ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගනිමින් කොළඹ තරු පහේ හෝටල්වලින් සේවා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම්කාර මැලේසියා ජාතිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (3) අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළාය.
මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටවනු ලැබූ විනිසුරුවරිය රුපියල් රුපියල් 60,000ක දඩයක්ද වැරදිකරුට ගෙවීමට නියෝග කළාය.
මෙම මැලේසියා ජාතිකයා එච්.අයි.වී ආසාදිතයකු බවට තොරතුරු ලැබී ඇති හෙයින් දඬුවම් අවසන්වූ වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කෙරිණි.
කොළඹ සුපිරි තරු හෝටල් දෙකකින් ලබාගත් සේවා වෙනුවෙන් රුපියල් 1,65,000ක පාඩුව එම ආයතනවලට ගෙවීමටද නියමවූ අතර එය පැහැර හැරියහොත් අමතර මාස 6ක ලිහිල් සිර දඬුවමකටද විත්තිකරු යටත් කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
කොළඹ ප්‍රධාන හෝටලයකදී රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ලුවී වර්ගයේ මත්පැන් බෝතලයක් මිලට ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ සැකයක් මත රහස් පොලිසිය මගින් කළ පරීක්ෂණ අනුව අදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලයාසියා මහ ලෙඩෙක් ලංකාවෙන් පන්නයි
මනෝජ් Tuesday, 04 August 2015 12:57 PM
මේයා ලංකාවේ කෙල්ලෝ කී දෙනෙක් අමාරුවේ දාන්න අද්ද ? (නදී
තිලක්-ඩුබායි Tuesday, 04 August 2015 01:40 PM
ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම්කාර මැලේසියා ජාතිකයකුට..මම ලංකාවේදී සුපර් මාර්කෙට් එකෙන් රුපියල් 3500 ක බදු අරගෙන දවස් 3 කට පස්සේ මගේ කාර්ඩ් එකෙන් කවුද මැලේසියාවේදී රුපියල් 65000 ක් වටිනා ෆෝන් එකක් අරගෙන. (බ)
වසන්ත Tuesday, 04 August 2015 11:18 PM
මේචචර ගණන් දීලා මත්පැන් බොන මිනිසුස්ත් ඉන්නවනේ? (නි)
පෙරේරා Tuesday, 04 August 2015 03:35 PM
තිලක් ඩුබායි ,ඔබට යුරෝපා රටවල බැංකු විසින් කරන්නාක් මෙන් රක්ෂණයෙන් එම සම්පූර්ණ මුදල නැවත ලැබුණාද රුපියලක් අඩු නැතුව ? (නි)
ඉසුරන්දි Wednesday, 05 August 2015 04:30 AM
මේ මනුස්සයව හිරේ දාලා අන්තිමේදී මුළු බන්දනාගාරයටම ලෙඩේ පතුරුවයිද?(නදී)
සේන Tuesday, 04 August 2015 12:26 PM
අවුරුදු 10 ක් ඔය මිනිහා අපේ රටේ නිදහසේ ඉන්නකොට තව කීදෙකුට ලෙඩ බෝකරයිද? (නි)