මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවන් රැසක් සිදු කළ බව කියන පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපාළේදී ආගමන විගමන නිලධාරීහු අද උදෑසන සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු කුරුණෑගල පදිංචි තිස් හැවිරිදි තරුණයකු වන අතර ඔහු පසුගිය ජනවාරි මාසයේ මලයාසියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. තවත් රැකියා ඒජන්තවරයෙකු සමග එක්ව සැකකරු මේ වංචාවන් සිදුකර ඇතැයි වාර්ථා වේ.
විදේශ ගමන් අත්හිටුවා ඔහු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ අධිකරණයෙන් ආගමන විගමන අංශයට ලබා දුන් ලබා දුන් නියෝගයක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කීය.
සැකකරු අද උදෑසන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 319 දරණ ගුවන්යානයෙන් මලයාසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී පැමිණීමේ පර්යන්තය බාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීවරුන් වන ජයන්ත රත්නායක සහ ශ‍්‍රී ස්කන්ධ රාජා යන නිලධාරීන් වසින් අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසියට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කොතරම් දැනුවත් කළත් රටේ තිබෙන ආර්ථික තත්වය අනුව කොහොම හරි වෙන රටකට ගිහින් යමක් හොයාගන්නයි අද අපේ මිනිස්සු වෙර දරන්නේ. ලෝකේ තිබෙන වැඩිම කැබිනට් මන්ඩලය නඩත්තු නඩත්තු කරන්නෙත් අපේ බදු වලින් නේද?(නදී)
අපේ අයියටත් ඔයටිකම වුණා. හැබැයි හිරේ යන්න වුණේ නැහැ, වෙලාවට. එකම සෙට් එකක් තමයි ඕක කරන්නේ. (නි)
දුප්පත් අහිංසක මිනිසුන් රවටා සල්ලි ගසා කන මේ වගේ තක්කඩි උන්ට උපරිම දඬුවම් දෙන්න.(නදී)
මගේ මල්ලිවත් මැලේසියාවේ රක්ෂාවකට යවන්න හලාවත ප්‍රදේශයේ කෙනෙක් ලක්ෂ දෙකක් අරගෙන එහෙ යැව්වා. මාස තුනකට පස්සේ වීසා ඉවරයි කියල එහෙ පොලිසියෙන් අත්අඩංගුවට අරන් මාස 6 ක් හිර ගත කළා. හිරෙන් නිදහස් උනාට පස්සේ යහළුවෙකුගෙන් නයට මුදල් අරන් ටිකට් එකක් හදාගෙන පසුගිය මාසේ ලංකාවට ආවා.(නදී)
1988 ලක්ෂ 8 නැතිවෙලා කන්නත් නැතුව මම ලංකාවට ආවා. අනිත් අය හිරේට ගියා. හොර තක්කදියන්ට අහු වෙන්න එපා. ඔවුන්ට උපරිම දඩුවන් දෙන්න.මම දැන් ඉතාලි වල අවුරුදු 23ක්. (නි)