෙයි එතුමාගේ දැක්මටයි හැමෝම වශීවෙන්නේ (නි)
ඔය පටන්ගත්තා විතරයි. තවටිකක් කිරි පෙවුවහම හරියයි (නි)
යුද්ධයෙන් 75% ඉවර කළේ චන්ද්‍රිකා නෝනා, ඉතුරු ටික කළේ ෆොන්සේකා මහතා. ඇයි දෙයියනේ මේ ඩයස්පෝරාවේ අය මහින්දවම කන්න හදන්නේ. (නි)
ඊයේ දිනයේ සිංහල රැකියා කරන කොල්ලෝ තැන් තුනකදී පහර කා ඇති අතර ඉන් 2 දෙනෙකුගේ තත්වය බරපතල බව ආරංචි වෙනවා. විසිදෙනෙකුට පමණ තුවාල සිදුවී රෝහල් ගතකර ඇත. ලංකාවේ තානාපති මැලේසියාවේ ගුවන්තොටුපලේදී පහර කෑමට ලක් වී තුවාල ලබා සිටිනවා. තත්වය ඉතා බරපතල බවක් තමා ආරංචිය (බ)
චතුරි මහා එවුන් ඇතිකළ සංහිදියාව තමයි මේ ලැජ්ජයි ලංකාවේ කියලවත් කියන්න එපා (බ)
ගුටිකකා ඉවසගෙන හරි සංහිඳියාවේ කට්ටියට රට ගෙනයන්න කොහොමහරි උදවු කරමු (නි)
මේ දේ ශ්‍රී ලංකාවටම කළ අගෞරවයක්. ජිනීවා නීති වලට අනුව ඒ රට මේ වුන සිද්ධියට සම්පූර්ණ වග කිව යුතුයි. (බ)
මේ ඩයස්පෝරා කාරයෝ අද බෞද්ධ හාමුදුරු නමකටත් පහර දුන්නා. මේවා ඉතාම නීච වැඩ. (බ)
රනිල් මැතිතුමා විටින්විට සිංගප්පූරු යනවිට මේවාගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. (බ)
සංහිදියාවේ ඇත්ත තත්වය පෙනෙනවා නේද (බ)
දැන්නම් මේ රටවලට යන්නත් බයයිනේ (නි)
ජාතිවාදී වියරුව සහ සංහිඳියාවේ මළගම! (නි)
චතුරි, ඔයාට විතරයි තේරුනේ. මේ කොටි ටික කියලා තියෙන්නේ මහින්ද මහත්තයට පක්ෂ සමුළුවට යන්න කියලා. නැත්නම් කොටින්ට එතුමත් එක්ක කිසි තරහක් නැහැ. මොකෝ එතුමා යුද්ධය ඉවර කළා කියලද? යුද්ධය ඉවර කළේ චන්ද්‍රිකා නෝනයි, රනිල් මහත්තයිනේ. (නි)
කොටින්ට කිරි පෙවීම රනිල් අල්ලපු රටේ ඉඳන් සැලැස්මක් කරනවා වගේ. බලන් ඉමු. (බ)
මේවට මොකුත් කියන්න එපා. සංහිඳියාව නැතිවෙයි (නි)
දැන් ඉතින් කොටියෝ රජවෙන කාලේ සිංහලයෝ නිවටයෝ වෙන කාලේ , තව අවුරුදු 5ක් ගියත් කොටිපුල්ලි මකන්ට ලේසි වෙන එකක් නැහැ. (බ)
වෙනස සැපද ඔබට? (නි)
දැන් පේනවා නේද රට බේර ගත්තේ කවුද කියා. රට පාවා දෙන හැත්තට ඕනේ තැනක යන්න පුළුවන්. කොටි ඩයස්පොරවෙන් සියලු සැලකිලි. වෙනස සැපයි නේද. (බ)
ඔහොම යමු. ඉස්සරහට ඔය ටික වෙන්නේ ලංකාවෙදිමයි. සහජීවනයේ තත්වය තමයි ඔය පෙනෙන්නේ. (නි)
සංහිඳියාව යනු කොටි ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ ලබා දීමයි. (බ)
මහින්ද , ගෝඨාභය දෙවියනි වඩිනු මන ඉක්මනට රට බේරා ගැනීමට !!!!! (බ)
දැන් ඉතින් මංගල මහත්තය කියයි මහින්ද ගිහින් නිදි කොටි ඇවිස්සුවා කියලා. (බ)
චතුරි අද ඔහොම කතා කරන්නෙත් මහින්ද සිටි නිසා බව අමතක කරන්න එපා. එ්කනේ මේකට හේතුවත්. මේ හුඟදෙනෙක් මහින්දට කඩේ යන අයම නොවෙයි, කරන්නේ කළගුණ සැළකීමක්. (නි)
කොහමද සංහිඳියාව.රාජිත වගේ අය ඉන්නකල් කොටි රජකරයි. (බ)
සහජීවනය මුවාවෙන් රටට වෙන්න යන විපතට මේක එක නිදසුනක් පමණි, මීට පෙරදී, යාපනය විශ්වවිද්‍යාලයේදී පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගතකළ සිසුවා පුවත්පත්වලට කියා තිබු "තිත්ත සහජීවනයේ ඇත්ත " ද තව නිදසුනකි, දෙමළ ඩයස්පෝරාවේ හා ඔවුන්ගේ නියෝජිතයන්ගේ අරමුණ ඔවුන් කිසිවිටකත් වෙනස් නොකරන බව නොදරුවොත් දනිති, එ්ත් රටේ පාලකයෝ එම සරල ඇත්ත නොදනිති. (බ)
දැන් සිටින අපගේ පාලකයන්ගේ සංහිදියාව යනු උන්ගේ වෛරය ක්‍රියාත්මක කිරීමයි, අපගේ ඉවසීමයි. (බ)
අදහස් දාලා තියෙන්නේ මානසික රෝගියොද? මැලේසියා ද්‍රවිඩයෝ කළ දේට රනිල් හෝ ආණ්ඩුව පළිද ? (බ)
ළඟදීම කොටි හොල්මන් ලංකාවෙත් නටන්න ගනීවි යන විදිහට. (බ)
මේවාට තදින් හිටියේ නැත්නම් ආයේ ලංකාවෙත් කොටි ඔලුව උස්සයි (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානය මේ වෙත යොමු කරන්න. හෙට දිනයේ ඔබටද මටද මෙය වියහැකිය. මෙයට මුහුණදුන් හැමෝම ලක්වැසියෝ. කාගේ උවමනාවක්ද මේ ඉටුකරන්නේ? (නි)
නාමල්, ඔබගේ නම ගැන මට ලැජ්ජයි. (නි)
කටේ තියෙන සිංහල බෞද්ධකම හිත් වල නැති බව ගොඩක් අදහස් වලින් පේනවා. (බ)
සමහරු මේවා දඩමීමා කරගෙන මෙහෙ දේශපාලන කෝන්තර පිරිමහන්න යන එක නම් වැරදියි. (නි)
චතුරිලා ,වාගේ අය ඉන්නකම් කොටියාටත්, කොටියට කඩේ යන අයටත් මගුල්. (බ)
මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයද? (නි)
තානාපතිකම් අරගෙන රට වෙනුවෙන් කිසිත් නොකර සිටීමේ ප්‍රතිඵලද මේ? (නි)
ඉස්සරහට එන්න එන්නම තත්ත්වය භයානකයි වගේ (නි)
කොටියා කොටියාම තමයි. එ්ක අායේ මකලාවත් හදන්න බැහැ. (නි)
අපේ විදේශ තානාපති කියන්නේ අපේ රට වෙනුවෙන් පෙනීසිටින නායකයා. මොකද කියන්නේ අපේ නිලධාරීන්ට විදේශයකදී පහර දෙනකොට? මෙහෙම කරනවා බලාගෙන සිටින සිංහලයින් නිවටයින් කියලයි හිතාගෙන ඉන්නේ නේද. තව ටිකක් ඉවසා ඉන්න. අපිට අපේ රටෙත් බැහැ, පිටත් බැහැ. එකසැරයක් ඉල්ලන් කෑවා. අනිත් සැරේ මොනවද ඉල්ලන්නේ? රටේ නායකයෝ නිදි වගේ. නැගිටලා බලන්න කාලය ඇවිල්ලා වගෙයි. අපි බලාගෙන ඉන්නේ ලෝකයා මොනවාද කියන්නේ කියලයි. (නි)
ඔව් නාමල් මහත්තයෝ, ඔබතුමා හැර අපි ඔක්කොම රෝගීන් තමයි. ඔබතුමා රෝගී වෙනකොට රටට වැරදිලා තියෙයි (නි)
යථාර්ථය නම් කොටි වත්මන් ආණ්ඩුවට ආදරය කරනවා. මොළේ තිබෙන මිනිසුන්ට ඇත්ත වැටහේවා! (නි)
කලින් සිට සැළසුම්කර කළ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
මටනම් පුදුමයි චතුරි වගේ අය කන්නේ බත්ද? තනකොලද?කියල? (අ)
මහින්දට කඩේ යන කට්ටියට ලොකු ඔලුවේ අමාරුවක් තියෙනවා. මහින්ද තම පක්ෂයට පයින් ගහලා මැලේසියාවට ගියේ. කට්ටිය පිළිගන්න ඉන්නවා කිවුවට බලනකොට පළිගන්න ඉඳලා තියෙන්නේ. වශී බොලේ අරන් යන්න අමතකවෙලා ඇති. මෙතන අදහස් ලියලා ඉන්න සමහරු නම් හොඳටම වශීවෙලා ඉන්නේ. (නි)
කවුරු කළත් මේවා කැත වැඩ (නි)
නාමල්ට කන්න හිතුනහම කබරගොයත් තලගොයා වගේ පෙනෙනවා නේද? මේ ආණ්ඩුව කළදේවල් නිසයි කොටියෝ ඔය තරමට පිම්බුනේ. මීටකලින් අපි ඔතරම් නිවටව ඉවසුවේ නැහැ. (නි)
දෙවියනේ! මේ මොනවාද සිද්ධවෙන්නේ? (නි)
කලින් පැවති රජය කාලේ කොටින්ට හොඳ විසඳුමක් දුන්නා. ඊළඟට ලංකාවෙත් පටන්ගත්තොත් තමා වැඩේ. ඔන්න දැන් යහපාලනේ! අපිට සතුටු වෙන්න පුලුවන්ද දැන්.....???? (නි)