මලයාසියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි අන්සාර් මහතා දෙමළ විරෝධතාකරුවන් පිරිසකගෙන් ප‍්‍රහාරයකට ගොදුරු වූයේ එරට පරිපාලනයේ ඇති දුර්වලතා සහ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළ පර්යන්තයේ පවතින දැඩි අනාරක්ෂිතභාවය හේතුවෙන් යැයි ඉන්දියාවේ පළවන ‘‘ ඉන්දියන් එක්ස්ප‍්‍රස් ’’ පුවත් සේවය කියයි.
එසේම ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එවැනි ප‍්‍රහාරයක් එල්ල වූ ක්වාලාලම්පූර් ගුවන්තොටේ විශේෂ අමුත්තන් සඳහා වෙන්වු විශේෂ ආරක්ෂාවක් නොමැති කමින් යැයි ද රජයේ ප‍්‍රකාශයකු උපුටා දක්වමින් එම පුවත්පත පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආසියානු ජාත්‍යන්තර පක්ෂ සම්මේලනයට සහභාගී වීම සඳහා මැලේසියාවේ කළ සංචාරයේදී යම් යම් අනාරක්ෂිත තත්ත්වයන් වාර්තාවන බව අන්සාර් මහතා මැලේසියා පොලීසයට පවා දැනුම් දී තිබුණද එම පොලිස් බලධාරීන් විසින් ඒ පිළිබඳ තැකීමක් නොකළ බවද එහි සඳහන් ව ඇත.
කෙසේ වෙතත් මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට ගුවන්තොටුපළේදී ප‍්‍රහාරයකට ගොදුරු වීමට මත්තෙන් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ නිවසට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බවට එරට පොලීසියට තොරතුරු පවා ලැබී තිබුණු බවද ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
ඒ පිළිබඳ සලකා බලමින් එක් දිනකට පමණක් මලයාසියා පොලීසිය ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ආරක්ෂාව ලබා දුන් බවද එම පුවත්පත කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක් සහ රටක් වශයෙන් මේකට සම්පුර්ණයෙන්ම විරෝදත්වය පළකළ යුතුයි. එහෙම නැත්නම් විදේශගත සියලුම ලාංකිකයන්ගේ වටිනාකම ලෝකයේ තවත් බාල්දු වෙන එක නවත්වන්න බැහැ. (නි)
ලලිත්, ඔයා දමාම් වලට වෙලාම ඉන්න. මොකද මේ වෙනකොට ඔයා වගේ හිතන අය මෙහෙට අඩුවක් නැති නිසා. (ර)
මේ රජයට ලෝකයේ හැම රටකින්ම වාගේ පිළිගැනීමක් සහයෝගයක් තියෙනවා කියලා පුරාජේරු කිව්වට ඒක මුසාවක් කියලා ඔප්පුවුණා (නි)
ප්‍රභාකරන්ව අවසානය ළඟාකරපු සටනට සහයෝගය දුන්නේ මහින්ද මහත්තයා නිසා පිටරටට වෙලා ඉන්න කොටි පළිගන්නයි එහෙම කරන්නේ. (නි)
සමහරු මේකත් රාජපක්ෂවරුන්ට විරුද්ධව යොදාගන්න හැදුවා නේද? ඔය දීලා තියෙන්නේ නියම උත්තරය (නි)
එතකොට ඉන්දියාවේ රජීව් ගාන්ධිව මැරුවේ ඉන්දියාවේ ආරක්ෂාව හා පරිපාලනය හොඳ නිසාද? (නි)
එතකොට බෞද්ධ විහාරස්ථාන සහ ඒවායේ වැඩවෙසෙන ස්වාමින් වහන්සේලාගේ ආරක්ෂාව ගැන ඇයි කවුරුත් කතාකරන්නේ නැත්තේ? (නි)
අපි බලමුකෝ මොකක්ද මේකට ගන්න පියවර කියලා (නි)
අඩියෙන් අඩිය සහ හැම විනාඩි තුනකට වරක්ම පොලිස් වාහන ගමන් කරන සෞදියේත් මීටවඩා බරපතල දේවල් සිද්ධවෙනවා නම්, දැවැන්ත ආරක්ෂක වළල්ලක් තිබුන ප්‍රේමදාස ජනාධිපතිතුමා රජිව් මහතා වගේ අයත් විනාශකළා නම්, මැලේසියාව වගේ ත්‍රස්තවාදය නැති රටක මොන කතාද? මේවා දිහා දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව යථාර්ථය ගැන හිතන්න (නි)
මලයාසියාව කොටි රටක් වෙන්න ඇති ඔය තරම් හයියක් ඇත්තේ. මලයසියාවෙන් පරිස්සම් වියයුතුයි. (ර)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)