ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගනිමින් කොළඹ තරු පහේ හෝටල්වලින් සේවා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම්කාර මැලේසියා ජාතිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (3) අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළාය.
මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටවනු ලැබූ විනිසුරුවරිය රුපියල් රුපියල් 60,000ක දඩයක්ද වැරදිකරුට ගෙවීමට නියෝග කළාය.
මෙම මැලේසියා ජාතිකයා එච්.අයි.වී ආසාදිතයකු බවට තොරතුරු ලැබී ඇති හෙයින් දඬුවම් අවසන්වූ වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කෙරිණි.
කොළඹ සුපිරි තරු හෝටල් දෙකකින් ලබාගත් සේවා වෙනුවෙන් රුපියල් 1,65,000ක පාඩුව එම ආයතනවලට ගෙවීමටද නියමවූ අතර එය පැහැර හැරියහොත් අමතර මාස 6ක ලිහිල් සිර දඬුවමකටද විත්තිකරු යටත් කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
කොළඹ ප්‍රධාන හෝටලයකදී රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ලුවී වර්ගයේ මත්පැන් බෝතලයක් මිලට ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ සැකයක් මත රහස් පොලිසිය මගින් කළ පරීක්ෂණ අනුව අදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේයා ලංකාවේ කෙල්ලෝ කී දෙනෙක් අමාරුවේ දාන්න අද්ද ? (නදී
ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම්කාර මැලේසියා ජාතිකයකුට..මම ලංකාවේදී සුපර් මාර්කෙට් එකෙන් රුපියල් 3500 ක බදු අරගෙන දවස් 3 කට පස්සේ මගේ කාර්ඩ් එකෙන් කවුද මැලේසියාවේදී රුපියල් 65000 ක් වටිනා ෆෝන් එකක් අරගෙන. (බ)
මේචචර ගණන් දීලා මත්පැන් බොන මිනිසුස්ත් ඉන්නවනේ? (නි)
තිලක් ඩුබායි ,ඔබට යුරෝපා රටවල බැංකු විසින් කරන්නාක් මෙන් රක්ෂණයෙන් එම සම්පූර්ණ මුදල නැවත ලැබුණාද රුපියලක් අඩු නැතුව ? (නි)
මේ මනුස්සයව හිරේ දාලා අන්තිමේදී මුළු බන්දනාගාරයටම ලෙඩේ පතුරුවයිද?(නදී)
අවුරුදු 10 ක් ඔය මිනිහා අපේ රටේ නිදහසේ ඉන්නකොට තව කීදෙකුට ලෙඩ බෝකරයිද? (නි)